IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව ලක්ෂයක සිගරට් ගෙනල්ලා

රුපියල්  නව ලක්ෂ  විසිපන්දහසක් වටිනා විදේශීය සිගරට්  තිස් හත් දහසක්  රැගෙන සාජා සිටි මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද උදෑසන  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය  ප‍්‍රකාශක රේගු නිවාරණ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු  නිතර, නිතර ශ‍්‍රී ලංකාව හා සාජා අතර යාම් ඊම් සිදුකරන කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.


ඔහු අද උදෑසන මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 408 දරණ ගුවන්යානයෙන් සාජා සිටි මෙරටට  පැමිණ භාන්ඩ කිසිවක් රේගුවට ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ට පිටවීමට ඇති මාර්ගයේ ඔස්සේ  ගුවන්තොටුපොළෙන්  පිටවීමට උත්සහ කර ඇත.

එහිදි සහකාර රේගු අධිකාරී එල්.පී.එම්.පී කුමාර මහතාට සැකකරු පිළිබඳ ඇති වූ සැකයක් මත ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම සිගරට් තොගය සොයාගෙන ඇත.

 මේ පිළිබඳව රේගු පරීක්ෂනය  සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම සිගරට් තොගය රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරි ඉන්ද්‍රා උක්වත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.ඒ.ඞී ප‍්‍රසන්න, ඊ.පී කොට්ටච්චි, ඒ.ජී.ඒ.එස් ගුණසේන, ඞී.ඞී.එස්.සී මයිකල් සහ ජී.සී.පී ගමගේ යන නිලධාරීහු සිදුකරති.

 

 



අදහස් (0)

නව ලක්ෂයක සිගරට් ගෙනල්ලා

වරුණ Thursday, 12 September 2013 02:48 PM

රේගුවට දැන් මතයි දුමයි රත්තරනුයි අහු වෙනවා. ඒත් දඩුවම් ලැබුණු කා ගැනවත් ආරංචි නෑ. රේගුවට අහුවෙනවද කියලා බලන්න පොඩි ට්‍රයල් එකකටත් එක්ක පොඩි ගාණක බඩු ටිකක් ගේනවා .අන්තිමට පොඩි දඩයක් ගහලා යවනවා. ආයේ තව පාරක් ගිහින් පිට පාරෙන් ගෙන්නනවා. (ස)

:       0       0

ධම්ම Thursday, 12 September 2013 03:11 PM

මේ වරදට දඬුවම ගෙනා භාණ්ඩ රාජසන්තක කිරීම සහ රුපියල් විසිපන්දාහේ දඩය පමණක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site