වැලිසර නාවික හමුදා කඳවුරු වැඩපොළේ නිෂ්පාදනය කළ යාත‍්‍රා නවයක් නයිජීරියා රජය වෙත අලෙවි කළ බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාව විදෙස් රටකට යාත්‍රා අලෙවි කල ප‍්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් කෝසල වර්ණකුලසුරිය කියයි.
මෙම යාත‍්‍රා නවය අතරට කුඩා යාත‍්‍රා තුනක් හා වෙරළාරක්ෂක යාත‍්‍රා හයක් වන බවත් මෙම බෝට්ටු අලෙවියෙන් රුපියල් කෝටි 60 ක අදායමක් නාවික හමුදා උපයා ගත් බවත් කියති.
ශි‍්‍ර ලංකාවේ නයිජීරියා මහකොමසාරිස් එස් අහමඩ් මසහතාට යාත්‍රා බාර දීමේ උත්සවයට ශි‍්‍ර ලංකා නාවික හමුදා අධ්‍යක්ෂක ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් නිලන්ත පේ‍්‍රමසිරි, යන මහත්වරුන් සහභාගි වුහ.
යුද්ධය පැවැති වකවානුවේ අවශ්‍යතාව මත 1994 නාවික හමුදා විශේෂ යාත‍්‍රා බලඝනය වෙනුවෙන් මෙම යාත‍්‍රා නිශ්පාදනය ආරම්ක කර ඇති අතර මේ දක්වා යාත‍්‍රා 120 වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදන කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව එදත් අදත් ලෝකෙම ජය ගත්තු මිනිස්සු, (ර)
මේ සම්බන්ධයෙන් දිරිගන්වන අදහස් තව තවත් පළකරමු. හොඳ වැඩක්. ජයවේවා! (නි)
ඉතාම සතුටුයි! (නි)
පසුගිය රජය ක්‍රියාත්මක කළ යහපත් වැඩක ප්‍රතිඵල. (නි)
පසුගිය රජය ක්‍රියාත්මක කළ යහපත් වැඩක ප්‍රතිඵල. නාවික හමුදා විරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)
නාවික හමුදාව සැමදා ඉදිරියෙන්. ජයෙන් ජයම වෙිවා.! (ර)
පසුගිය රජය නොවෙයි, යහපාලන රජයී වැඩ.. (ම)
ඉතා හොඳ ක්‍රියාවක්. මේ කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා ! (නි)
මගේ හිතට දැනෙන්නේ ලොකු ආඩම්බරයක් (නි)
නාවික හමුදාවට අපේ ආචාරය! (නි)
මහින්ද ගේ පාර්ලිමේන්තුවේ දේශපාලකතුමාලට වාහන (බස්, බෙන්ස්, හෙලිකොප්ටර්, ) ගෙන්නන විට සමන්, ප්‍රබෝද නිදාගෙන ද හිටියේ. ඒ කාලේ වියදම් ගැන මාධ්‍යයට දුන්නේ නැ. (බ)
අපි පිටරට වලට වෙරළාරක්ෂක යාත්‍රා හදන ගමන් අපේ රටේ වෙරළාරක්ෂක කටයුතු වලට පිටරට වලින් ආධාර ඉල්ලනවා (නි)
අපනයනය කුඩා පරිමාණයෙන් හෝ සිදුවීම අගය කළ යුත්තකි. එහෙත් මෙවැනි නිෂ්පාදන සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය සමහර අංග ආනයනයට ද විදේශ විනිමයක් වැයකළ යුතු නිසා නිපදවන සහ විදේශවලට අළෙවි කළ යුතු නිෂ්පාදන ඒකක ප්‍රමාණය අධික විය යුතුමය. (ම)
පසුගිය රජය ක්‍රියාත්මක කළ යහපත් වැඩක ප්‍රතිඵල. නාවික හමුදා විරුවන්ට අපගේ ප්‍රණාමය! (ර)
