IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාවික හමුදාපතිවරු දෙන්නෙක් යළි කැඳවෙති

"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සිද්ධි පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඔගේ යන මහත්වරුන්ගෙන් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අද (26) යළිත්  ජනාධිපති කොමිසම හමුවට කැඳවා  ඇතැයි වාර්තා වේ.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය  ඇවන්ගාඩ් සමාගම ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරිය කොමිසම හමුවට කැඳවා ඇතැයි  වාර්තා වේ.

"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිළධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණ වලදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කර ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා මෙලෙස යළිත් වරක් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතාගෙන්ද මීට පෙර අවස්ථාවක කොමිසම විසින් ප‍්‍රකාශ ලබා ගත්තේය.

               



අදහස් (0)

නාවික හමුදාපතිවරු දෙන්නෙක් යළි කැඳවෙති

විජිත් Wednesday, 25 November 2015 10:31 AM

‘හොරු සමග හෙළුවෙන්" දැන් දියවන්නාවේ මීහරක් ගාල අසල සිනමාහලේදී නොමිලේ ( පසුව පොලියත් සමග අයකරගනු ලැබේ ) පෙන්වනු ලැබේ. (බ)

:       0       0

ජයසේන Thursday, 26 November 2015 02:28 AM

අනේ අපොයි මහජනයාගේ කතිරයට වුණ දෙයක්? (නි)

:       0       0

ඇසළ Wednesday, 25 November 2015 01:19 PM

විජිත්, ඉන්න කාලෙට මොනව හරි පෙන්න කරන්නත් එපෑය පෙන්න. ප්‍රතිපල නැති වුනත්, ලෙඩා මලත් බඩ සුද්ධ වෙලානම් නම් අපේ සමහරන්ට ලොකු දෙයක්. (ර)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 25 November 2015 01:23 PM

ඇවන්ගාඩ් එකට හෝ රත්නා ලංකා එකට හෝ මෙවායේ ලොක්කන්ට හෝ මුකුත් වෙන්නේ නැහැ . මේ විමර්ශන කරන්නේ ජනතාවට පේන්න ඒ කියන්නේ ජනතාව ගොනාට අන්දන්න විතරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site