ඕස්ට්‍රියාව, ඉතාලිය සහ චීනයට, ඉන්දුනීසියාව, ජෝර්දානය හා මියන්මාරයට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් හා තානාපතිවරු පත් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරියක වන ප්‍රියානි ජයසේකර මහත්මිය ඕස්ට්‍රියාවට ද, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන කරුණාසේක කොඩිතුවක්කු මහතා චීනයට ද, ජ්‍යෙෂ්ඨ නීතීඥ දයා පැල්පොල මහතා ඉතාලියට ද පත් කර ඇත.
ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස දර්ශන පෙරේරා ද, ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ එල් එම් ලාෆීර් ද, මියන්මාරයේ තානාපති ලෙස කේ ඩබ්ලිව් එම් ඩී කරුණාරත්න මහතා ද පත් කරනු ලැබ සිටිති.
පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එම්.එෆ්.අන්වර් ද, සෞදි අරාබියට ඒ.එම්.තසීම්, සිංගප්පූරුවට නිමල් වීරරත්න, දකුණු අප්‍රිකාවට සුනිල් ද සිල්වා, තුර්කියට පී.එම්.අම්සාර් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නීතිඥ එස්.ජේ.මොහිදීන් යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
බ්‍රිතාන්‍යයට මහකොමසාරිස්වරයකු මෙතෙක් පත් කර නැත. කුමාර් සංගක්කාර එම තනතුර ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය අකුරටම ඉටු කරයි කියලා හිතනවා (හේ)
ඉතාලියේ හිටපු තානාපතිවරයෙක් එදා රෝමයේදී ශ්‍රී .ල .නි .ප .බලමණ්ඩල සාදන අවස්ථාවන්ට සහබාගි වෙමින් ඔවුන් සමග මාධ්‍ය ඉදිරියේත් පෙනීසිටිය .මම ඒ .ජා. පක්සිකයෙක් වුවත් වර්තමාන තානාපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවී සාධරණව රාජකාරි කරන ලෙසයි (ස)
පරිපාලන සේවයේ විදේශ සේවය විභාග සමත් අය කීදෙනෙක් ඉන්නවාද මෙතන...? (ස)
මෙතන ඉන්න කී දෙනෙක් වෘත්තීය තානාපතිවරුද? යහපාලන ආණ්ඩුව පහුගිය ආණ්ඩුවට කළ ලොකුම විවේචනයක් තමයි හෙන්චයියන් තානාපතිවරු හැටියට පත්කිරීම. යහපාලන ආණ්ඩුව යටතේත් පරණ සෙල්ලමම තමයි යන්නේ. (බ)
ආනන්ද දොඩංගොඩ විසින් තානාපති කාර්යාල ඇමති වරුන්ගේ දු පුතුන්ගෙන් පුරවන බව කියනවා .නමුත් ඔහු තමයි පසුගිය දිනවල අරලිය මැදුරට හා පැරිසියේ එම්බසියට ගාටමින් එහි ඇති කොන්ත්‍රාත් ගන්න වලි කෑවේ . දැන් බයිලා කියනවා (බ)
යමක් පිළිබද දැනගැනීමට ඉතාලි තානාපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තට පිළිතුරු දෙන්නේ නැහැ දයා පැල්පොල මහතාණෙනි ඔබතුමා පැමිණි පසුව හෝ මේ තත්වය වෙනස් කර එම සේවය නිසි පරිදි ලබා දීමට ඔබගේ අවධානය යොමුකරන්න (බ)
සියලු දෙනාට මාගේ සුබපැතුම්.! (ර)
පලස්තීනය වගේ රටවල් එක්ක සබදතා පවත්නවා ගැනීමෙන් අපේ රටට කිසිදු ප්‍රයෝජනයක් නෑ...අපරාදේ නිරපරාදේ වැය කරන අපේ රටේ ධනය...(ස)
මම යහපාලනයත් එක්ක වෙනස්වුණා, එදා කළ දේ අද කරන්න නොහැකි නිසා. බොහොම ස්තුතියි මා ගැන චරිත සහතික දෙනවාට (නි)
රාජකාරිය දේවකාරිය සේ ඉටු කරන්න.(හේ)
අපෙන් සුබ පැතුම්! (නි)
මැදපෙරදිග රටවලට පත්කර ඇති තානාපතිවරුන් අපේ රටේ විවිධ ඒජන්සි වලින් යවනු ලබන ලාංකිකයින් විඳින දුක්ගැහැට ගැන අවදියෙන් සිට එම රටවල වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදිය යුතුය. (නි)
සුබ පැතුම්! (නි)
දේශපාලන හිතවත්කමට, නෑදෑකමට නොවේ නම් සුදුසු අය නම් පත්කළාට කමක් නැහැ. පසුගිය කාලයේ තානාපති කාර්යාල පිරුණේ මැති ඇමතිවරුන්ගේ දු පුතුන් සහ නෑදෑයින්, යහළුවන්ගෙන්. රටට සෙතක් කළෙත් නැහැ. (නි)
නව ඉතාලි තානාපතිතුමනි, ඔබතුමා නීතිය හොඳින් දන්නා නිසා ඔබට ඔතන හොඳින් වැඩකරන්න පුළුවන්. ඔබට ජය! (නි)
මම හිතන විදියට එදා කුමාර් සංගක්කාර ගත් තීරණය හරි. (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
ජනතාවගේ ආදරයට පාත්‍රවන තානාදිපතිවරුන් ලෙස සේවය කරමින් කීර්තිමත් සේවයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)