කුෂාන් ජයවර්ධන )

කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙනයන නව ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටිම නිසා ඉපලෝගම අළුත් අක්කරය ප්‍රදේශයේදී කලාවැව නව ජයගගේ බැම්මට බරපතළ හානි සිදුව තිබේ.

ඉකුත්දා ඇද හැළුනු වර්ෂාවත් සමග ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදුවූ බව ප්‍රෙද්ශවාසීහු පවසති.

ප්‍රෙද්ශයේ ගම්මාන රැසක් සදහා ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගග බැම්මයි..

මීට දින තුනකට පමන පෙර පැවැති වැසි සහිත අවස්ථාවක එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටුණු බව ගැමියෝ කියති.

බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාලුවට ද ලක්වෙමින් තිබේ. මේ වනවිට වගාවන් සදහා අවශ්‍ය  ජලය ද ජය ගග ඔස්සේ නිකුත් කර තිබේ.

මේ දිනවල ජයගගේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි  ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගමන් කරමින් තිබෙන අතර එමගින් අදාල ස්ථානයේ සෝදා පාලුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවති.

එම ස්ථානයද මෙතෙක් අලුත් වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බවද එම ගැමියෝ කියති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කලමනාකාරවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළ දඑම අවස්ථාවේ කාර්යාලීය දුරකතනයට පිළිතුරුන් ප්‍රකාශිකාවක සදහන් කලේ නේවාසික ව්‍යාපාර කළමානාකාරවරයා ඒම අවස්ථාවේ රැස්වීමකට සහභාගී වී සිටින බවයි.

පසුව අප ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර එහිදී අප කළ විමසීමකදී ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ අදාළ අංශ කඩිනමින් දැනුම්වත් කර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි.