විශ්ව විද්‍යාල නවක වදය නැති කිරීමට කාලය පැමිණ ඇති බවත් ඒ වෙනුවෙන් තම සමස්ත ශක්තිය යොදවන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
අමානුෂික ලෙස නවකවදය දෙන්න අයට දැඩි දඬුවම් විශ්ව විද්‍යාල පනතේ ඇතුළත් කර ඇතැයි ද කීවේය.
විශ්ව විද්‍යාල තුළ කමිටු ඇති කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව කී ගේ‍්‍රරූ මහතා මේ වෙනුවෙන් විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයන් වෙත පුහුණුවක් ලබාදුන් බව ද කියා සිටියේය.
ලබන වසරේ සිට විශ්ව විද්‍යාලවල සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා නැණසල මධ්‍යස්ථාන හා පරිගණක මධ්‍යස්ථාන තුළ නොමිලයේ පහසුකම් සලසන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජිත්, ඔයයි මමයි හදපු ආණ්ඩු තමයි මෙච්චරකල් මේ රට පාලනය කළේ. ජපනා නොවෙයි. (නි)
මම ඔබතුමගේ ගෝලයෙක් හරිම සතුටු ලිපිය දැක්කහම හොද අදහසක් හා ක්‍රියාවක් දීර්ඝායු පතනවා (බ)
ඇමති තුමෙනි, කරුණාකරලා මේ ඉගෙනගන්න දරුවන්ට වින කටින මේ විනාශකාරි පිළිලය අපේ විශ්ව විද්‍යාලවලින් අතුගාදාන්න කටයුතු කරන්න. මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම ඔබතුමන් ට සයයෝගය දේවී. (බ)
විජේ, එ්ක තමයි කියන්නේ නවත්වන විදිය. මානසික ලෙඩේ තියෙන්නේ විශ්ව විද්‍යාලයේ විතරක් නොවෙයි. පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ අපේ මිනිස්සු පාරේ යන්නේ කොහොමද කියලා. රජයේ කාර්යාලයකට ගිහින් බලන්නකෝ. මේ රටේ සමාජය හොඳ එකක් නොවෙයි. ග්‍රේරු මහත්තයා නිහතමානි කෙනෙක්. අපි දැක්කා එතුමා එච්එන්ඩීඒ ප්‍රශ්නේ වැදගත් විදිහට විසඳපු හැටි. මේ ශිෂයෝ බුද්ධිමත්. ඇමතිතුමාට පුළුවන් ඔවුන් එක්ක කතාකරලා මේක වෙනස් කරන්න. (නි)
අරවින්ද මහත්තයෝ, ජපනා ලෝක යුද්ධයෙන් පරාදවෙලා හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ දාලා විනාශ කෙරුවත් ජපනා වෙනත් රටකට ගියේ නැහැ. ඒකෙම ඉඳලා ඒ රට ගොඩනැඟුවා. අපිට පුළුවන් වුණාද රටක් තියා එක මිනිහෙක් ගොඩනඟන්න? (නි)
ලංකාවේ සරසවි වලින් බිහිවෙන්නේ ‘එදාවේල උගත්තු‘. පරිකල්පන ශක්තියක් නැහැ. සමාජ අධ්‍යාපනයක් නැහැ. අලුත් යමක් හොයාගන්න උත්සාහ කරන්නෙ නැහැ. රටට මොන හෙණය පාත්වුණත් කමක් නැහැ. උපාධිය අරන් මාසෙට පඩියක් අරන් මම උගතා කියලා ජීවත්වෙන්න තමයි උත්සාහ කරන්නේ. ලෝකේ දියුණු රටවල අද බිහිවෙන උගත්තු වැඩකරන්නේ තව වසර ගණනාවකට ඉදිරියට. අපි ඉදිකට්ටක්වත් හැදුවද? කරත්තයක් හැදුවා. කඩ ඇණය දැම්මට පස්සේ තවත් අඟල් 2ක් එළියේ. ඉතින් තව මොන කතාද? (නි)
ගල් වෙනුවට මල් දී අලුත් ළමුන් පිළිගන්නා සංස්කෘතියක හදන්න. අලුත් ළමුන්ට වදදෙනවා වෙනුවට විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කියාදෙන සංස්කෘතියක හදන්න ඔබට පුළුවන්. (නි)
ඇත්තටම මේ නවක වදය කියන්නේ කවුරුත් ප්‍රතික්ෂේප කරන දෙයක් (නි)
