අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදාව සහ යුද හමුදාව අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති තරගයෙන් නාවික හමුදා පිල ලකුණු 19 - 14 ක ජයක් ලැබීය. යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 11 - 6 ක් ලෙස පෙරමුණේ සිටියේය.