පුත්තලම කරුවල ගස් වැවදී නාවුක හමුදා රියක් කන්ටේනරයක ගැටීමෙන් නාවුක හමුදා නිලධරයෝ දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි.
මොවුන් පූනෑව කදවුර බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.
මිය ගිය දෙදෙනා කමාන්ඩර් ප්‍රියන්ත(මාදිවෙල), සහ ලුතිනන් කමාන්ඩර් කළු තන්ත්‍රී(හොරණ) වශයෙන් හදුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිද හමුදාවම මාර්ග නීති කඩකරමින් වාහන පදවන්නේ. අපිට පාරේ වාහනයක් පදවන්නත් බැහැ. ඒවායේ ප්‍රතිපල තමා මේ. (නි)
ලොරි රියදුරු තාමා සම්පූර්ණයෙන්ම වගකිව යුත්තෙ. ලොරිය තියෙන හැටි දැක්කම කාටත් ඒක තේරෙනවා. දැන් ලංකාවට කාර් ගෙන්වන්නෙ නැතුව ලොරි ගෙන්වන්න. මොකද එතකොට පොඩි වාහන තැලෙන්නෙ නෑනෙ. (අ)
රියදුරන් ස්වාධීනව රිය පැදවිය යුතුය.බොහෝ විට වන්නේ රියෙහි සිටින අනෙකුත් අයගේ වුවමනාවන්ට අනුව රියදුරු රිය පැදවීමයි.හදිසි ගමන් සුදුසු නැත. කල් වේලා ඇතුව ගමන පිටත් විය යුතුයි.හදිසි වේගවත් ගමන් වලට අපේ පාරවල් තවම සැකසී නැත. රියදුරන් මෙන්ම පදිකයන්ද සූදානම් නැත.මේ වටිනා ජීවිත දෙකට නිවන් සුව ලැබේවා! (නි)
දැය වෙනුවෙන් සේවයක් කළ ඔබ දෙපළට නිවන් සුව! (ස)
අසීමිත වේගය ....අවාසනාව.. කර්මය ...දුක. නිවන් සුව. (නි)
පවු ! (නි)
ඔබ දෙපලට නිවන් සුව ! (ස)
විමල්, මට නම් පෙනෙන්නෙ නුඹේ ඇස්දෙක පෙනෙන්නෙ නැහැ වගේ. මුලින්ම සිද්ධිය ගැන ඇත්ත දැනගෙන කියන දෙයක් කියන්න (නි)
ඔබතුමන්ලාට නිවන් සැප ලැබේවා! (නි)
මෙවන් අකල් මරණ සිද්ද නොවේවා...නිවන් සුව ලැබේවා...! (ස)
කළ කළ දේ පල පල දේ (නි)
සාමය උදෙසා, අපේ ජිවිත බේරා ගන්නට එම භීෂණකාරී වාතාවරණයේ කුරිරු යුද්ධය හමාර කිරීම පිණිස දායක වී අද නොසිතු ලෙස දැයෙන් සමුගත් රණ විරුවන් දෙපලට නිවන් සුව ලැබේවා! (නි)
නීතිය යනු සාමාන්‍ය ජනතාවට පමණක් බලපැවැත්වෙන දෙයක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය මීට වගකියන්න ඕනෑ. වටිනා ජීවිත දෙකට නිවන් සුව ලැබේවා! (නි)
පණ තියෙන ඕනෑම සත්වයෙක් බලාපොරොත්තුවෙන මූලිකම දේ තමයි මරණ බියක්,තැතිගැම්මක්,කරදරයක්,බලපෑමක් නැතුව නිදහසේ ජීවත් වීම.මේ කාරණා ඉදිරියේදී අනිකුත් මූලිකයි කියලා අප සිතන අවශ්‍යතා සියල්ල දෙවැනි තැනට වැටෙන්නේ.ඒ නිසා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම මරණ බිය තැතිගැන්ම නැතුව ජීවත්වෙන්න අවස්ථාව සළසලා දුන් මෙවැනි විරුවන් අමතක කිරීම කෙසේවෙතත් අවමන් කිරීම මොනතරම් මනුෂ්‍යකමට ගැලපෙනවද කියා සිතා බැලීම වටී.අපව ජීවත් කරවන්න දිවිහිමියෙන් කැපවෙලා සිටි මෙවැනි විරුවන් ශෝචනීය අන්දමින් අප හැරයාම මුළු රටටම විශාල පාඩුවක්. එතුමන්ලාට නිවන් සුව අත්වේවා! (නි)
නිවන් සුව පතනවා. (ස)
මේ විරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)
අපි කවුරුත් ගමනක් යනකොට මැරෙන්ට හිතාගෙන යන්නේ නැහැ. නමුත් ඇතැම් වෙලාවට එහෙම වෙනවා, කාගේ හෝ වරදින්. ඔබ දෙදෙනාට නිවන් සුව පතමි.(ස)
රටේ ඒකියභාවය හා උන්නතිය උදෙසා ජිවිත පරදුවට තබා රටට සාමය උදාකිරිමට උරදුන් ඔබ දෙදෙනාගේ හදිසි වියෝව රටට මෙන් නාවික හමුදාවට ඉමහත් පාඩුවක්.ඔබතුමන්ලාට නිවන් සැප ලැබේවා! (නි)
වාහන තිබෙන විදියට රියදුරෙකුට නින්ද ගිහින් තිබෙන බවට සැක කළ හැකියි. කෙසේ වුනත් වටිනා ජීවිත දෙකක්. (නි)
බලවත් ශෝකය ප්‍රකාශ කරමි .ඔබ දෙපලට නිවන් සුව. (නි)
නිවන් සුව ලැබේවා ! (නි)
ලොරියේ නම නම් ඊශ්වරන්. පෙනෙන විදියට නම් ලොරිය ඇවිත් හිතලම කාර් එකේ හප්පලා වගේ (නි)
වරුණ ඔයා රියදුරා කාලේ මෙහෙම වේගයෙන් එලෙව්වද? (අ)
අහෝ!! දුකකි. නිවන් සුව පතමි! (නි)
සර් ඔබට නිවන් සුව ! (ස)
අද හැමදාම රිය අනතුරු. මේවා වලින් වන මරණත් ඒ වගේමයි. මේ ගැන නිසි පරිදි නීති පනවා දඩුවම් නොදෙන නිසා මිනිසුන් කිසි පරීක්ෂාවකින් තොරව රිය පැදවීම කරනවා. අද මිනිස්සු මැරෙන එක මරණ එක නිකම් සෙල්ලම් වැඩක් වෙලා. මට නොතේරෙන්නේ අපේ රටට වෙන්න යන දෙයයි (නි)
විමල්,තමුන් කොහොමද කියන්නේ "ත්‍රිවිධ හමුදාවම මාර්ග නීති කඩකරමින් වාහන පදවන්නේ" කියලා. තමුන්නාන්සේගේ වාහන පැදවිල්ල කෙසේවෙතත් මරබිය නැතිව ජීවත් වෙන්නෙත් ත්‍රිවිධ හමුදාවට පින්සිද්ධ වෙන්න කියලා මතක තියාගත්තොත් හොඳයි. (නි)
මෙය නම් සැකසහිතයි (නි)
නිවන් සුව ලැබේවා ! (අ)
විමල්,පෙනෙන්නේ නැද්ද අර ලොරිය ඇවිල්ලා තිබෙන විදිහ? (නි)
නිවන් සුව ලැබේවා ! (ස)
කන්ටේනර් එක වැරදි බවයි පෙනෙන්නේ. රටට බොහෝ සේවය කළ අය නැතිවීම ශෝකයක්. සොයුරනි, නිවන් සුවය පතමු. (නි)
අපේ රටේ මාර්ග හොඳ නිසා දැන් කවුරුත් ප්‍රවේශමෙන් වාහන පැදෙවුවොත් හොඳයි. සමහර ලොරි රියදුරන් හිතාගෙන යන්නේ නිකක් ත්‍රිවිල් එකක් එලවනවා කියලා. අපරාදේ හමුදාවේ දෙන්නා. පව්. (නි)
අප ඔවුන්ට ගරු කළාට ඔවුන් අප ගැන සැළකිල්ලක් නැහැ. (බොහෝවිට පාරේ වාහන පදවන විටදි) මිය ගිය දෙදෙනාට නිවන් සුව පතමි! (නි)
ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා! (ස)
අසීමිත වේගය ....අවාසනාව.. කර්මය ...දුක. නිවන් සුව. (නි)
ඔවුන් දෙදෙනාට නිවන් සුව! (නි)
මේ ලොරිය පාර හරහට තිබෙනකොට හමුදා වාහනයට යන්න ඉඩක් නැති වෙන්න ඇති (නි)
ඔබ දෙපලට නිවන් සුව පතමු. (අ)
හැමදාම අනතුරු වලින් ජීවිත අහිමිවෙනවා. ජීවත් වන අය වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත්වෙනවා. මගේ කාරුණික ඉල්ලීම නම් කුලවලට නොඇලී හැමදෙනාටම සමව මෛත්‍රිය පතමු යන්නයි (නි)
මේක සම්පූර්ණයෙන්ම ලොරි රියදුරාගේ වරද මත සිදුවුණු ඛේදවාචකයක් (නි)
ඔවුන්ට පෙර අකුසල කර්මයක් පළ දෙන්න ඇති (නි)
මෙවනි සිදුවීමක් කිසිම කෙනෙකුට වෙන්න එපා දෙදෙනාටම නිවන් සුව පතමු (දී)
රණවිරුවෝ කොඉ තරම් සේවයක් රටට කලත් මිනිස්සුන්ට අමතකයි . කොහොම වුනත් මෙම අකල් මරණය නාවික හමුදාවට විශාල පාඩුවක්. දෙදෙනාටම නිවන් සුව පතමු. (ස)
අපේ කොල්ලන්ට නිවන් සුව (දී)
කොමාන්ඩර් ප්‍රියන්ත වේග ප්‍රහරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්තව නිර්භීතව සතුරා සමග මුහුනට මුහුන සටන් කලා. එතුමා වීර වික්‍රම විභූශණයෙන්ද පිදුම් ලබා තිබෙනවා. නාවික පුද්ගලයන්ගේ විනය පවත්වාගෙන යාම ගැන ඔහු තදින්ම ක්‍රියත්මක උනා.(ස)
නිවන් සුව ලැබේවා ! (ස)
අපගේ නාවික වීරයන්ට නිවන්සුව පතමි (දී)
ලොරිය දුටු විට හිතෙනවා හිතා මතා කළාද කියලත්. (නි)
නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව පතමි (නි)
වේගය මරු කැදවයි. (නි)
නාවික හමුදාවටම දරා ගන්න බැරි පාඩුවක්. නිවන් සුව පතමු.! (නි)
මේ නිලධාරියා රුදුරු කොටි විනාශ කිරීමට තම දිවිය පරදුවට තබා කටයුතු කළ අවංක එඩිතර නිලධාරියෙක්. පසුගිය අවුරුද්ද පුරා නාවික හමුදා පුහුණු පාසලේ පුහුණු විධායක ලෙස මනා සේවාවක් ඉටුකරමින් තමාට පෙර රට වෙනුවෙන් වැඩකළ අභීත සෙන්පතියෙක්. ඔහු සමග රැකියාව කරන ඕනෑම අයෙකුට ඔහුගේ සෑම චලනයක්ම පාඩමක් උගන්වනවා. මම පෞද්ගලිකව ඔහුගෙන් උගත් දේ බොහොමයි. රිය අනතුර ඔහුගේ වරදක් නොව රියදුරුගේ නින්ද නිසා ඔහුට වූ අනතුරකි. ඔබට නිවන් සුව අත්වේවා! (නි)
බොහොම කණගාටුදායක සිදුවීමක්.සමහර ත්‍රිවිධ හමුදාවල රියදුරන් කිසිම විනයක් නැතුව රිය පදවන්නේ. අදාල බලධාරීන් මේවා ගැන සැළකිලිමත් වෙනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැනේ. (නි)
මාර්ගනීති විනය ,හික්මීම, ඉවසීම වාහනනඩත්තුව, මෙව ගැන නොදැනුවත්කම මරණයට අත වැනීමක්ය. (ස)
ජාතියට පණදුන් ජාතියේ විරෝදාර සෙන්පති දෙපලගේ හදිසි වියෝවෙන් මහත් කම්පණය උනෙමි. කළුතන්රි විරුවණනි මතු ආත්මයක මෙවන් අකල් වියෝවක් නොවෙවා! ඔබ වැනි විරුවන් රටට දායාදකළ නිටා පිරිස් විරූ මෑණියන්ටත් ඔබගේ පියාණන් සරත් කළුතන්රි පිය තුමන්ටත් ඔබගේ සහෝදරිය වන ඔමිලා කළුතන්රි සහා ඔබගේ ආදරණිය බිරිදට ආදරණිය දියණියට අපගේ බලවත් කණගාටුව පිටරට සිට ලියා එවන්නේ බණ්ඩාර ඇතුළු සියළුම දෝහා කටාර් සහෝදර මිතුරු කැලයි. ඔබ දෙදෙනාට නිවන් සුව අත්වේවා... ! (ස)
රණවිරුවන් දෙපල වෙනුවෙන් අපගේ බලවත් ශොකය ! (ස)
ඔබට මාගේ උත්තමාචාරය! (නි)
විනය රකින්න ඕනෑ. ත්‍රිවිද හමුදාව විතරක් නොවේ රටේ දෙශපාලකයෝත් එහෙම තමයි ජනතාවට නිතිය රකින්න බණ කියන ඒ අය කකුළුවෝ වගේ. කියන්නේ එකක් කරන්නේ එකක් ඒ අය පාරේ යන කොට මිනිස්සු කාණු වලට බහින්න ඕනෑ ජිවිතය බෙරගන්න.(ස)
ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ! (නි)
විමල් ඔබ කොහොමද හමුදාවෙ අය මාර්ග නිති කඩකරනවා කියල කියන්නේ ඒවා අල්ලන්න තමයි පොලිසියෙන් ඉන්නේ.(ස)
කමාන්ඩර් ප්‍රියන්ත මාගේ ඉතාම හිතවත් කළ්‍යාණ මිතුරෙක්.ඔහු ඉතාම විනයගරුක නිළධාරියෙක් වන අතර ඉතාම නිර්භිත නාවික හමුදා නිළධරුවෙක්. ගමේ සැමගේ හිතවතෙකි. ඉතාම ආදරණීය පියෙකි. හොඳ මිනිසුන් අප හැර යැම දරාගත නොහැකි වේදනාවකි. ප්‍රියයන්ගෙන් වෙන්විම ශෝකයක් යන බුද්ධ වදන සනාත කරමින් ප්‍රියන්ත අප අතරින් නික්ම ගියා. ඔහුට නිවන් සුව පතමු! (ස)
අධික වේගය මාරු කැදවයි, යහපත් කමින් ජීවත්විය යුතුය. ඔබේ කලහොද පමණයි රැදෙන්නේ.(ස)
මෙතන කන්ටේනරය තියෙන විදිහ දැක්කහම වරද කාගේද කියලා හිතාගන්න පුළුවන්. කෙසේ උවත් දිනපතාම ලංකාදීපයට ගොඩ උනහම රිය අනතුරකින් කිසිවෙකු හෝ මිය නොගිය පුවතක් දැකීමට නොහැකි තරම්. මෙය රටට ඉතා අවාසනාවන්ත, භයානක ඉරණමක්. මේ තත්වය පාලනය කිරීමට වගකිවයුත්තන් වහාම පියවරක් නොගත්තොත් අපිට ගෙදරින් එලියට බහින්න වෙන්නේ අන්තිම කැමති පත්‍රය ලියලා තියලයි. (ස)
සරත් යනු රට බේරාගත් විරුවන්ට ගේ ඇතුලේ සිට පරිඝනකයෙන් පමණක් චන්ඩි පාර්ට් දාන්නෙකි (නි)
වේගය මරු කැදවයි (නි)
මගේ ශෝකය මෙසේ පළකරමි. සටනට වැදී අප රැකදුන් සෙබලුන්නේ.. මෙවන් අකල් මණයකට නොපැමින්නේ.. දහසක් දිවි රැකදුන් පින් බලයෙන්නේ.. සසරින් මිදි නිවන් සුවය අත්වන්නේ (නි)
නිළධාරිතුමනි, ඔබගේ සෑම අංග චලනයක්ම සෑම වචනයක්ම මුඵ මහත් නාවික හමුදාවටත් සමාජයටත් ආදර්ශයකි. මා ඔබෙන් ඉගෙනගත් දෑ බොහෝය.ඔබගේ අකල් වියෝව මැකී යයි. එහෙත් ඔබගේ නාමය සදා අමරණීයයි. ඔබතුමාගේ වියෝව මගේ ජීවිතයද කඩා වැටුනාක් මෙනි. නිළධාරිතුමනි, ඔබට මේ භවයේදී මෙවන් අකල් මරණයකට ගොදුරු වූ ඔබතුමාට මතු උපදින හැම භවයකදිම මෙවන් විපතක් නොවේවා! ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)
කමාන්ඩර් ප්‍රියන්ත යනු නාවික හමුදාවේ කොටියට එරෙහි සටනේ යුද වීරයෙක්.ඔහුගේ වියෝව නාවික හමුදාවට ඉමහත් පාඩුවක්.ඔහුට සහ ලුතිනර් කමාන්ඩර් කළුතන්ත්‍රීට නිවන්සුව පතමු. (නි)
හමුදා වාහන යන වේගය පාලනයක් නොමැතිකම බොහෝවිට මෙම අනතුරුවලට හේතු වෙනවා.වටිනා ජීවිත දෙකක් රටට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක්. දුකක්. දෙදෙනාටම නිවන් සුව පතමි. (නි)
නිවන් සුව පතමි (නි)
නිවන් සුව ලැබේවා ! (නි)