නවක වදයට එරෙහි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට එම පීඨයේම ඉගෙනුම ලබන නවක වදයට පක්ෂ තෙවැනි වසරේ සිසු පිරිසක් විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් පහර කෑ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම පහරදීම විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතන කොරිඩෝවේදී අද (18) පෙරවරු 10.30ත් 11.00 අතර සිදු වී තිබේ. පහරකෑමට ලක්වූ සිසුවා මහාධිකරණ විනිසුරුවරයකුගේ පුතෙකු බවද පොලීසිය පවසයි.
පහරදීම කළ බව කියන සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමනේ! දැන් ඔය මානසික රෝගී ළමයින්ට මොකක් හෝ දඬුවමක් දුන්නොත්, අර කිසිම දෙයක හොඳක් නොදකින අනුන්ගේ වැරදි පමණක් දකින දේශපාලන පක්ෂය විශ්ව විද්‍යාල වල ඉන්න අනෙක් ළමයින්වත් කුලප්පු කරලා රටේ ජනතාවටත් හිරිහැර වෙන ලෙස මහපාරේ ටයර් පුච්චලා උද්ඝෝෂණ කරයි. මොකද ඒ අය ඔවුන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් එදා ඉඳලම කළේ ඔය දෙයමනේ. (නි)
නවකවදය කියන එක මහලොකුවට හිතාගෙන මේවා කරන්නේ මන්දබුද්ධිකයෝ. මොවුන් තමා අනාගතයේ රටේ උසස් තැන් වලට එන්නේ (නි)
ඔවුන් අල්ලලා දඬුකඳේ ගැසිය යුතුයි. වචනයෙන්ම වදයක් නම් එය නැති කළයුතුමයි. සමාජගත කිරීමට ඕනෑ නම් ඒ සඳහා සුදුසු පිළිගතහැකි දෙයක් කළයුතුයි. (නි)
මම නම් කියන්නේ මේ මානසික ලෙඩුන්ට බෙහෙතක් ලබා දුන්නොත් හොඳයි වගේ. මගේ ළමයෙකුට වුණොත් මම දන්නවා කරන දේ (නි)
මෙම නවක වදය දෙන මානසික රෝගීන් වහාම අත්අඩංගුවට ගෙන අායතනයෙන් නෙරපා හැරිය යුතුයි. ඔවුන් ඉගෙනගන්නේත් නැත. ඉගෙනගන්න ඉඩදෙන්නේත් නැත. (නි)
මේ නිර්භීත සිසුවාට අපේ ප්‍රණාමය! නවක වදයට විරුද්ධ සියලු දෙනා එක්සත්ව හඬක් නැඟිය යුතුය. ඔය අන්තරේ ඉන්නේ කඩදාසි වීරයෝ (නි)
විශ්ව විද්‍යාල වල දැන් අහිංසක ළමයෙකුටවත් නිදහසේ ඉගෙනගන්න නැහැ. ඔය චණ්ඩින්ට වෙනම නීතියක් ගෙනෙන්න ඕනෑ (නි)
අන්තරේ කියන්නේ වනචාරී පක්ෂයේ ආරම්භක අවදියයි. මෙම ක්‍රියාකාරීන්ගෙන් සමාජයට කිසිම යහපතක් නැහැ. හැම දෙයටම විරුද්ධ වෙන එක තමයි එකම න්‍යාය. මෙවැනි පිරිස් සමාජයෙන් අතුගා දැමීමට දැඩි පියවර ගත යුතුයි. හීන මානයෙන්, වෛරයෙන් පිරිච්ච අධම රැලක්. පුද්ගලික අධ්‍යාපන ආයතන තව තවත් වැඩි කළ යුතුයි. (බ)
මුල් කාලවල විශ්ව විද්‍යාල වල නවක වදය දුන්නේ හැම සිසුවෙකුගේම මානසික මට්ටම එක මට්ටමකට ගෙනල්ලා ඉන්පසු ඔවුන් හැමෝම සහෝදරයෝ වගේ කරන්න. දැන් එ්ක කරන්නේ තුච්ඡ මානසිකත්වයෙන්. අනික දැන් ඔය කාටවත් ඔය වදය අවශ්‍ය නැහැ. දැන් හැම ගමකම වගේ රූපවාහිනී, අන්තර්ජාලය වැනි දේ තිබෙන නිසා හැමෝම එක වගේ දැනුවත් (නි)
මානසික ලෙඩ්ඩු විශ්ව විද්‍යාල වලට යනවා. කොහොමහරි සහතිකේ අරගෙන පොලිසියේ ඉහළ තනතුරු වලට ගියාට පස්සේ කරන දේ දන්නවනේ. විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට පෙර ඒ ඒ පළාත්වල මේ අයට කෙටිකාලින පුහුණුවක් දිය යුතුයි කුඩා කාණ්ඩ වශයෙන්. (නි)
මොවුන් මේ නවක වදය පවත්වාගෙන යන්නේ, අලුතෙන් එන ළමයින්ව බියගන්වලා ඔවුන්ගෙන් අවශ්‍යතාවන් සපුරාගැනීමට. එහෙම නැත්නම් තම දේශපාලන කණ්ඩායම් වලට බලෙන්ම ඇතුළු කරවා ගැනීමට. මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි (නි)
නවක වදයට පක්ෂ කණ්ඩායම සහ විපක්ෂ කණ්ඩායම වශයෙන් විශාල බෙදීමක් සරසවියේ කාලයක පටන් තියෙනවා. විපක්ෂ කණ්ඩායමේ අයට නාට්‍ය දර්ශන වැනි අවස්ථා වලට පවා සහභාගිවෙන්න ඉඩදෙන්නේ නැහැ. මෙවැනි බෙදීම් සහ තහංචි විශ්ව විද්‍යාල වල තිබියයුතු නැහැ. (නි)
නවක වදයට හැම දෙනාම විරුද්ධ වුණත් නවක වදය නවතින්නේ නැහැ. මිනිස්සු කල්ලියක් වශයෙන් ඉන්න හැම තැනකම නවක වදය තියෙනවා. සෑම ආයතනයකම කල්ලි තියෙනවා. ඒ කල්ලි වලට අලුතෙන් කෙනෙක් එනවා නම් කල්ලියේ ක්‍රමයට එකඟවෙන්න ඕනෑ. නැත්තම් යම් වදයක් ලැබෙනවා. විශ්ව විද්‍යාලෙත් එහෙම තමයි. (නි)
ඔන්න මහජන මුදලින් ඉගෙනීම ලබන ළමයි හැසිරෙන විදිය. කෝ උගත්කම? ඔවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
විනිසුරුවරයෙකුගේ පුතෙක් නවකවදයට එරෙහිවීම ගැන අපට සතුටුයි. නමුත් මේ වගේ අය අද කාලේ ගොඩක් අඩුයි. ඔබට ඉක්මන් සුව! (නි)
දැන් මේ ප්රශ්නය නිකමටහරි යාපනේ විශ්ව විද්‍යාලයක වුණා නම් මොනවා නොකියයිද (නි)
ඔය නවක වදය කියන දහ ජරාව තියෙන්නේ ලංකාව, ඉන්දියාව, පකිස්ථානය වැනි තුන්වන ලෝකයේ රටවල පමණි. මෙයට ප්‍රධාන හේතුව හීනමානය සහ ඊර්ෂ්‍යාවයි. මෙවැනි මිනිස් ගතිගුණ දඬුවම් කිරීමෙන් නැවැත්වීම අපහසුයි. (නි)
මොවුන් සරසවියෙන් නෙරපලම දාන්න ඕනෑ. කිසිම උසස් අධ්‍යාපන ආයතනයකට ගන්න බැරිවෙන්න. (නි)
නවක වදයට එරෙහි වූ සිසුවා වෙනුවෙන් අපි සැවොම එක්විය යුතුයි. පහරදුන් අය අල්ලා දඩුවම් දෙන්න (නි)
