ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනුවෙන් මින් ඉදිරියට පොලිසිය නොහඳුන්වන ලෙසද 'ශ්‍රී ලංකා පොලිසිය' යන නාමය භාවිතා කරන ලෙසද නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) ප්‍රකාශ කළේය.

පොලිස් මූලාස්ථානයේ දී වැඩ භාර ගනිමින් ඔහු පැවසූයේ තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි.

මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය කිසිවිටකත් විසුරුවා හරින්නේ නැතැයි ද පොලිස්පති කීවේය.

රජයේ මුදල් හා දේපළ රැක ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තව දුරටත් ශක්තිමත් කරන බවත් රජයේ දේපළ කොල්ලකන අයට තමන්ගෙන් සමාවක් නොලැබෙන බවත් තමාට මෙම තනතුර ඔටුන්නක් නොවන බවත් තමා මේ තනතුරට පත් වූයේ වැඩ කිරීමට මිස සැප විඳීමට නෙවන බවත් පැවසූ ඒ මහතා තමාගේ රාජකාරියට දේශපාලනයක් නැති බවත් වැරදි කරුවන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් හේ පැවසීය.

මෙය තමන්ගේ මුල්ම හා අවසාන මාධ්‍ය සාකච්ඡාව බවත් ඔහු පැවසුවේය.

GLA_0731 GLA_0880 GLA_0979 GLA_0980 GLA_1003 GLA_1052 GLA_1213