නවක වදය හා කාන්තා හිංසනය වැළැක්වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමය එකතු වී පිහිටුවාගත් ප්‍රඥපත්තිය මෙම මස 12 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත්, කැලණිය විශ්ව විද්‍යාලයයේ එය ප්‍රථමයෙන්ම සිදු කරන බවත් කැලණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා කීවේය.
ඔහු මේ බව කීවේ අද පැවැති මාධ්‍ය හමුවක දී ය.
මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වූයේ නවකවදය නිසා සිසුන් විශ්ව විද්‍යාලයය අත හැර යාමත්, මහාචාර්යවරුන්ට පරිභව කිරීමත්, ආචාර්යවරුන්ට තර්ජනය කිරීමත් වැනි කරුණු නිසා බව ද ඔහු කීවේය.
පනත අනුව වැරදිකරුවන්ට අවුරුදු දෙකේ සිට පහ දක්වා සිර දඬුවම් දිය හැකියි. අපට අවශ්‍ය සිසුන්ට දඬුවම් කරන්න නොවෙයි. අවශ්‍ය සිසුන් යහමඟට ගැනීමයි. මීට පසු එන පැමිණිලි අපි විභාග කරන්නේ නෑ. පොලිසියට යොමු කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්න තිබුනේ 1950 ගණන් වල. (ර)
මමත් යුනිවසිටි ගිය කෙනෙක්. බොහෝවිට මම දැකපුදේ තමෛ කුමන හෝ අඩුපාඩු තියන ලමි තමයි වැඩියෙන් නවක වදයට යොමු උනේ. බොහෝ ගම්බද දුප්පත් ළමයි මේවට යොමුවෙනවා. නමුත් කම්පුස් වලින් එලියට ගොස් හොඳ ජොබ් එකක් හොයා ගත්විට සම්පුර්ණ වෙනස් වෙනවා. නවක වදයට මුලිකවම කටයුතු කරන්නේ දේශපාලනය කරන ශිෂ්‍ය කණ්ඩායම්. බහුතරය කැමති නැතත් නිහඬව බල සිටිනවා. (ර)
නවක වදය නැති කිරීමට දරන උත්සාහයට, ඔබ තුමාට අපගේ ප්‍රණාමය පුද කරමු. අනෙක් සරසවි ද ඔබ තුමා අනුගමනය කරාවි ය යන්නයි අපේ ප්‍රාර්ථනය. (ම)
නවක වදය යනු දුපත් මානසිකත්වයකි . එය ගෝත්‍රික සංකල්පයක්ද වේ. (ම)
වැස්සකටවත් සරසවියකට නොගිය සමහරු නවකවදය ගැන අදහස් පළකර ඇති එක ගැන දුකයි (නි)
නවකවදය දෙනු ලබන්නේ හීනමානයෙන් පෙළෙන එක්තරා කොටසක්. එය අනුමත කරන්නෙත් එක්තරා හීනමානයක් ඇති කොටසක්. උසස් පවුල් වලින් එන හෝ යහමින් මුදල් තිබෙන පවුල් වල සිසුන් මේවා අනුමත නොකරති (නි)
ඔය කියන ප්‍රඥප්ති මොකුත් ඕනෑ නැහැ. වරදට අහුවෙන අයගේ විස්තර විශ්ව විද්‍යාලේ වෙබ් පිටුවට එකතු කරන්න. ඒ අය රැකියාවකට ඉල්ලුම් කරනකොට සේවාදායකයන්ට විස්තර අදාළ සරසවියෙන් ගන්න ඉඩදෙන්න. නවක වදය නිකම්ම නැතිවෙලා යයි. (නි)
මේ අවුරුද්දේ නවක වාදය විඳින එකා ඊළඟ අවුරුද්දේ වද දෙන උන් වෙනවා ඒක නිසා පළමු වසරේ රැග් වෙච්ච අය ප්‍රති පත්ති මය තීරණයකට එන්න ඕන අපි රැග් කරන්නේ නෑ කියල (ම)
මේ ගත් තීරණය මොන බාධක ආවත් ක්‍රියාත්මක කරන්න (නි)
මමත් විශ්ව විද්‍යාල පළමු වසර සිසුවියක්. අපිට කරුණාකර උදවු කරන්න. මේක අපිට ලොකු මානසික වදයක් (නි)
ඉහත ඇති සියලුම මහජන අදහස් හරියට හරි. මේ ගෝත්‍රික නවක වදයෙන් තුරන් කළ යුතුයි ලංකාවේ සරසවිවලින්..! කැලණි වී.වීද්‍යාලයේ නම් කොන්ද පන ඇති උප කුලපති කෙනෙක්. උපහාරය ඔබට උපකුලපති තුමනි...! නව නීති මොකටද..? තියන නීති ටිකවත් හරියට ක්‍රියාත්මක නොකරන කොන්ද පන ඇති උප කුලපතිලා නැති කොට..? 1970 දශකයේ සිට මේ දක්වා නවක සිසුන් 19/20 කට පමණ දිවි අහිමිකළ 25000 ක් පමණ සිසුන් නවක වධය දරා ගැනීමට නොහැකිව විශ්ව විද්‍යාල අත හැර හැර ගොස් ඇති බව හොඳින් දන්නා නිවට කුලපතිලා ,උපකුලපතිලා කාට ද මේ බය ..? ජවිපෙ ටද ..? පෙරටුගාමීන්ටද ..? ආණ්ඩුවටද..? නවක වධකයන්ට එරෙහි නීති තිබියදීත් ඒවා නොදන්නවා සේ බුදියාගෙන සිටින පාලනාධිකාරීන්ද, අවතැන් වී සිටින ජවිපෙ සහ පෙරටුගාමීන්ද මේ අපරාධයට වග කිව යුතුයි. (අ)
මෙම මානසික රෝගය හඳුනා ප්‍රතිකර්මයක් යෙදීම ගැන මගේ ප්‍රණාමය! මෙලෙස තම ලද බලය අයතුලෙස භාවිතා කරන්නවුන්ට අනාගත රට බාරදීම කිසිසේත් නොකළ යුතුයි (නි)
අපේ දරුවාට අවුරුදු 12 ක් දුක් මහන්සියෙන් උගන්වලා ඔය විශ්ව විද්‍යාලයටමයි ඇරියේ. අන්තිමේදී දරුවාගේ ඔලුව නරක්වේගෙන ආවා ගිහින් මාස 4 - 5 ක් යද්දී. අපේ දරුවා හරි අහිංසකයි. යන්නම බැහැ කිවුවා. අන්තිමේදී අපි දරුවාව ජපානේ ඉගෙනගන්න ඇරියා. එන අවුරුද්දේ එහෙ රැකියාවකුත් එක්ක සියලු දීමනා දරුවාට ලැබෙනවා (නි)
ඔබ හරි සේනක. කමක් නැහැ. ප්‍රමාදව හෝ ජීවිත බේරෙනවා. (නි)
නියම වැඩක් සර්.(හේ)
මහජන මුදලින් ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්න කියමු. නැත්නම් විශ්ව විද්‍යාල වලින් එළියට ගිහින් දේශපාලනය කරන්න කියමු. මේ නවකවද උද්ඝෝෂණ සියල්ල මෙහෙයවන්නේ බංකොලොත් දේශපාලන පක්ෂ නායකයන් ඔවුන්ගේ පැවැත්මට අතකොලු කර ගත්ත ශිෂ්‍යයන් යැයි කියන කොටසක් විසින්. විශ්ව විද්‍යාල වලට අවශ්‍ය පක්ෂ බේදයක් නැති ශිෂ්‍ය සංගම් මිස කඩාකප්පල්කාරීන් නොවෙයි. (නි)
