නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දනගැස්වීම නිසා දඬුවම් ලැබූ වයඹ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට එරෙහිව අද ඇපෑලක් ඉදිරිපත් කළේය.
2013 ජූනි 14 වැනි දා මේ ගුරුවරිය දණගැස්වූ බවට තීරණය කළ පුත්තලම මහාධිකරණයට ඔහුට තෙවසරක සිර දඬුවමක් පනවා එය වසර හතකට අත්හැටුවීය.
රුපියල් 50,000ක දඩයක් හා රුපියල් තුන් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කැරිණි.
පසුගිය මැයි 12 වැනි දා දුන් එම තීන්දුව නිෂ්ප්‍රභ කර තමා නිදොස්කොට නිදහස් කරන්නැයි සරත් කුමාර ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සේවය කරන්න ඇවිත් මන්ත්‍රී කමත් නැති කරගෙන දඩත් කාල අසරණ උණු මේ උතුමාට අපි රුපියල රුපියල එකතු කරලා දෙමු. ඉහල උසාවියෙන් වත් සහනයක් ලැබෙන තුරු. ආයිත් නම් ඉස්කෝලයකට නිකම් වත් යන්න එපා හිටපු මන්ත්‍රී තුමෝ. මිනිසුන්ට ඔබතුමාගේ සේවය ඕන නැත්නම නිකම්ම ඉන්න.(නදී)
මෙයා වසර 100 කට හිරේ දාන්න ඕන. ළමයට තවම හරියට ඇඳුමක් මහල දීල නැතිලු. එ්කට වෙනම දඬුවමක් දෙන්න ඕන. මේ වගේ අයට චන්දෙ දෙන මෝඩ මිනිස්සුත් ඉන්නවා නේ. (ස)
කවීන් තව දුරටත් චන්දෙ දුන්නොත් අපි හිතන රට හදන්ඩ බැරි වෙනව. එක වරක් මේ අයට පාඩමක් උගන්වමු. අායිත් බලයට ගෙනාවට කමක් නෑ. (ස)
ඇපැලෙන් දූන් පළමු තීන්දුවට අමතරව එම පාසැල තුළ මොහුටත් දණ ගසන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමි. (ස)
ආයුධ පෙන්නන ගෙනියන්න තියෙන්නේ තවත් දගලන්න ගියොත්. (නදී)
වන්දිය සහ දඩය දෙගුන කරලා වසර හැටකට බරපතල වැඩ ඇතුව හිරේ දාන්න ඕනේ.(නදී)
නීතිපති දැනටමත් කල යුතු දේ තීරණය කරල ඇති.
හොද වැඩක් කරලා තියෙන්නේ , මෙයාට ලැබුනු දඩුවම මදි නිසා තවත් දඩුවම් ඉල්ලගන්න තමයි දගලන්නේ (නදී)
මේ ඉල්ලන් කන්න යන්නේ , සමහරවිට සිර දඩුවමකුත් ලැබෙයි.(නදී)
මේ ගුරුවරිය ස්ව කැමැත්තෙන් දන ගසා ගත්තාවත්ද. මොකද දේශපාලක තුමා රජයේ කෙනෙක්. අදත් අපේ රටේ නීතිය බරපතල ලෙස ප්‍රස්ණකාරී වෙලා.(නදී)
හරි වැඩේ. ගෙවපු වන්දිය ආපහු ගෙවන්න වෙයිද? (නදී)
ගත්ත සල්ලි ආපහු දෙන්න වෙයිද දන්නේ නෑ. (නදී)
සුසිලා ගුරු මහත්මියට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වුනේ පාසල් දරුවන්ගේ විනය හදන්න ගිහිල්ලා. හැබැයි මේ වගේ විනයක් නැති දේශපාලකයන්ගේ විනය හදන්න යනකොට රටේ නීතියත් අභියෝගයට ලක්කරන්න තරම් මේ අය මාන්නයෙන් උදම් වෙලා. මොවුන්ට ජනතා අධිකරණයකින් දඬුවම් දීලා, සමුපකාර සමිතියකවත් නිලතල දරන්න ඉඩ නොදෙන්න තරම් අප බුද්ධිමත් විය යුතුයි. (නදී)
අනේ ලක්ෂ තුනක් දෙනවා නම් මාවත් දන ගස්සන්න.(නදී)
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතමු.(නදී)
මෙම අැපෑල සලකා බලා මොහුට දැඩි දඬුවම් දෙන්න. (නදී)
මේක මාර වැඩක්නේ මෙහෙම ගියොත් ලංකාව මහා විහිළු ගොඩක් වෙනවා. (නදී)
ඕක හිතන්න තිබුනේ ඔය සිද්ධිය තමා අතින් වෙන්න කලින් නේද? (නදී)
ගුරුතුමිය වරදකට පටලවල එතුමියට වන්දි ගෙවන්න සිද්ද උනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
දුන් දඬුවම ලිහිල් වැඩි. අනේ දෙවියනේ ඔයිට වැඩිය ලොකු දඩයක් ගැහුවොත් .සාදු,සාදු. (අ)
දඬුවම ලිහින් වෙන්නේ නැතිවෙයි (ස) .
මේයාට මීට වඩා දඩුවමක් දෙන්න තියෙන්නේ ඉහල උසාවියකින් . (අ)
ගුරු මවක් දණ ගැස්සුව යම් කිසි කෙනෙක් වේද ඔහුට අත් නොසිටුවා දෙන දඩුවම් ලැබෙන්න කියලා මගේ පෞද්ගලික ප්‍රාර්ථනාව. (අ)
නඩුකාර තුමනි මේදාපාර හිරගෙට යවන්න කටත් එක්කල හොද පාඩමක් ඉගෙන ගන්න (අ)
ඇයි ඉතින් තවත් මෝඩ වැඩක් කරන්නද? (නදී).
මෙයා එදිනම සවස දෙකට පෙර රුපියල් 300,000/= දඩය ගෙව්වලු නේද? ඒ කියන්නේ විත්තිකරු වරද පිළිඅරන්. එතකොට ඇපෑලක් ඉදිරිපත් කරන්නේ දඩය ගෙව්වා කියල අර කාටද වගේ අමතක වෙලාද?.අනේ මන්දා.(නදී)
ගුරු ගෞරවය හා විනය ගැන දෙමාපියන් කියලා දුන්නනම් මෙහෙම වෙන්නේ නැ(දිල්)
කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බලලෝ කිව්වලු. මේ මනුස්ස්‍යයා කවදාවත්ම පාසලකට ගිය කෙනෙක් වෙන්න බැහැ. ගුරු මාතවකගේ අගය ගැන නොදන්නා නිසයි මෙහෙම දෙයක් උනේ.(නදී)
ආයිමත් කාව හරි දනගස්සවන්න. එවිට නිදහස් කරයි.(නදී)
දේශපාලනයට එන අයගේ පවුල් පසුබිම ඔවුන්ගේ චර්යාවෙන් ම පේනවා. මහා උගත්කම් නැතුවාට කමක් නැහැ. නමුත් ශීලාචාර, විනයක් ඇති පවුල් පසුබිමක් වත් තියනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. (ස)
නිල තල බලය පෙන්නන් අමනුෂ්‍ය වැඩ කරලා නිදොස් කොට නිදහස් කරන්නත් කියලා එයා ඊට පස්සේ එයාගේ නම්බු නාමයට අපකීර්තියක් උනා කියල අර අහිංසක ගුරු මාතාවගෙන් වන්දිත් ඉල්ලයි. මම නම් තීන්දු දෙන්නේ මරණ දඬුවම. මම හිතන්නේ මෙයාලා වැරදිලා මනුෂ්‍ය ආත්මයක් ලබල තියෙන්නේ. මොවුන් වගේ අය තමයි රට කන්නේ.(නදී)
මන්ත්‍රී තාත්තාගේ විදියෙන් ම දුවගේ හැදියාවත් මැන ගන්න අපිට පුළුවන්. (ස)
ඇපෑල ජයගෙන කලින් නඩු තීන්දුව නිෂ්ප්‍රභා කලොත් ගුරුතුමිය පිහිටවපු ගුරු සිසු අරමුදලට මක් වේවිද.? (නදී)
අපි බලාගෙන ඉන්නවා නීතිය යුක්තිය සදාරනකම, විනය, ගුරු ගරුත්වය, යහ පාලනය ජය ගනීද නැතිනම් ඊට විරුද්ද අවනීතිය, අසදාරනකම ප්‍රචණ්ඩත්වය වගේ දේවල් ජය ගනීද කියල. රටේ අදිකරණය රටේ හිමිකරුවන් වන මහා ජනතාවගේ පරමාදිපත්වය රකිනවා කියල කවුරුත් දන්නවා. (නදී)
අනේ මන්ද ..කට්ටිය කියන්නේ නිතිය බල්ලට ගිහිල්ල..දේශපාලකයින්ට රටේ නීති අදාල නැහැ කියල..එතකොට මෙයා කවුද? මේ රටේ නිතිය තවමත් හොදින් ක්‍රියාත්මක වෙනව බේදයක් නැතුව..මේක එකට හොදම උදාහරණයක්.අපැලක් දාන එක මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.එක ප්‍රශ්න කරන්න විවේචනය කරන්න කාටවත් බැහැ.හැබැයි මම මෙයා උනානම් මම කරන්නේ තව ලක්ෂ 10ක් විතර අර අරමුදලට දීල එක ශක්තිමත් කරවල දිගටම ඒ අරමුදල වෙනුවෙන් ආධාර උපකාර කරන එක..දේශපාලනේ හරියට කරනවනම් එහෙමයි ඉන්න ඕන (දිල්)
වැරදි කරලා තව ඒවා හරි කියනවා.(නදී)
මතක් වුනේ රෝයල් පාක් නඩු තින්දුව.(නදී)
"මේ මනුස්ස්‍යයා කවදාවත්ම පාසලකට ගිය කෙනෙක් වෙන්න බැහැ." පාසැල් ගියා නම් දේශපාලනයට එනවද හලෝ. (නදී)
දඬුවම තවත් මදි නම් වැඩි කරලා දෙන්න. අසේල කියනවා වගේ ආයුද පෙන්නන්න ගෙනියන්න ඕනා (නදී)
ලංකා තිලක් , ජාතියේ පිනට තමා ඔබ මේ මන්ත්‍රී තුමා නොවුනේ. මෙයා ගුරුවරියක් දන ගස්සා විතරක් නිකන් හිටියා. ඔබ නඩුකාරතුමාවත් දනගස්සන්න ගිහින් ඇපෑලක් වත් නැතිව නවතීවි. (ස)
ලංකා තිලක්, ඔය කියන නීතිය තංගල්ලේ තියනවාද කියලා කියන්නකෝ. එහේ කාන්තාවන් දනගස්සවන්නේ නැතිව හොඳට සලකන පලාතක් නේ. (ස)
නීතිය පොත් වල තිබුණා ට වැඩක් නැහැ. ඒක හැමෝටම හැම තැනදිම සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. දේශපාලුවන්ට එක නීතියකුත් මහජනයාට තව නීතියකුත් තියෙන්න බැහැ. (ස)
ෂුවර් එකටම අපැලෙන් නිදොස් කොට නිදහස් වෙනවා! (නදී)
ජනතාව මෙයා හෝ මෙයාගේ බලල් අතක් වුණ කිසි කෙනෙක් ට දේශපාලනය කරන්න බැරිවෙන්න දඩුවම් දෙන්න පක්‍ෂ විපක්‍ෂ සියල්ල මතක තබා ගත යතුයි. මේ ලියන මමත් සන්ධානයට තමයි වැඩ. හැබැයි ජරා වැඩට නැහැ (නදී)
අබියාචනාදිකරණයට මම කියන්නේ දඩේ වැඩි කරලා සිර දඩුවම දික් කරන්න. (නදී)
සරත් මහතාණෙනි, එහෙම දෙයක් උනොත් එවැනි හොඳ දෙයකට පළමු අරමුදල මගෙන්. (ස)
ලංකාවේ උසාවි වල දෙන සමහර තීන්දු වල හැටියට මේ හාදය නිදහස් කරලා දාන්නත් බැරි නැහැ ......(ස)
මේ මනුස්සයා දඩය ගෙව්වා. ඒ කියන්නෙ වැරැද්ද පිලි ගත්තා. කලින් ගුරු පරපුරටම අපහාස කලා. දැන් අධිකරණයට අපහාස කරන්න සූදානම් වෙනවා. ගෞරවනීය අධිකරණය නිවැරදි තීන්දුවක් දේවි. පාසල් නොගිය කෙනෙකු නිසා සිර දඬුවමේ දිගුවක් නොකරාවි. (නදී)
මේ මිනිහ තවම හැදිලා නැහැ වගේ. සිරදඬුවමක් ඉල්ලන් කන්න වගේ යන්නේ.මෙයා විතරක් නෙමෙයි, කල වරදට එයාගේ අම්මත් කොච්චර බැනුම් ඇහුවද? (නදී)
ජනාධිපති සමාවක් ලැබේවිද? (නදී)