රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් වටිනා විදේශීය සිගරට් තිස් හත් දහසක් රැගෙන සාජා සිටි මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු නිතර, නිතර ශ‍්‍රී ලංකාව හා සාජා අතර යාම් ඊම් සිදුකරන කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද උදෑසන මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 408 දරණ ගුවන්යානයෙන් සාජා සිටි මෙරටට පැමිණ භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ට පිටවීමට ඇති මාර්ගයේ ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.
එහිදි සහකාර රේගු අධිකාරී එල්.පී.එම්.පී කුමාර මහතාට සැකකරු පිළිබඳ ඇති වූ සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම සිගරට් තොගය සොයාගෙන ඇත.
මේ පිළිබඳව රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම සිගරට් තොගය රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරි ඉන්ද්‍රා උක්වත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.ඒ.ඞී ප‍්‍රසන්න, ඊ.පී කොට්ටච්චි, ඒ.ජී.ඒ.එස් ගුණසේන, ඞී.ඞී.එස්.සී මයිකල් සහ ජී.සී.පී ගමගේ යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවට දැන් මතයි දුමයි රත්තරනුයි අහු වෙනවා. ඒත් දඩුවම් ලැබුණු කා ගැනවත් ආරංචි නෑ. රේගුවට අහුවෙනවද කියලා බලන්න පොඩි ට්‍රයල් එකකටත් එක්ක පොඩි ගාණක බඩු ටිකක් ගේනවා .අන්තිමට පොඩි දඩයක් ගහලා යවනවා. ආයේ තව පාරක් ගිහින් පිට පාරෙන් ගෙන්නනවා. (ස)
මේ වරදට දඬුවම ගෙනා භාණ්ඩ රාජසන්තක කිරීම සහ රුපියල් විසිපන්දාහේ දඩය පමණක්ද? (නි)