පිටරටවල ජ්‍යෙෂ්ඨ සිසුන් අලුත එන ළමයින්ට උදව් කරනවා. ඒකට අපේ රටේ? මෙය පාලකයින් විසින් තදබල නීති දමා, බොරු නොකර කෙසේ හෝ ඉවත් කළයුතුයි. විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කිරීම තහනම් කළයුතුයි. (නි)
ඉතා හොඳ වැඩක් (නි)
උපකුලපතිවරයා ගත් ක්‍රියාමාර්ගය අති ප්‍රශංසනීයයි. ශිෂ්‍ය සංගම් වල පුහු විරෝධය ඉදිරියේ ඔබ පොදු සිසුන් වෙනුවෙන් ගත් නිර්භීත තීරණයට ජාතියේ ප්‍රණාමය!!! (නි)
සමහර උසස් තාක්ෂණ ආයතනයන්හි දරුවන් එක දිගටම මාස 06 ක්ම නවක වදයෙන් පීඩා විඳිනවා. එසේම උසස් යැයි කියාගන්නා පාසල් වලත් එසේමයි. එහෙයින් සියලුම තැන්හි සිදුවන නවක වදයන් නැවැත්විය යුතුයි. නීති හදන අය දකින්නේ එකවිටක එක දෙයක් පමණයි. හැම නීතියකටම හැමදාම සංශෝධන ගෙනඒමට සිදුව ඇත්තේ එනිසයි. අනෙක නවක වදයට වුවද සාමන්‍ය නීතිය යටතේ ක්‍රියාකිරීමට තරම් නීති ශ්‍රී ලංකාවේ ඇත. (නි)
නවක වදය දීමට ඉදිරි පත් වන ඕනෑම සිසුවෙක් ඇත් නම් ඒ පුත් ගලයට ලංකාවේ හෝ වනත් රටක හෝ වෙන රටක විස්වාවිද්දීයලයකට යාමට නොහැකි කටුතු කරන්න ඕනේ. දැඩි දඩුවම් දුන්නොනේ එතකොට ඉදිරි අනාගතයේ එයාවත් හැදෙයි කියල මම හිතනවා. (ර)
ලංකාවේ ඉන්න මිනිස්සු තවම කැලෙන් එළියට ඇවිල්ලා නැහැ කියලා පෙනෙන්නේ යුරෝපයේ ඉන්න අපිටයි (නි)
දියුණූ රටවල ළමුන් නවකයන් පිළිගන්නා හැටි, වැදගත් විදියට කැම්පස් වල සතුටින් විනෝදයෙන් හා ඵලදායිව කාලය ගතකරන හැටි වීඩියෝ මඟින් හෝ පෙන්වන්න. රැග් කරන අයගේ බාහිර ස්වරූපය කොතරම් කර්කශද යන්න පෙන්වා දෙන්න. ලංකාවේ සරසවි වල ප්‍රසිද්ධ ස්ථාන වල සිසිටිවි කැමරා සවිකරන්න. ප්‍රශ්නයක් ආ විට රටේ සාමාන්‍ය නීතිය යටතේ පොලිසියට බාරදෙන්න. මේක නොකිරීම තමයි වැරැද්ද. (නි)
මේවා කරන්න තිබුනේ ගොඩක් කලින්. (හේ)
පමාවෙලා මේ තීරණය ගත්තත් සතුටු වෙනවා (හේ)
අවශ්‍යම දෙයක්.(හේ)
දන්නා තරමින් නවක වදය දෙන එකම රට ලංකාව, මෙහේ ඉන්න ළමයි අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර අපි ළග නැහැ, කනගාටුයි (හේ)
නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වරප්‍රසාදයක්. එම වරප්‍රසාදය ලබාගන්න අයට කරුණු සඳහන් මුලික ගිවිසුමක් ආරම්භයේදීම ලබාදුන්නා නම් තත්වය මිට වැඩ පාලනය කරගන්න තිබුණා. (ම)