
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිය අක්තපත්‍ර බාර දුන්හ.
ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය සහ ඉරානය සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව සිටිති.
ස්විට්සර්ලන්ත තානාපතිනිය ලෙස ආචාර්ය සිරි වොල්ෆ්, යුරෝපා සංගමයේ තානාපතිනිය ලෙස කාමන් මොරෙනෝ, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති ලෙස Alireza Delkhosh මහත්ම මහත්මීහු පත්ව සිටිති.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd