මන්නාරම මූතුඅරිප්පුතුරෙයි ප‍්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලාවත්තුරෙයි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා ලබන 24 වෙනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජී.ඇලෙකස්රාජා මහතා අද (21) නියෝග කළේය

රාත්‍රීයේ නිවසකට අනවසරෙන් ඇතුළු වූ  බව කියමින් නාවික හමුදා නිලධාරි‍යෙකුට ගම්වාසීන් පහර දී තිබුණු අතර මෙහිදී ඇතිවූ ගැටුමකදී එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇත.