ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ නව මහ ඇමති ලෙස තුන් වන වරටත් තේරී පත් වූ භාරතීය ජනතා පක්ෂයේ ශිවරාජ් මෞහාන් මහතා දිව්රුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගී වුහ.
මහා සංඝරත්නය එහිදී නව මහ ඇමති ශිවරාජ් මෞහාන් මහතාට සෙත් පැතූහ.
අද දහවල් ඉන්දියාවේ බෝපාල් නගරයේදී පැවැති විශේෂ උත්සවයකදී ශීවරාජ් මෞහාන් මහතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
භාරතීය ජනතා පක්ෂයේ මී ලග අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝදි, ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ අද්වානි, ඉන්දීය විපක්ෂ නායිකා සුස්මා ස්වරාජ් ඇතුළු දේශපාලඥයින්ද, සම්භාවනීය අමුත්තන්ද, රාජ්‍ය නිලධාරීන් සහ මධ්‍ය ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට එක් වුහ.
ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමි, නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ මාධ්‍ය අධ්‍යක්ෂක සමන් අතාවුදහෙට්ටි මහතාද විශේෂ ආරාදිතයින් වශයෙන් මෙයට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරතීය ජනතා පක්ෂය වැඩිම පාක්ෂිකයින් හින්දු.(දිල්)
තුන් වරක්- තුන් සරණක්- සෙත් පැතුමක් - අගේ වැඩක්...(දිල්)
භාරතීය ජනතා පක්ෂයට ජය ලැබේවා!!!(දිල්)
මේවගේ දේවල් හොද වැඩ(දිල්)
තමිල් නඩුවේ බලයේ වෙනසක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ. ජයලලිතා ගේ ඔටුන්නේ හිමිකාරයා අපේ රටට වැදගත් කෙනකු වේවි. ජයලලිතාට නැවත බලය ලැබුනොත් අපේ බලයේ සිටින අය කුමක් කරාවිද ? (නදී)
බි.ජේ.පී. යටවුනත් බහුතරයක් ගන්නවෙන එකක් නැහැ, ඉන්දියාවෙ ප්‍රාන්ත දේශපාලන අරගලය නිසා. (දිල්)