ඉඳලා ඉඳලා ඔන්න ඇන්නා කෙහෙල් ගහකට. දැන් වැඩේ හරි. හෙට අනිද්දට අන්තරේ පාරට බහියි අත්අඩංගුවට ගත් අහිංසක සිසුන් නිදහස් කරනු කියලා. (නි)
පහරදුන් ඒ උන්මන්තක සිසුන් මුලින් පුනරුත්ථාපනයකොට ඉන්පසුව සිරගතකොට ශිෂ්‍යභාවය අහෝසි කළයුතුයි. එවන් උන්මන්තකයින් විශ්ව විද්‍යාලෙට තබා, හිරගෙදරටවත් සුදුසු නොවන බව මගේ හැඟීමයි. (නි)
මහාධිකරණ විනිසුරුතුමනි, කෲර වදහිංසා පනතෙන්ම දෙන්න දෙමව්පියන්ටත් එක්ක උණ ගැනෙන්න. (නි)
අධිරාජය විරෝධී කියාගන්න පිරිස් තමයි නවකවදයට උඩගෙඩි දෙන්නෙ,පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන මානසික රෝගීන් තමයි නවක වදයෙන් සතුටු වෙන්නෙ. (අ)
මේවගේ වැරදි ක්‍රියා විශ්වවිද්‍යාල වලින් නිමාවක් දැකීම හැම දෙමව්පියෙකුගේම එකම බලාපොරොත්තුවයි. (අ)
මහජන මුදල් නාස්ති කරමින්, ඉගෙන ගන්නා කෙනෙකුටවත් ඒ වැඩේ කර ගන්න නොදෙන කමකට නැති පිරිසක්.! මේ සැරේ කොට්ටෝරුවෝ ටික ගිහින් කොටලා තියෙන්නේ හොදම කෙහෙල් ගහකට. අත අරින්න එපා . (අ)
අන්න හරි.ඔය සෙට් එක අල්ලලා, හිරේ දමන්න.(අ)
නිසි දඩුවම දීල විශ්ව විද්‍යාලයෙන් පන්නල දාන්න අනිත්යටත් එක්කම පාඩමක් වෙන්න (අ)
මෙයාල ගම වලින් ආපු ගම් බට්ටෝ මෙයාලට තිබෙන්නේ හීන මානය. උසස් අධ්‍යාපනයට මුදල් අය කළොත් බොහෝ ප්‍රශ්ණ විසදේවි. (අ)
උසස් අධ්‍යාපනය නොමිලේ දෙන එකේ ප්‍රතිපල තමයි මේ. පිනට ලැබෙන හින්දා අගයක් නැහැ. මම නම් කියන්නේ මේ වගේ අයව මුළු සමාජයෙන්ම තුරන් කල යුතු බවයි. (අ)
නවකවදය දීම නීත්‍යානුකූල කළ යුතුයි. එක එකාට මැරෙන තුරුම නවක වදය දීගත්තම මේ විශ්ව විද්‍යාල රොත්තම ඉබේටම වැහිලා යාවි. (බ)
මහ කුහකයො. කෙනෙක් රිදවලා මොකක්ද ලබන සතුට. (අ)
විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය දියුණු කරන්න නම් ඔය අන්තරේ කියන සහාසික මානසික රෝගී කණ්ඩායම තහනම් කරන්න.(අ)
පැවතී රජයන් හා වර්තමාන රජය මේ මානසික රෝගී සිසුන් කෙරෙහි දක්වන නිහඬතාවය තමයි මේ ප්‍රශ්නෙට මුල. මේ මානසික රෝගීන් කවදා හෝ විශ්ව විද්‍යාලයෙන් පිට වුවත් සමාජයට හානියක් මිස සෙතක් සිදු කරන්නේ නැහැ. කරුණා කර මොවුන්ව විශ්ව විද්‍යාලයෙන් පිටමන් කරන්න. (අ)
මේ නවක වදය නිසා ඉංජිනේරු පීඨයට ඇතුළු වුණ මගේ පුතාට ගෙදර එන්න වුණා. (නි)
කෝ ඔය හැමදේටම බලියන අන්තරේ අය්යලා මේ ගැන මොනවද කියන්නේ...(අ).
ටික දෙනෙක් හරි කූඩුවේ ටික කාලයකට තිබ්බනම් ඔය ගතිය ඉබේම හොදවෙයි. (අ)