
(අංජුල මහික වීරරත්න)
සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සර්වේයර් ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.කේ.එස්.පී. විජේසිංහ මහතා වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත2025 -01-22 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.
ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවා විශේෂ ශ්‍රේණියේ නිලධාරී වයි.ජී. ඥානතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඔය තනතුරට සර්වේයර් ජෙනරාල් කියන්නේ අතීතයේ මිනිස්සු සරුව ජනෙල් කන්තෝරුව කිව්වෙත් ඕකටද? ඔය තනතුරට සිංහල නමක් ඇත්තේම නැද්ද? සිංහලෙන් කිව්වාම ලැජ්ජයිද පැහැදිළි නැහැ... ඊළඟට පළාත් කාර්යාලයේ ලොක්කා නියෝජ්‍ය සර්වේයර් ජෙනරාල් කියලා සිංහල වචනයයි ඉංග්‍රීසි වචන දෙකකුයි යොදනවා...