නව නීතිපති වශයෙන් ජයන්ත ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ 29 වැනි නීතිපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට බදාදා (10) ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේය. මීට පෙර එම තනතුරේ සිටි යුවන්ජන් විජේතිලක මහතා පසුගිය ජනවාරියේ දී විශ්‍රාම ගිය අතර පසුව නීතිපති තනතුරේ වැඩ බැලුවේ සුහද ගම්ලත් මහතාය.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයන්ත ජයසූරිය මහතා 1979 වසරේදී නීති විද්‍යාලයට ඇතුළත්ව 1981 වසරේදී නීතිවේදියකු ලෙස දිවුරුම් දුන්නේය.
1983 වසරේ සිට රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධවී රාජකාරී කළ ඒ මහතා 2011 වසරේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස උසස්වීමක් ලැබුවේය.
ශ්‍රී ලංකාවේ මුල්ම නීතිපතිවරයා වනුයේ 1884 වසරේදී පත් කැරුණු ෆැන්සිස් ෆෙලෙමිං මහතාය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ වගකීම ඉටුකිරීමට හැකි වේවා. නමුත් මේ කැබිනට් ඉන්න සමහර අය ආරක්ෂා කරන ඇමැතිවරුන්ගේ උපදෙස් අහන්න එපා. (ම)
මාගේ සුබපැතුම්.! (ර)
නව නීතිපති තුමනි , නීතිපති උපදෙස් නොමැතිකමින් දින, සති ,මාස ගණන් නොව වසර ගණන් ප්‍රමාදවන නඩු ලිපිගොනු ඉවර කරන කාල සටහනක් සදා ජනතාවට පෙන්වන්න (බ)
ඔබ තුමාට ඉතාමත් අවංකව තම රාජකාරි කටයුතු කිරීමට ශක්තිය ලැබෙිවා තෙරුවන් සරණයි ...(බ)
කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන්න බැරි වෙන විදිහට විදින එන්නත් මෙතුමාට නොවිදීවා.(බ)
ඔබතුමාට අවංකව කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවා! (නි)
හදවතින්ම සුබ පතනවා සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වීම තවත් ඉතාම සන්තොසයි. (ර)
යුක්තියට පමණක් හිස නැවේවා (ම)
මේ රට හොරකම් දුෂණයයි බේරාගෙන අනාගත දරුවන්ට නීති ගරුක සුන්දර රටක් බිහිකිරීමට හැකිවේවා.(හේ)
කෙලින් කාර්යක්ෂමව තනතුරේ සැබෑ වගකීම ඉටුකිරීමට හැකි වේවායි ප්‍රර්ථනා කරමු. (ම)