නව පක්ෂයක් බිහි කිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් තවත් එය සැඟවිය යුතු නැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නව පක්ෂය අනිවාර්යයෙන්ම බිහි කරන බවත් එහි නම හා ලකුණු ඉදිරි මැතිවරණය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශ කළ පසු රටට හෙළි කරන බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම මහතා අද (23) මහනුවරදී පැවැසිය.
රණවිරුවන් සුරකීමේ ව්‍යාපාරයේ මෙහයවීමෙන් අද මහනුවර මධ්‍යම වෙළද පොළ ඉදිරිපිට පැවැති අත්සන් දසලක්ෂයේ පෙත්සමට අත්සන් ලබාගැනිමේ වෙනුවෙන් පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී මන්ත්‍රිවරයා එසේ පැවැසිය.
පාර්ළිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ඒකාබද්ධ විපක්ෂය ඉල්ලන බවත් එය අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බවත් ආණ්ඩුවට ඡන්දය දුන් අයට විපක්ෂ නායක,විපක්ෂ සංවිධායක ධුර පිරිනැමීමෙන් සැබෑ විපක්ෂයේ කාර්ය භාරය සිදු නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් වන්නේ මවුබිම ආරක්ෂා කිරීමය. නව පක්ෂය නොවේ. මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව අනතුරේ දානවා පමණක් නොවේ රටේ ආර්ථිකයත් විනාශ කරනවා. අපේ උගත් පාඨකයෝ මහින්දගේ වැරදි හොයනවා. (නි)
බලය ගන්නකම් මේ හැමෝම ජනතාවාදියි. බලය ගත් විට යන්නේ උඩින්...දැන් මේ අය රටේ ජනතාවගේ දැවෙන එක ප්‍රශ්නයකට පාරට බැස්සද? (ම)
බලය තිබෙන කල නොරැකි රණවිරුවන් ඉදිරියට දමා, පටු ජාතිකත්වය තමන්ගේ වාසියට අවුළුවමින් මේ රකින්න හදන්නේ කවුද? කුමකින්ද? ජනතාව බුද්ධිමත් වියයුතුයි. (නි)
නියමිත කාලයට කලින් මහින්ද මහතා ඡන්දය තිබ්බේ, තව වසර දෙකකින් ඒ මහතාට හොදටම අපල කාලයක් එන නිසා. ඒ අනාවැකිය හරියන බව අපිට පෙනෙනවා. (ර)
මේවට අහුවෙන්නේ නැහැ. ජනතාව බුද්ධිමත් (නි)
නමුත් මහින්ද මහත නිදහස් පක්ෂය අතාරින්න බයයි වගේ නේද? (නි)
සුබ පැතුම්! (නි)
අනේ මේ කෑ කෝ ගහන්නේ මොනවටද කියා ජනතාව දන්නවා. මැතිවරණය කියලා කියන්නේ, ඉදිරියේදී තියෙන්නේ පළාත් පාලන මැතිවරණයක් පමණයි. එයින් ඔබේ පක්ෂය බලය ගත්තා කියමුකෝ. ඔබට මොනවද කරන්න පුළුවන්? (නි)
පක්ෂ එකක් නෙමෙයි 10ක් හැදුවත් මේ පක්ෂය වට්ටන්න බැහැ (නි)
"අපි අනිවාර්යයෙන්ම පක්ෂයක් බිහිකරනවා" ( හැබැයි 2025 දී ) (ම)
අපි ඔබ සමඟයි. නියත ජය එතනයි (නි)
