අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ අයදුම්පත් පෙබරවාරී 02 වැනිදාට පෙර ලැබීමට සලස්වන ලෙස විභාග දෙපාර්තුමේන්තුව ඉල්ලයි.

ප්‍රතිඵල සම්බන්ධ යම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් 011 278 4208, 011 278 4537, හෝ 1911 දුරකථන අංකවලින් විමසන ලෙසද දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

නැවත සමීක්ෂණ අයදුම්පත් එවීමේදී පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන්ද, පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තුමේන්තුවට තැපැල් මඟින්ද එවිය යුතු බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.