අනුරාධපුර කඩ පනහේ පැනොරාමා නයිට් ක්ලබ් හිමිකරු වසන්ත සොයිසා මරා දැමී යැයි සැකපිට නාවික හමුදාවේ කන්කසන්තුරේ කඳවුරේ කිමිඳුම්කරුවකු පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.
තවත් සැකකරුවෙක් නොවැම්බර් 9 දක්වා රිමාන්ඩ් කැරිණි.
කන්කසන්තුරේ උත්තර නාවික කඳවුරේ කිමිඳුම්කරු අනුරාධපුර කාර්මික පෙදෙසේ කහඳගමගේ මිරාජ් රාජිත විජේසේකර රඳවා තබා ගැනීමටද නාච්චදූවේ දොළහ ඇලේ පී.ජී.රුක්ෂාන් ශ්‍රීනාත් විජේතිස්ස රිමාන්ඩ් කළ පුද්ගලයාය.
මීට පෙර සැකකරුවෝ 22 ක් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා රටට.ඔහොම එක එක්කෙනාට ඕනෑ විදියට නීතිය අතට ගන්න ගියොත් මොනවා වෙයිද? (නි)
රට බේරාගත්තු වීරෝදාර රණ විරුවන් අතරේ මේවගේ අසමජ්ජාති සෙබළු යි කියාගන්න අයත් ඉන්නවා මුන්ට කිසිම සමාවක් දෙන්න එපා. (අ) . .
නපුරු දුදනන්ගේ සියොලගෙහිම විෂය.. යාලුවො ලොකු කරන් ඉන්න හැම කෙනාටම හොද පාඩමක්. (රේ)
ඇත්තද මේ එස් එෆ් ලොක්ක තවම අල්ලගන්න බැරිවෙලා තිබෙන්නේ ප්‍රභල දේශපලකයෙක් ඔහුට රැකවරණ දෙන නිසා කියන කතාව ?(හේ)
මේ ගොල්ලෝ නේද රට බේර ගත්ත රණවිරුවෝ කියල ජනතාවගෙන් පිදුම් උපහාර ලැබුවේ. දැන් පේනවා නේද රට බේර ගත්ත කියල පම්පෝරි ගහන හැම මිනිහටම ඒ ගෞරවය ලබන්න වරම් නැහැ කියල. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)