ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය දෙසැම්බර් 9 වැනි දාට යෙදි ඇති අතර ඒ නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.
එම ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සහ ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
ඒ අනුව, අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන්, නාවික හමුදාවට ආශිර්වාද පතා අද දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී ෆයිසාල් හසාන් (Faizal Hassan) මව්ලවිතුමාගේ මෙහෙයවීමෙන් පැවති ඉස්ලාම් දේව මෙහෙය මඟින්, රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික රණවිරුවන්හට මෙන්ම දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා වැලිසර නාවික සංකීර්ණයේ අණභාර නිලධාරි කොමදෝරු බුද්ධික ජයවීර, අධ්යක්ෂ නාවික විදුලි දියත් හා අවි ඉංජිනේරු කොමදෝරු (වි) ප්‍රදීප් ගුණතිලක, අධ්යක්ෂ නාවික විදේශ මිලදීගැනීම් කොමදෝරු (සැ) ප්රෂාන් මාසෝ, ශ්‍රි ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් චාරක හේරත් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නාවික හමුදාවට සෙත් පතා ඉස්ලම් දේව මෙහෙයෙන්
අජිත් කුමර Sunday, 01 December 2024 07:37 PM
නියමයි… මේක දැන් නොන් බුඩ්ඩිස්ට් රටක්…
රුවන් සිරිවර්දන Sunday, 01 December 2024 10:07 PM
ජෙප්පෝ නාවික හමුදාවටත් කියලා මේ දේශපාලන විහිලු වැඩ කරවගන්නවා.