
(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අතුරුදන්ව ඇතැයි වරකාපොල පොලීසිය කියයි.
සැකකාර නාවික සෙබලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් සෙබලෙකු වන අතර ඉහත ලොරි රථයේ ආරක්ෂාව පැමිණ සිටි පුද්ගලයෙකි.
මෙම ලොරි රථය කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඊයේ (24) රාත්‍රියේ වරකාපොල වරයගොඩ ප්‍රදේශයේදී සැකකාර නාවික සෙබළා ඔහුගේ සොහොයුරා නිවසේ සිට රාත්‍රී ආහාර රැගෙන විත් ඇති බවට පවසමින් එම ආහාර රැගෙන ඒමට ලොරි රථයෙන් බැසගොස් ඇති අතර යලිත් ඔහු පැමිණ නොමැති බව පොලිසිය පවසයි.
සැකකරු ලොරි රථයෙන් බැස ගොස් යළි නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලා රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නාවික සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් වරකපොල පොලිසියට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික සෙබළා රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන්