IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නැවේ ගමන..

2016-12-29-ent-43

තම රටේ සංචාරක ප‍්‍රවර්ධනය සඳහා තායි ජාතිකයෝ තම දේශයෙන් ලබාගත හැකි සෑම දෙයකින්ම ප‍්‍රයෝජන ගැනීමට තරම් සමත් ජාතියකි. තායි දේශය හරහා ගලා බසිනා චා ඕපර්යා නදිය ආශ‍්‍රිතව ගොඩනගා තිබෙන අපූරු සංචාරක කර්මාන්තය මීට කදිම නිදසුනකි.

2016-12-29-ent-47වර්තමානයේදී මෙන් අතීතයේදී ගොඩබිම් ප‍්‍රවාහන පහසුකම් අවම වූ බැවින් තායිලන්ත වැසියෝ තම ප‍්‍රවාහන සහ ගමන්බිමන් සඳහා වැඩිපුරම භාවිතා කළේ තම රට හරහා ගලා බසිනා ජල මාර්ගය. ඒ නිසාම බොහෝවිට එරට අතීත ජනාවාස සහ වෙළඳ ව්‍යාපාර ආදිය ද ගොඩනැගී තිබුණේ මෙවැනි ජල මාර්ග ආශ‍්‍රිතවය.

අතීතයේ මෙන්ම අද ද තායිලන්තයේ ගොඩබිම ප‍්‍රවාහන සේවය හා සමාන තැනක් ජල මාර්ගවල ක‍්‍රියාත්මක වන ප‍්‍රවාහන සේවයට හිමිව ඇත. එනිසාම චා ඕපර්යා නදියේ ගමන් කරන බෝට්ටුවක නැගී සංචාරය කිරීම තායිලන්තයට පැමිණෙන සෑම සංචාරකයෙකුම අමතක නොකරන දෙයකි.

එවැනි බෝට්ටු සවාරියක් අතිශය චමත්කාරජනකය. මේ සඳහා ගොඩබිම බස්නැවතුම්පොළවල් හා සමානවම බෝට්ටු නැවැත්වීම සඳහා ද ජැටි ඉදිකර තිබේ. බැංකොක් නගරයේ පවතින අධික වාහන තදබදයට විසඳුමක් සපයමින් ක‍්‍රියාත්මක මෙම බෝට්ටු සේවයට කාර්යාල, සාමාන්‍ය මගී, භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන් සේම සංචාරක ප‍්‍රවාහන සේවාව ද අයත්වේ.

සංචාරක සේවාව ප‍්‍රවර්ධනය සඳහා ක‍්‍රියාත්මක කෙරෙන සුවිසල් ප‍්‍රමාණයේ බෝට්ටු සේවා තායිලන්තයේ පමණක් නොව ලොව පුරාම ප‍්‍රචලිතය. මධ්‍යම විශාල ප‍්‍රමාණයේ නැව් යොදාගෙන ආපනශාලා සහ සමාජ ශාලා විවිධ නම් යොදාගෙන පවත්වාගෙන යති.

ඩිනර් කෲස් සුවිශාල පාවෙන අවන්හල් නෞකාව තායිලන්තයේ ප‍්‍රසිද්ධම පාවෙන සංචාරක අවන්හල ලෙස සැලකේ. දිනකට එක් වාරයක් රාත‍්‍රී භෝජනයක් ද සමග නැටුම් ගැයුම් සහිතව චා ඕපර්යා නදියෙහි යාත‍්‍රා කෙරෙන ඩිනර් කෲස් නෞකාවේ සවාරියකට තිබෙන ඉල්ලූම කොතරම්දැයි කිවහොත් එහි ආසනයක් වෙන්කර ගැනීම ද ඉතා අසීරු කරුණකි.

මෙහි නාවික ප‍්‍රවාහන කටයුතු සඳහාම බැංකොක් නගරයේ චා ඕපර්යා නදිය ආශ‍්‍රිතව ගොඩනගා තිබෙන ”රිවර්සිටි”  කුඩා නගරයකට සමානය.

සෑම දිනකම හරියටම රාත‍්‍රී 7.30ට ඩිනර්කෲස් නෞකාව රිවර් සිටි ජැටියෙන් ගමනාරම්භ කරයි. චා ඕපර්යා ගංගාව දියේ පහළට ගමන්කර ආපසු ජැටියට පැමිණෙන කාලය අතරතුර පැය දෙකකට වැඩි කාලයක් නෞකාව තුළ සංගීත ආශ්වාදය විඳිමින් රිසිසේ විනෝද වීමේ අවස්ථාව සංචාරකයින්ට හිමිවේ.

ඒ අතර කාලයේදී තරු පහේ හෝටලයක ආහාර වේලක් ඉක්මවා ගිය සුපිරි ආහාර වේලක රසය බැලීමට අවස්ථාව හිමිවන අතර, සුවිශේෂී නර්ථන අංග කිහිපයකින් සහ ගැයුම් වලින් ද සංචාරකයින් පිනවති. මෙම නර්ථන සියල්ලම ඉදිරිපත් කරනු ලබන්නේ ”ගැහැනු පිරිමින්”  වීම ද විශේෂත්වයකි.

චා ඕපර්යා නදිය හරහා මෑතකදී ඉදිකළ ”රාමා 9” සුවිසල් පාලම යටින් ද නෞකාව ගමන් ගන්නා අතර, ගඟ දෙපස පිහිටි විහාරස්ථාන, රාජකීය මාලිගාව, රජයේ ප‍්‍රධාන ගොඩනැගිලි ආදිය ආලෝකයෙන් වර්ණවත් කර තිබෙන ආකාරය දැකබලා ගැනීමේ අපූරු අවස්ථාව ද හිමිවේ. අවශ්‍ය නම් මේ අතර කාලයේදී මධුවිතක රස බැලීමේ අවස්ථාව ද සංචාරකයින්ට හිමිවේ.

ඩිනර් කෲස් රාත‍්‍රී සවාරිය කොතරම් චමත්කාරජනකදැයි කිවහොත් නෞකාවේ ගමන අවසාන වනතුරුම ඒ බව සංචාරකයින්ට නොතේරේ. මෙය ඒ තරමටම සිතට කාවදින අපූරු සංචාරයකි.

මේ අපූරු නෞකාවේ අමතක නොවන සංචාරයක් සඳහා බැංකොක්වල සවාරි සංචාරක සමාගමේ ප‍්‍රධාන විධායක නාලක කරුණාකළගේ මහතා අපව ද රැුගෙන ගියේ සුවිශේෂී අවස්ථාවක් ද අප වෙත ලබාදෙමින්ය. ඩිනර් කෲස් නෞකාවේ පාලනාධිකාරිය සමග නාලක මහතාට පවත්නා සබඳතාවය නිසාම එදින නෞකා සංචාරයේ ප‍්‍රධාන ආරාධිතයින් වූයේ ශ්‍රී ලාංකිකයින් වූ අපය.

නෞකාවේ සංගීත කණ්ඩායම එදින ගායනා කළ ගීතවලින් බොහෝමයක්ම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සනිටුහන් කළ ඉපැරැුණි ගීතය. නාලක මහතා කලින්ම එම ගීතවල අනුවාදන සංගීත කණ්ඩායමට සපයාදී තිබුණි. ඔවුන් එම ගීත නැවට පැමිණ සිටි සංචාරකයින් විශාල පිරිසක් හමුවේ අපූරුවට ගැයුවේ අපගේ නෙතඟට කඳුලක් එක් කරමින් සේම අපේ දේශය පිළිබඳව ද ඉමහත් අභිමානයක් ඇතිකරවමින් ය.

ඩිනර් කෲස් නෞකාව පිළිබඳ බොහෝ විස්තර savaritravels.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

 

සටහන/ඡායාරූප පුෂ්ප කුමාර ජයරත්න

 

2016-12-29-ent-50
2016-12-29-ent-49
2016-12-29-ent-48
2016-12-29-ent-46
2016-12-29-ent-45
2016-12-29-ent-44



අදහස් (0)

නැවේ ගමන..

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site