නව යුධ හමුදාපති ලූතිනල් ජෙනරාල් දයා රත්නායක මහතා යුධ හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ ප‍්‍රථම වරට නිළ සංචාරයක නිරත වු අතර එහිදී ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාද හමු විය.
ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රෙය්දී ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් ඩි ජේ සි වීරකෝන් මහතා ඇතළු ගුවන් හමුදා නිලධාරිහු ගෞරව සමිමාන මුරයක්ද පිරිනමිමින් නව යුධ හමුදාපතිවරයාව පිළිගත්හ.
අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා යුධ හමුදාපතිවරයා අතර සුහද කතාබහකද නිරත වූ අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු පලක හුමවාරු කරගත්හ. එහිදී යුධ හමුදාපතිවරයා සමරු සටහනක් තැබීය.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්ද නව පත්වීමි ලද යුධ හමුදාපතිවරයාට සුභ පතන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොබ්බෑ කඩුව මහත්තයගෙන් පස්සේ මේ රටට බිහි උන හොඳම ඍජු දක්ෂ අවංක පිරිසිඳු හමුදා නායකයා සරත් ෆොන්සේකා මහත්තයයි , අපි ඔබට සුබ පතමු.(නදී)
ඇයි පොලිසිය හමුවුනොත් නරකද එතුමා අනිවාර්යෙන්ම මොන ආයතනයේ උනත් පොලිසියත් ඕන නේද? අපි සුභ පතනවා නව යුද හමුදාපතිට. (ස)
අපි අහලා තියෙන්නේ දයා රත්නායක මහතා ඉතා දක්ෂ, ඍජු හමුදා නිලධාරියෙකු බවයි. එතුමාට සුබ පතමි. (ස)
මොන දක්ෂ නිලදාරියා ආවත් සරත් පොන්සේකාට වෙච්ච දේ මතක තියාගෙන වැඩ
ඔබට සුභ පතනවා. (ස)
හමුදාපති වී මාසයකටත් වැඩි කාලයක් ගත වුනාටත් පසුවද මෙහි යන්නේ? මෙය පමාවට හේතු විමසිය යුතු අවස්තාවක් මිස උත්සවාකාරයෙන් පිළිගත යුතු අවස්තාවක් නොවේ. (ස)
ස්ථානෝචිත ප්‍රඥාව තමයි හැමදේටම වැදගත් (නි)
ඉදිරි බලාපොරොත්තු සඵල වේවා! (නි)
මොන තනතුරු ලැබුනත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ දන්නවනේ අපේ ලොක්කට උනදේ. මගේ සුභ පැතුම්. (ස)
ගුවන් හමුදාව විතරක් නෙමෙයි, නාවික හමුදා ,එස්.ටි.එෆ්. එකත් හමුවුණොත් හොදයි (නි)