හොද දෙයක් ඉදිරියේදී සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට හැකිවේවි.(හේ)
හොද වැඩක් (හේ)
තව නාවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අලුත් යාත්‍රා නිපදවා අලෙවි කරන්න.(හේ)
තව තවත් නාවික යාත්‍රා අලෙවි කිරීමට හැකියාව ලැබේවා.(හේ)
ප්‍රියන්ග මහත්තයා ඔලුව අතගාලා බලන්න ගැට දෙකක් වගේ මතුවෙලා තියෙනවාද කියල. මේක යහපාලන කාලයේ බාර දුන්නට ගිවිසුම් ගහල වැඩපටන් ගත්තෙ පසුගිය පාලන සමයේදි. යහ පාලනෙන් ඔන්න තවත් පට්ට වෑඩක් කරන්න යනවා, ඉන්දියාවෙන් නාවික යාත්‍රා මිලදී ගන්න යනවා. අපේ රටේ සියලු පහසුකම් සහ හෑකියාවන් තිබෙන ඩොක් යාඩ් එක, ඉන්ජිනේරුවන් සහ දක්ෂ නාවිකයන් සිටිද්දි ඈයි යහ පාලනය මෙහෙම කරන්නෙ. (බ)
'රට සුරකින රන්වැට' ලෙස නාවික හමුදාව ඔය තත්වයට ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් හිටපු නාවික හමුදාපතිතුමාටත් අපගේ ප්‍රණාමය! (නි)
කාලෙකට පස්සෙ ඇහුවා ඇඟට දැනෙන, හිතපිරෙන ප්‍රවෘත්තියක් (නි)
පසුගිය රජය නොවෙයි, යහපාලන රජයයි වැඩ..බම්බුව, යහපලකයෝ මේවා හිතන්නවත් දන්නේ නැත. (බ)
කරපු මිනිහට හොදක් කියන්න දිව නැමෙන්නේ නැති මේ වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති, ඕනෑම නම් අන්තර්ජාලයෙන් සොයා බලන්න, මේ කුඩා යාත්‍රා වල මොලකරු ගෝඨාබය මත්තය. ඔහු මේ යාත්‍රා විශේෂය නිපදවන්න නාවික ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේ කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රා වලට පිලියමක් විදියට. (බ)
ශශික , බොරුවට හිත රවට්ට ගඳ හදන්ඩ එපා. (ර)
මේ බෝට්ටු ඔක්කොටම රුපියල් කෝටි 60යි. ඒත් සමහරුන්ගේ කාර් වලට? (නි)
ජනක අර ආණ්ඩුවත් එහෙම කළා එහෙම කියලා මේ ආණ්ඩුව කරන වැරදි සාධාරණය කරන්න අපිට බෑ. ඒ ආණ්ඩුව එහෙම කරපු නිසා තමා ඒගොල්ලන්ව ගෙදර ඇරියේ. මෙහෙම සංවර්දනය කරන්න ආණ්ඩු මාරුවෙනකන් කල් මර මර ඉන්න පුළුවන් රටක් නෙමේ මේක. අමතක කරන්න එපා 1948 ඉදන් අපි තාම සංවර්ධනය වෙන රටක්. කරන්න තියෙන්නේ තියෙන ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන එක. (ර)
හොඳ වැඩක්. හැබැයි පාර්ලිමේන්තුවේ දේශපාලකතුමාලට වාහන වලට වෙන්කළ මුදල් බැලුවහම අපනයන ආදායම කෝටි හැටක් කියන්නේ මොකක්ද කියලා හිතෙනවා (නි)
මෙන්න වැඩ! හිත ඇත්නම් පත කුඩාද? අපි මේ කර්මාන්තය දියුණු කරමු, අනාගතයේ යුද නැව් සෑදීම දක්වා. (නි)
අපි මොකටද එහෙනම් පිටරට වලින් සල්ලි දීලා බෝට්ටු ගන්නේ? (නි)
යාත්රා 120ට රුපියල් කෝටි 60 ක අදායමක් ඉතාම සතුටුයි! බුදු සරණයි! (ර)