රටේ මහජනතාවගේ බදු මුදල් වලින් විශාල කොටසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වියදම් කෙරෙනවා. මේක ජනතාවට විශාල බරක්. රජයට අයත් වගානොකළ මුඩු බිම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉඩම්වල විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ උදව්කරුවන් එක්ව නව තාක්ෂණික උපකරණ භාවිතාකොට වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළහොත් ජනතාවට බරක් නොවී විපක්ෂය මන්ත්‍රීවරුගේ වියදම් පියවා ගැනීමට පුළුවන්. (නි)
අපිට දේශපාලන පක්ෂ එකක්වත් විශ්වාස නැහැ. දැන් කළයුතු දේශපාලුවන්ගේ බලය අඩු කර ඔවුන්ගේ ඔළුවල තිබෙන ඉදිමීම අඩුකරන එකයි. (නි)
හදනවා කිව්වට තවම මූලික වැඩ කරලත් නැහැ නේද? (නි)
පක්ෂයේ ලකුණට ඉතින් මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් තමා දාන්න වෙන්නේ. මහින්ද මහත්තය නැති කලක ඔය පක්ෂයට යන කල අපි දන්නවා නොවැ (නි)
ඔවු ඉතින් එකවගේ හිතන අයට එකතුවෙන්න තැනක් තියෙන්න එපායැ. (නි)
අරුණසිරි, මෝඩ කතා කියන්න එපා (නි)
ඔව් අපිට පක්ෂ තමා අඩුවකට තියෙන්නේ. අනිත් හැමදේම සපිරි රටක් මේක. (නි)
අනුරසිරි මහතාගේ යෝජනාව ඉතාමත් හොඳයි. ලංකාවේ ප්‍රාදේශීය සභා විතරක් ඉන්නවා මන්ත්‍රීවරු 500 කට වඩා. පළාත් සභා, පාර්ලිමේන්තු සියල්ල එනකොට 6000 ක්වත් ඇති. මේකෙන් බාගයකට කිට්ටු ගානක් විපක්ෂයේ ඉන්නවා කියන්නේ 3000 ක විතර ශ්‍රම බලකායක්. කොච්චර සාර්ථක වගා ව්‍යාපෘතියක් දියත් කරන්න පුලුවන්ද? නවීන තාක්ෂණය භාවිත කළොත් බෝග පිටරට යවන්න පුළුවන්. ජනතාවට මේ අය නඩත්තු කරන්න ගෙවන්න වෙන අමතර බදු මුදලුත් ඉතිරි කරගන්න පුළුවන්. අපේ රටට ඕනෑ මෙවැනි බුද්ධිමත් අදහස්. එතකොට තමා රටක් දියුණු වෙන්නේ. (නි)
පක්ෂයක් හදනවා කියලා පුදුම විදියටනේ සමහරු බයවෙලා ඉන්නේ. (නි)
අපේ රටේ ප්‍රධාන පක්ෂ දෙක කඩාගෙන ගොස් පක්ෂ කීයක් බිහිවුණාද? අද ඒවා කෝ? මොකද්ද ඔය අලුත් පක්ෂයේ දර්ශනය? (නි)
ජය වේවා !! (නි)
ඔය කාටවත් කඩේ යන්නේ නැතුව සියලුම අමාත්‍යංශ වල ඉන්න උගතුන් එකතුවෙලා අලුත් පක්ෂයක් හදල රට පාලනය කරනවානම්..! ලංකාවෙනම් ඉතින් මේවා හීන විතරයි. (බ)
අනුරසිරි මහතාගේ යෝජනාව ඉතාමත් හොද යෝජනාවක්. විපක්ෂය කියන්නේ රටේ අනාගත නායකත්වය බාර ගන්න ඉන්න උදවිය . රට බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය ගෙන අවබෝධයක් ලබා ගන්නත් ඔවුනට මෙමගින් හැකිවෙනවා. මුඩු බිම් ටිකත් වගා කෙරෙනවා. රටට අමතක ආදායමකුත් ලැබෙනවා. (බ)
අනුරසිරි මහත්තය හරි, ජනතා සේවකයෝ කියාගෙන එන අය, ජනතාවගේ දියුණුව වෙනුවෙන් කැප විය යුතුයි. ජනතාවගේ ජන්දෙන් පත් වෙලා ජනතාවගේ බදු මුදලින් යැපෙන්නේ නැතිව. (බ)
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියනවද ? (අ)