නවක වදය දෙන්නෙ නැති වටිනාකමක් මවා පෙන්නගන්න, රැඩිකල් දේශපාලනය ගාගත් හීනමානකාරයො. එහෙත් තම කණ්ඩායම සතු ශිෂ්‍ය බලයට බලපෑමක් වන නිසා දඬුවම් ලබන සිසුන් වෙනුවෙන් ඇතැම් ශිෂ්‍ය සංවිධාන පෙනී සිටිනවා. රටේ දේශපාලනයත් සරසවි ඇතුළත දේශපාලනයත් වැරදිකරුවන් සම්බන්ධයෙන් එකම විදිහටයි හැසිරෙන්නෙ. (නි)
අරවින්ද, පිස්සෝ පිස්සන් කොටුවේ තියන ක්‍රමයක් තියෙනවා. මොකද අපි දන්නවා ඒ අයට පිස්සු කියලා. ඕක ඉතින් පිස්සුවට කරන ඒවනේ කියලා ඔහේ දාලා තියන්නේ නැහැ. (නි)
නවක වදය දෙන එක නවත්වන්න බැරිකමක් නැහැ ප්‍රගතිශීලී,මානවවාදී සරසවි සිසුන්ට. ඊට අවශ්‍යය කතිකාවතක් හදන්න ඕනෑ. (නි)
උගතුන් බිහිවෙන තැන දැන් මේ ගල් යුගයේ වැඩ නවත්වන එක හොදයි. (ර)
නවකවදය රටටම එපාවෙලා (නි)
සහෝදරවරුනි, නවක වදය වැරදි නම් එය වැළැක්වීමටත්, වැරදිකරුවන් අල්ලා දඩුවම් දීමටත් ඔබ යෝජනා කරන යෝජනා කවරේද? එය ඔබේ කාර්යය භාරය නොවේ නම් වැරදිකරුවන් අල්ලාගන්නා විට එයට මැදිහත් නොවන්න. (නි)
දෑන් මේවාවලින් උගතුන් බිහිවෙන්නේ නැහැ. (ර)
ග්‍රේරූ, විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක්. එමනිසා ඔහු මේ නවකවදයේ ආනිසංස හොදාකරවම දන්නවා. ඔබ තුමා ගේ උත්සාහයට අපගේ සුබාශිංසන. හොදින් හෝ නරකින් නවක වාදය සම්පුර්ණයෙන්ම නැති කල යුතුයි. (හේ)
මේක හොඳයි මේකෙන් පරිපූර්ණ මිනිස්සු බිහි වෙනවා කියන කට්ටියකුත් ඉන්නවනේ.ඉතින් කොහොමද මේවා නැති කරන්නේ?(හේ)
නවක වදය මානසික රෝගයක කොටසක්.මේවට කැමති නිළධාරිනුත් ඉන්නවා.(හේ)
හැම දේකටම සීමාවක් තිබිය යුතුයි.(හේ)
පසුගිය රජය කාලේම ඔය ටික කළා නම් අද රට කොතැනද? (නි)
නවක වදය ඇත්තටම ඉවත් කළයුතු දෙයක්. හැබැයි මේක සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ක්‍රමය තුළ කාලයක් තිස්සේ පැවතගෙන එන දෙයක්. ඒ නිසා මෙවැනි දේවල් මුලිනුපුටා දමද්දී දැනට ඉන්න සිසුන් එක්ක එකතුවෙලා බොහොම සුහදව මේ වැඩේ කරන්න පුළුවන් නම් සාර්ථක වෙයි. නැත්නම් ඉතින් හැමදාමත් වගේ පාලන අධිකාරියත් සිසුනුත් අතර ගැටුම් විතරක් වෙයි. පිටරටවල මේ දේවල් කරලා තියෙන්නේ එහෙමයි. (නි)
රජිත්, ඔය කියන එක නිවැරදි නැහැ. මේ රටේ විශ්ව විද්‍යාල වල අලුත් දේ හැදෙනවා. අපේ ශිෂ්‍යයෝ ගොඩක් දක්ෂයි. හැබැයි අපේ රටේ ඒ මිනිස්සු රටේ රැඳෙන්නේ නැහැ. හේතුව ඔබත් මමත් එදා ඉඳලා අද දක්වාම පත්කරගෙන තියෙන පාලකයන්ට එහෙම දැක්මක් නැති නිසා. ගොඩක් බටහිර රටවල අපේ අය වැඩ කරනවා. ඒ නිසා පරිකල්පන ශක්තියේ ප්‍රශ්නයක් නොවෙයි තියෙන්නේ. (නි)
මොන පක්ෂයේ හිටියත් ඔබ තුමාගේ අදහස ඉතා හොදයි. ඉරිසියාව වෙනුවට අලුතෙන් එන ලමෛන්ව ආදරෙන් පිලි ගන්න තැන හදල දෙන්න. (ර)
අරවින්ද මහත්තයෝ, ඔය විශ්ව විද්‍යාලයේ මමත් හිටියා. ගොඩක් ළමුන්ට දෙවෙනි අවුරුද්ද වෙනකොට මානසික ලෙඩේ දෙගුණ තෙගුණ වෙනවා. එ්කයි මේ අමානුෂික නවක වදය. (නි)