බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනයක උසස් නිලධරයින්ගේ දෝෂාරෝපණයට ලක් වු බව කියන තරුණ සේවිකාවක දැඩි ලෙස රෝගාතුර වී පානදුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.
කොළඹින් බොහෝ බැහැර ඥාතියකුගේ අවමඟුලකට යෑම සඳහා නිවාඩු රැගෙන ගිය බව කියන මෙම සේවිකාවගේ නිවඩු ඉල්ලුම්පත්‍රය නියමිත පුද්ගලයා මගින් අනුමත කර නොගත්තැයි කියන සිද්ධියක් මත ඇය කැඳවා කාර්යාලයයේදී දෙවරක්ම දෝෂාරෝපණය කිරීමෙන් පසුව ක්ලාන්ත වී රෝහල් ගත කළ බවත් ඇය දැඩි ලෙස ආතතීයකට පත් වී ඇති බවත් වෙද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න වලදී මිනිසුන් ප්‍රතිචාර දක්වන දිහා බැලුවහම අපේ රට ගැන අපට විශාල දුකක් දැනෙනවා. (දිල්)
නිවාඩු අනුමත නොවී නිවාඩු ගැනීමෙන් සේවිකාව කර ඇත්තේ වරදක් බව සැබැවි. නමුත්, ඇගේ ප්‍රධානියාට තිබුනේ දෙවරක් දෝෂාරෝපණය නොකර අනාගතයේදී එවැනි දෙයක් යලිත් සිදු වූ විට විනය පරීක්ෂණයක් පවත්වන බවට අනතුරු හැඟවීමකි. එක වරදට දෙපාරක් දඬුවම් කරන සිරිතක් නැත. ෆේස්බූක් කතාවේදී හරියටම සිදුවුනේ කුමක්දැයි යන්න සොයා බැලීමට පරීක්ෂණයක් පැවැත්වේ. එමගින් සත්‍යය හෙළිවනු ඇතැයි විශ්වාස කරමි. (දිල්)
රාජ්‍ය ආයතනයක මේ වගේ උනන්දුවෙන් සේවය කරන නිලදාරීන් සිටීම ගැන සතුටු වෙමි. නොදන්වා සේවයට නොපැමිනීම වරදක් බව මීට පස්සේ මේ සේවිකාව දැන ගනීවි. එතකොට ඔය කියන ආතතිය හරි යාවි. (නදී)
ඇත්ත.මේ කියන අදහස් වල දෙපැත්තක් තියෙනවා. නිවාඩු අනුමත නොකර අවමඟුලතට සම්බන්ධ වෙන්න බැරි නැහැ. උදාහරණයක් විදියට මමත් මගේ තාත්තා මියගිය වෙලේ තාත්තාත් එක්ක ගෙදරයි හිටියේ. තාත්තා මියගිය බව දැනුම් දීමක් කරලා තාත්තාගෙ හත් දවසේ දානෙත් ඉවර වුථාමයි වැඩට ආවේ. ඇවිත් නිවාඩු අනුමත කර ගත්තා විතරක් නෙමෙයි ඒ වෙනකොට මම උපාධිධාරි අභ්‍යාසලාභිනියක් විදියට හිටපු නිසා මගේ මාසික පඩියෙන් නිවාඩු දින සඳහා නියමිත ගාණත් කැපිලයි මාසෙ අන්තිමේ මට පඩිය ලැබුණේ. එතකොට අපිට මාසෙට ලැබුණෙ අනුමත නිවාඩු දෙකත් එක්ක රු. 10,000.00යි. මේ නිලධාරිණියගෙ තත්වය මොකක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ආයතනයක නිලධාරියෙකුට එලෙස නිවාඩු ගත්තැයි කියලා දොස් නඟන්න බැහැ. උදාහරණයක් විදියට රජයේ ආයතනයක යමක් අනුමත කර ගන්න අත්‍යාවශ්‍ය වෙන්නේ මාණ්ඩලික නිළධාරියාගේ අත්සනයි සීල් එකයි. ඒකට එයාලා වෙනුවෙන් වැඩ බලන කෙනෙක් හරි ඉන්නම ඕන. නැතුව අපිට අත්සන් කරන්න බැහැනේ. එහෙම කවුරුහරි නොදන්වා නිවාඩු ගියානම් වැරුද්දක්. හැබැයි එහෙම මාණ්ඩලික නිලධාරියෙක් කොයි තරම් අපට හදිසි වැඩක් තිබිලා අත්සන හරි අනුමැතිය ඕනවෙලා තිබිලා එයා නිවාඩු ගත්තා නමි මොනවා හරි හේතුවකට අපි එයාට බනින්නයැ. එහෙම අයගෙ නිවාඩු බොහෝවිට අත්‍යාවශ්‍ය රාජකාරි. අනෙක් පැත්තෙන්, පුරුද්දක් විදියට නිවාඩු දාන අයත් ඉන්නවා අම්මා මළා තාත්තා මළා කියලා. කොහොම වුණත් ධම්ම ,භානු කියනවා වගේ ආතතියට ඔරොත්තු නොදෙන පිරිසක් අද රාජ්‍ය සේවයේ ඉන්නවා ඉහළ තැන්වල පටන්ම. තමන් අත වැරැද්දත් නැත්නම් මගෙ අදහස තමයි මොකටද බය වෙන්නේ.(නදී)
නිවාඩු කියන්නේ වරප්‍රසාදයක් නෙවෙයි. ඕනම සේවකයෙක් ඒක දන්නවා. ඕනෙම හේතුවක් රාජකාරියට යටයි.(නදී)
අනේ මෙහෙම නිලධාරීන්.(නදී)
මෙයත් නිලධාරියෙක්ද? (නදී)
බෝල මිරිකන්නේ නැති සේවක- සේවිකාවන්ට හිරිහැර කිරීම රාජ්‍ය ආයතන වල සුලභ සිද්දියක්. අසූව දශකයේදී බෙහෙත් සම්බන්ද සංස්ථාවක ඔවැනි හිරිහැර විඳ මම පුද්ගලික අංශයේ රැකියාවකට ගොස් පසුව මව්බිම සදහටම හැරදමා විදේශයක පදිංචි වූවා. (නදී)
පව් අනේ (දිල්)
ආතතීයට ඔරොත්තු නොදේ නම් දැන් කාලේ රැකියා කරන්න අපහසුයි. හැබැයි මේ බැණවැදීම් වගේ දේවල් නම් නිළධාරීන්ට ගැලපෙන වැඩ නොවෙයි. (නදී)
නායකත්ව සුදුසුකම් නැති නිලදාරීන් ගියාම ඔහොම තමයි.(නදී)
දැන් ඉන්න තරුණ පරපුරට දරා ගැනීමේ හැකියාවක් ඇත්තෙම නැහැ. පුද්ගලික ආයතන වල නම් කොහොමටත් හිතෙන හිතෙන විදියට නිවාඩු ගන්න බැහැ. පාසල් දැරිය ගේ ඉඳල රැකියාව කරන තරුණිය දක්වාම කාගෙන් හරි දොසක් අහපු ගමන් කඩා ගෙන වැටෙනවා. මේ වගේ වුනාම කොහොමද අනාගත ජීවිතය සාර්ථකව ගත කරන්නේ. (නදී)
රජයේ සේවයට පත්වීම් ලැබුන ගමන් අද ඉන්න තරුණ උදවිය හිතන්නේ දෙමව්පියන් ගේ බූදලයක් කියලා. අනුමැතියක් නැතිව නිවාඩු යන්න ඉඩ දෙන නීතියක් කොහෙද තියෙන්නේ. අපි රජයේ තැනකට වැඩක් කරගන්න ගියාම වරු ගණන් රස්තියාදු වෙන්නේ මේ වගේ සේවකයන් නිසා තමා. (නදී)
ආතතිය හැදෙන්නේ රජයේ ආයතන වලින් වැඩක් කරවා ගන්න යන අපිට. මොන වෙලාවක ගියත් කියන්නේ අහවලා නිවාඩු හෙට එන්න කියලා. සමහර විට මෙම සේවිකාව පුරුද්දක් විදියට අනුමත නොකළ නිවාඩු අරන් යනවාද දන්නේ නැහැ. කම්කරු නීතියේ හැටියට ඒක වැරද්දක්.(නදී)
මම වැඩ කරන තැන නම් අනුමත නොකර නිවාඩු යන අයව විනය පරීක්ෂණයක් තියල කෙලින්ම ගෙදෙර යවනවා. බනින්න වත් වෙලාවක් ගන්නේ නැහැ. ඒ නිසා බැනුම් අහල හරි රැකියා ව බේරුනා ට සතුටු වෙන්න ඕනා. වැරැද්ද තමන් අතේ. (නදී)
රාජ්‍ය ආයතන වල නිලධාරීන් සඳහා විවේචන වලට ඔරොත්තු දීමේ හැකියාව,ආවේග කළමණාකරණය සහ පෞර්ෂත්වය වැඩි දියුණු කිරීමේ වැඩසටහන්,ව්‍යාපෘති ලෙස දියත් විය යුතුයි.රාජ්‍ය සේවකයා යනු රටක ගමන් මග තීරණය කරනා වටිනාම සම්පතක් !(දිල්)
ආයතනවලට ගොපල්ලෝ පත් උනාම ඔහොම තමයි. ගණන් ගන්න එපා.(නදී)
නිවාඩු ගත්තා කියලා මටත් බැනලා තියෙනවා (දී)
නිලදාරියා නිකන් ලෙඩක් දාගත්ත විනය පරීක්ෂණයක් තියල අදාළ කටයුතු කලානම් ඉවරනේ.(දී)
දැන් ඉතින් ඔය ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් වෙන්නේ ඔය නිලධාරියටම තමයි.(නදී)
අවමගුලක් උනාම ලොක්කාත් නිවාඩුනම් අනිත් කෙනා අවමගුලට නොගිහින් ඉන්න ඕනෙද? අවමගුල කියන්නේ කල් දන්නා පුළුවන් දෙයක්ද? අනික විශේෂයෙන් පවුලේ කෙනෙක් නම් යායුතුමයි නේද? ඔය කොයි ආයතනයේත් හොද නරක දෙගොලෝම ඉන්නවා. (අ)
යකාගේ වැඩක්නේ. කෙල්ලෙකුට බැනල බෙල්ලේ වැල දාගත්තම ප්‍රින්සිපලුයි, ෆේස් බුක් එකයි පලි. කෙල්ලෙකුට කලන්තේ හැදුනම ලොක්ක පලි. මොකක්ද කරන්න ඕනේ? අනේ බුදු දුවේ කොල්ලො එක්ක තැන් තැන් වල ෆොටෝ ගහල ලෝකෙටම පෙන්නන්න එපා කියල කකුල් දෙක අල්ලල වැන්දොත් හරිද? අනේ සුදු නංගියේ කියන්නෙ නැතුව නිවාඩු ගන්න එක හොඳ නෑ පැටියෝ කියන්නද ඕනේ? (අ)
ආයතන ප්‍රධානියා බැනපු පලියට මෙහෙම ලෙඩ වෙනවා නම් ලංකාවේ කාන්තාවන් ගෙන් ඔක්කොම රෝහල් පිරී ඉතිරී යාවි. මම රජයෙන් ඉල්ලන්නේ වගකීමක් ඇතිව වැඩ කරන පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියල. හිතුමතේට නිවාඩු ගැනීම වරදක් බව මේ සේවිකාව දන්නේ නැද්ද? එහෙම ගියාම ආයතන ප්‍රධානියා කොහොමද එදිනෙද අත්‍යාවශ්‍ය වැඩ කටයුතු කරන්නේ. ? තමන් ට අසනීපයක් නම් කමක් නැහැ. මල ගෙදෙරක යන්න හිතුමතේට නිවාඩු ගැනීම නිලධාරියා ගේ බැනීම ට වැඩිය ලොකු වැරද්දක් ! (අ)