නව යුධ හමුදාපති ලූතිනල් ජෙනරාල් දයා රත්නායක මහතා යුධ හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිළ සංචාරයක නිරත වු අතර එහිදී ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාද හමු විය.
ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රෙය්දී ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි වීරකෝන් මහතා ඇතළු ගුවන් හමුදා නිලධාරිහු ගෞරව සමිමාන මුරයක්ද පිරිනමිමින් නව යුධ හමුදාපතිවරයාව පිළිගත්හ.
අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා යුධ හමුදාපතිවරයා අතර සුහද කතාබහකද නිරත වූ අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත්හ. එහිදී යුධ හමුදාපතිවරයා සමරු සටහනක් තැබීය.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද නව පත්වීමි ලද යුධ හමුදාපතිවරයාට සුභ පතන ලදී.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව යුධ හමුදාපති ප්‍රථම වරට ගුවන් හමුදා මූලස්ථානයට යයි
පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 04:16 PM
කොබ්බෑ කඩුව මහත්තයගෙන් පස්සේ මේ රටට බිහි උන හොඳම ඍජු දක්ෂ අවංක පිරිසිඳු හමුදා නායකයා සරත් ෆොන්සේකා මහත්තයයි , අපි ඔබට සුබ පතමු.(නදී)
මිහිර Wednesday, 18 September 2013 10:42 AM
ඇයි පොලිසිය හමුවුනොත් නරකද එතුමා අනිවාර්යෙන්ම මොන ආයතනයේ උනත් පොලිසියත් ඕන නේද? අපි සුභ පතනවා නව යුද හමුදාපතිට. (ස)
උපාලි Wednesday, 18 September 2013 11:31 AM
අපි අහලා තියෙන්නේ දයා රත්නායක මහතා ඉතා දක්ෂ, ඍජු හමුදා නිලධාරියෙකු බවයි. එතුමාට සුබ පතමි. (ස)
අචිනි Wednesday, 18 September 2013 11:42 AM
මොන දක්ෂ නිලදාරියා ආවත් සරත් පොන්සේකාට වෙච්ච දේ මතක තියාගෙන වැඩ
අනුර - නාවලපිටිය Wednesday, 18 September 2013 11:50 AM
ඔබට සුභ පතනවා. (ස)
පිටිගල මිලානෝ Wednesday, 18 September 2013 12:49 PM
හමුදාපති වී මාසයකටත් වැඩි කාලයක් ගත වුනාටත් පසුවද මෙහි යන්නේ? මෙය පමාවට හේතු විමසිය යුතු අවස්තාවක් මිස උත්සවාකාරයෙන් පිළිගත යුතු අවස්තාවක් නොවේ. (ස)
නුවන් Thursday, 19 September 2013 09:32 AM
ස්ථානෝචිත ප්‍රඥාව තමයි හැමදේටම වැදගත් (නි)
රත්න Wednesday, 18 September 2013 07:06 PM
ඉදිරි බලාපොරොත්තු සඵල වේවා! (නි)
සරත් Wednesday, 18 September 2013 03:42 PM
මොන තනතුරු ලැබුනත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ දන්නවනේ අපේ ලොක්කට උනදේ. මගේ සුභ පැතුම්. (ස)
ගුණරත්න Wednesday, 18 September 2013 10:09 AM
ගුවන් හමුදාව විතරක් නෙමෙයි, නාවික හමුදා ,එස්.ටි.එෆ්. එකත් හමුවුණොත් හොදයි (නි)