විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ආ චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ 120 ක් සමග ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවන් කොළඹ පදිංචි රෙදි පිළි ව්‍යාපාරිකයන් වන අතර මින් එක් අයෙකු ලග චන්ද්‍රිකා ග්‍රාහක 50 ක්ද අනෙකා ලග 70 ක්ද තිබූ බව රේගුව කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සමග පැමිණී තවත් පුද්ගලයෙකු තවත් චන්ද්‍රිකා ග්‍රාහක 65 ක් සහිත ගමන් මල්ලක් ගුවන්තොටුපොළේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව රේගුව කියයි.
අත්අඩංගුවට ගත් චන්ද්‍රිකා ග්‍රාහක වල වටිනාකම රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් බවට රේගුව ගනන් බලා ඇත.
නිතර නිතර ඉන්දියාවට යන බව කියන මොවුහු ඊයේ ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබිලිව්. 252 දරණ ගුවන යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ඇත.
සැකකරුවෝ මෙම භාන්ඩ ගමන් මලූ කිහිපයක බහා මෙහි ගෙනවිත් තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන හර්ෂ ජයතිලක, රංජිත් අල්විස්, චන්දන විජේසේකර සහ නියෝජ්‍ය රේගු අදිකාරීවරුන් වන එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ශ‍්‍රී ලාල් විජේවර්ධන, එම්.එම්.එස්.සී කුමාර යන නිලධාරිහූ සිදු කරති..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා ඕවා පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ විකුණන්න පුළුවන් (නි)
ඇමති කෙනෙක් ගේ බෑග් එකක් වුණා නම් ඒත් ඔහොම වෙයිද? (නි)
පගාව දීල නැතුව ඇතී ,එම නිසා අල්ලලා තියෙන්නේ , රේගු නිලදාරීන් දවසකට පගාවෙන් හම්බකරනවා වගේ ලංකාවේ කිසිම කෙනෙක් හම්බකරන්නේ නෙහැ, හරි පගාවක් දුන්නොත් මේ බඩු ටික මෙලහාකටත් එළියේ. (දී)
එක පැත්තකින් නීති විරෝධී වැඩ සහ දේවල්. අනික් පැත්තෙන් බදු මුදල් සහ වංචාව. උපරිම දඩයක් ගහන්න. නැවත රට නොයන්න ගමන් බලපත්‍ර අහිමි කරන්න (නි)
අපේ රේගු නිලදාරින්ට අපේ සුබ පැතුම්! (නි)
මේවා චන්ද්‍රිකා රුපවාහිනී ග්‍රාහක උපකරන්නේ, මේවා ලෝකේ ඕනෑම තැනකින් අඩුවට මිලදීගන්න පුළුවන්, ලංකාවේ තහනම් කලේ ඇයි කියල හිතාගන්න බැහැ. (දී)
තහනම් කලාට වැඩක් නැහැ ලෝකේ ඕනෑම තරම් තියෙනවා
චන්ද්‍රිකා ගෙන් තියෙන කරදරයක්. (නි)
මේ පාර යම් ගැටළුවක් වෙලා තියෙන හැඩයි. නැත්නම් මෙච්චර මේ විදියට වෙන්න විදියක් නැහැ. නිතර ඉන්දියාවට යන අය මෝඩ ද ? (නි)
මේවා ටීවී බලන්න සවිකරනවා වැනි ඩෙකෝටර්නෙ. රු 2500/ පිට කොටුවෙ තියෙන්නෙ.
මේ උපකරණ මොනවාදැයි හරියටම පැහැදිලි නැහැ. පෙනෙන විදිහට ඒවා චන්ද්‍රිකා සංඥා ග්‍රාහක උපකරණ පමණයි. එය එසේනම් ඒවා ගෙනඒමට විදුලි සංදේශන නියාමන කොමිසමේ පූර්ව අනුමැතිය අවශ්‍යවීම නීති පොතට ඇතුලත්කළ වැරැද්දක්. මෙය නිවැරදි කළ යුතුයි. (නි)
හරි ලොකු වැඩක් කරලා ........... ඇමතිලගේ ඒවත් ඔහොම බලනවද ? (අ)
කෝ අරක්කු ස්පිතු ගෙනාපු කෙනාට මොකද කෙරුවේ? (නි)
මේ චන්ද්‍රිකා කාලයක් නැතුව හිටියා. දැන් ආයෙමත් කරදර කරනවා (නි)