ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙකු අද (21) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනපති මන්දිරයේදී සිය අක්ත පත්‍ර භාර ගත්හ.
මෙක්සිකෝවේ නව තානාපති ලෙස මෙල්බා ප්‍රියා ඔලවරිටාද, පෘතුගාලය වෙනුවෙන් ජොආඩෝ කාමෝ අතයි ද කමාරා ද, ග්‍රීසිය වෙනුවෙන් පානොස් කැලොගෙරෝප්ලස් සහ අයර්ලන්තය වෙනුවෙන් බ්‍රයන් මැක්එල්ඩෆ් එලෙස නව තානාපතිවරුන් ලෙස පත්ව සිටිති.
නව තානාපතිවරුන් ඇමතූ ජනපති ප්‍රකාශ කළේ ජනතාවගේ දූගී භාවය තුරන් කිරීම සහ ආර්ථීක සංවර්ධනය ඇති කිරීම මෙන්ම සියලූ ජන කොටස් අතර සංහිඳියාව ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd