
(අංජුල මහික වීරරත්න)
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල මහතා මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට මනාප ඡන්ද 109332ක් ලබා ගම්පහ ජාජබ මනාප ලැයිස්තුවේ හයවන ස්ථානයට පත් විය.
හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකුද වන අශෝක රන්වල මහතා ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාද විය.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළ අශෝක රන්වල මහතා ජාතික ජන බලවේගය සමඟ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූවෙකි.රන්වල මහතා බියගම ආසනයේ කේන්ද්‍ර කර ගනිමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥයෙකුට හොඳට කළහැකි භූමිකාවක් නොවේද?
අයියෝ, ඛනිජ තෙල් සංස්ථාවේ කඩාකප්පල් වැඩ කරලා, පච වෙලා එළියට දාපු වෘත්තීය සමිතිකාරයෙක් ගෞරවනීය කථානායක තනතුරට පත්කරලා...
නලින් හේවගේ පත් කරන්න කියමු. සියලු මන්ත්‍රීවරුන් ගානට හදලා ගනීවි.
මෙයා මේකට ගිහිනුත් උද්ඝෝෂණ කරයිද දන්නේ නෑ..
වෘත්තීය සමිති මාෆියාව මේ රට බංකොලොත් වෙලා හොම්බෙන් යන තැනට පත්වීමට මහජන දේපල කොල්ල කෑ දේශපාලුවන් තරම්ම වග කිවයුතු පිරිසක්! මෙයාත් ඒ මාෆියා කල්ලියේ ඉඳගෙන ලාබ දේශපාලනයේ නායකයෙක්... !!!
හිතලු වලට කමන්ට් කරලා තමන්ගේ කුහකත්වය පෙන්වන්න එපා, ඔය ගොල්ලන් තමයි සහන්දිරම් විදේශ ඇමැති කලේ.