නව විගණන පනත ඉදිරි දෙසතිය ඇතුළත ගැසට් කරන බව විගණාකාධිපති ගාමීණී විජේසිංහ මහතා පවසයි.
මෙම පනත මගින් විගණකාධිපතිවරයාගේ බලතල ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිරයනසේ පුළුල්වන බවද ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහනාහිමිවරු දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විගණකාධිපතිවරයා මේ බව කීවේය.
විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් බවත් එහිදී මේ සම්බන්ධව ක්‍රියාත්මකවීම සම්බන්ධව ප්‍රශ්න පවතින බවත් කී ඒ මහතා නව පනත මගින් මෙම වර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට නිකුත්කිරීමේ අවකාශද සැලසෙන බව අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ විගණන වාර්තාක්ට පසුගිය කාලයේ හමස් පෙට්ටියට ගිය තත්ත්වයක් ඇතිවූ බවත් නව රජය ඇඟිලි ගැසීම් වලින් තොරව නිදහසේ කටයුතු කරගෙන යෑමේ පසුබිම විගණකාධිපති දෙපාර්තුමේන්තුවට ලබාදී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත පියවරකි දැනට බොහෝ රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන වල විගණන විමසුම් වලට පමණක් සිමා වී ඇති විගණනයන් පාර්ලිමේන්තු හමුවට කැදවීමේ බලයද ඇති කොට නිත්‍යානුකුල ඉදිරි පියවර ගතහැකි මට්ටමට පියවර ගැනීම කඩිනමින් කළ යුතුය. (බ)
පලි ගැනීමේ චේතනාවෙන් නොව සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා.! (ර)
ප්‍රමාද වී හෝ රටේ අවශ්‍යතාවයක් ඉටුවීම සතුටට කරුණකි. ලබාගන්නා බලතල මඟින් ඉක්මනින්ම ජනතාවට දැනෙන පරිදි ක්‍රියාත්මකවීම මෙතුමන්ලාගේ වගකීම සහ යුතුකම වියයුතුය. (නි)
වැඩි බලතල වගේම, කාගෙවත් බලපෑමක් නැති ස්වාධීන ආයතනයක් වෙන්න ඕනෑ. තවද, විගණකාධිපතිගේ නිලධාරීන් ගැනත් හොයා බලන්න ආයතන තියෙන්න ඕනෑ (නි)
මෙන්න යහපාලනයේ තවත් කඩ ඉමක්. යහපාලනයට ජයවේවා !!! (ම)