
(රන්ජන් කටුගම්පොළ)
පසුගිය වසර තුනක කාල සීමාව තුළ රජයේ විශ්ව විද්‍යාලවල නවක වද සිද්ධීන් වැලැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාලවලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
තමන් නවක වදයට භාජනය වෙමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් ටයරයක් තම හිස වද්දා තුවාල සිදු කිරීමෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුවෙකු වන පසිඳු හර්ෂණ සිල්වා විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය කියා සිටියේ සියලුම විශ්ව විද්‍යාල වෙනුවෙන් තමන් පෙනී නොසිටින බවත් අනිකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්ය
කොළඹ, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාල වාර්තා කිරීමට කාලය ලබා දෙන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදය දෙන එවුන්ට නම් කිසිම සමාවක් දෙන්ඩ හොන්ද නැහැ. ලෝකෙ වෙන කිසිම රටක ඔය වගේ දේවල් අහන්ඩත් නැති තරම්.
මේකෙන් පස්සෙ වත් තද නීතියක් ආවනම් මේ විශ්ව විද්‍යාල වලට රිංගලා ඉන්න මානසික රෝගීන් ටික පාලනය කරගන්න. වැදගත් කමට හැදුනු දරුවන් රජයේ විශ්වවිද්‍යාල වලට යන්න බයයි.