"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සිද්ධි පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඔගේ යන මහත්වරුන්ගෙන් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අද (26) යළිත් ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ඇවන්ගාඩ් සමාගම ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරිය කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිළධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණ වලදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කර ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා මෙලෙස යළිත් වරක් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතාගෙන්ද මීට පෙර අවස්ථාවක කොමිසම විසින් ප‍්‍රකාශ ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘හොරු සමග හෙළුවෙන්" දැන් දියවන්නාවේ මීහරක් ගාල අසල සිනමාහලේදී නොමිලේ ( පසුව පොලියත් සමග අයකරගනු ලැබේ ) පෙන්වනු ලැබේ. (බ)
අනේ අපොයි මහජනයාගේ කතිරයට වුණ දෙයක්? (නි)
විජිත්, ඉන්න කාලෙට මොනව හරි පෙන්න කරන්නත් එපෑය පෙන්න. ප්‍රතිපල නැති වුනත්, ලෙඩා මලත් බඩ සුද්ධ වෙලානම් නම් අපේ සමහරන්ට ලොකු දෙයක්. (ර)
ඇවන්ගාඩ් එකට හෝ රත්නා ලංකා එකට හෝ මෙවායේ ලොක්කන්ට හෝ මුකුත් වෙන්නේ නැහැ . මේ විමර්ශන කරන්නේ ජනතාවට පේන්න ඒ කියන්නේ ජනතාව ගොනාට අන්දන්න විතරයි. (අ)