බණ්ඩාර නායක මහතා යු අැන් පි එකේ ඉඳල ඇවිත් ශ්‍රී ලංකා පක්ෂය ගොඩ නගාගත් ආකාරයට මහින්ද මහතා පක්ෂයක් හැදුවොත් විශාල ජයක් අත් වෙනවා! (බ)
හෙළ උරුමය, අපිත් ඡන්දෙ දුන්න. සරත් ෆොන්සේකාගේ පක්ෂය එකටත් අපි දුන්න. මුලදී ගැම්මක් තිබුන දැන් කෝ. මේකට වෙන්නෙත් ඒ ටිකම තමා. රටේ ජනතාව අවුරුදු 5 ට බලය දුන්නනේ. ඒ අය කරගෙන ගියාවේ. ඊට පස්සේ හොද නැත්නම් මාරු කරමු. (බ)
සමහරුන්ට නම් තවම වහල්බවින් මිදෙන්න අදහසක්වත් නැහැ වගේ. (නි)
නියමයිනේ! ඒ වුණාට ප්‍රශ්නය තියෙන්නේ ඒකේ නායකයා කවුද කියන එකයි (නි)
ඔයාලා රටට සේවයක්ද කරන්නේ? (ර)
ජය වේවා (ම)
අපි නම් දන්නේ පක්ෂ දෙකයි. යූඑන්පී සහ නිදහස් පක්ෂය (නි)
සුබ පැතුම්! (නි)
සෝඩා බෝතලය කඩන්න වාගේ යන්නේ (නි)
ඔව් එයයි රට බේරාගන්න පුළුවන් එකම මඟ (නි)
අනේ ඉක්මනට කරන්න, අපිටත් බලාගන්න. (නි)
ආණ්ඩු පක්ෂේ ඉඳලත් මොකුත් නොකළ උදවිය දැන් බෙරිහන්දෙනවා විපක්ෂයේ කාර්යභාරය කරන්න ඉඩදෙන්න කියලා. මට තේරුම්ගන්න බැරි දේ තමයි "ආණ්ඩුවට ඡන්දය දුන් අයට විපක්ෂ නායක, විපක්ෂ සංවිධායක ධුර පිරිනැමීමෙන් සැබෑ විපක්ෂයේ කාර්යභාරය සිදුනොවන බවත්" කියන කොටස. (නි)
මහත්තයෝ, හිටපු ජනාධිපති මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නෙත් නැහැ, එළවන්නත් බැහැ කියනවා ඇහුනෙම නැද්ද? (නි)
මමත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. නමුත් හොරු සමඟ හෙළුවෙන්...! අනුමතකළ නොහැකියි. (නි)
සරත් ෆොන්සේකා මහතාව නීතිවිරෝධී විදියට හිරබාරයට ගත් එකට අපි එයට විරුද්ධවත් පෙත්සම් ගහමු. රණවිරුවන් වැරදි කළා නම් ඒ අයට නීතිය තිබෙනවා. ඡන්දය ළං වෙනකොට දුක වැඩිවෙනවා. ලැජ්ජයි (නි)
ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ ද අමුණූගම පුතේ. (ම)
ඕක අද බිහිවෙනවා හෙට බිහිවෙනවා කියලා කිවුවට බිහිවෙන පාටක් නැහැ වගේ නේද? (නි)
මෙයාලට අමතක්වෙලා වගෙයි ඉදිරි මැතිවරණය පැවැත්වෙන්නේ තව අවුරුදු පහකින් බව. එතෙක් ඉතින් ලෝකෙම තියෙන බොරු කියමින්, දේවාල ගානේ හොරපොල් ගහමින් ඉන්න තමයි වෙන්නේ. (නි)
බිහි කරන්නකො අනේ ඕක ඉක්මනට. අර කට්ටිය වැලේ වැල් නැතුව අමාරුවෙන් ඉන්නේ. ඒ ගොල්ල බස් ලෝඩ් දෙක තුනකින්ම ඔක්කොම පාක්ෂිකයෝ ටිකත් අරන් ඇවිත් අලුත් එකට බැඳිලා රට හොල්ලයි, නේද මහත්තයෝ?(බ)
ඔය අලුත් පක්ෂයට අර ඉස්සර තිබුනා යැයි කියන මහජන එක්සත් පෙරමුණේ සමහරු ආවේ, එම පක්ෂය දැන් නැද්ද? අනේ හැබෑට වුණ දෙයක්? (නි)
ඔබගේ පියාටත් ඔය ටික කියාදෙන්නකෝ (නි)
බිහිකළා වගේම, අනාගතයේදී දිනනවා ඒකාන්තයි. (නි)