ආණ්ඩුක්රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පත් කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට රජය අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන ප‍්‍රසාදයක් නැති නිසා මේ ගැන ජනාධිපතිට කරුණු දැක්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇතැයි මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ලබන අයවැයට පෙර සාකච්ඡාවක් නොදුන්නොත් මේ වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය රැස්වී තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
මමයි අගමැති. මමයි ආණ්ඩුව, කියමින් හිතුවක්කාරී ලෙස කටයුතු කරන අගමැතිවරයාට මේ ගැන කියා පළක් නැතැයි ගුණවර්ධන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මෙයා හිටියෙම සාරි පොටවල් වල එල්ලිලානේ. (බ)
අනාගත සිරකරුවන්ගේ පෙරමුණ කවදද පටන්ගන්නේ ? (බ)
පසුගිය කාලේ නම් ඕනෑ එකකට අත් දෙකම ඉස්සුවා (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එතකොට පහුගිය ආන්ඩු කාලේ සද්ද නොකර හිටියේ කරපු හැමදේම හරි නිසා වෙන්න ඈති (බ)
වරද්දගත්තෙ ඒගොල්ලො නෙමෙයි. රටේ ජනතාව. තාම ඉවර නැහැ. තව ඉදිරියෙදි තව හොඳට තියෙයි (නි)
රටේ අවශ්‍යතාවයක් වැනි කරුණකදී විරුද්ධ දේශපාලන පක්ෂ කවදත් නිවැරදි මඟක සිටියේ නැත. දේශපාලන වියවුල් තත්ත්වයට වගේම රටේ දියුණුවටද එය බලපා ඇත. පාලක පක්ෂය වගේම කව්රුත් රට සහ ජනතාව ගැන පමණක් සිතා සහයෝගයෙන් කටයුතු කරන තත්ත්වයක් අපි ප්‍රර්ථනා කරමු. (බ)
ඔහොම යමුකෝ! (නි)
ඒකාබද්ධ විපක්ෂය කොහොම වෙතත් මහජන එක්සත් පෙරමුණේ සිටින සාමාජිකයන් ගණන කීයද? (නි)
බොරලුගොඩ සිංහයාගේ පුතාද මේ (බ)
දැන් ඔබතුමාලා ඉහළ පෙළේ ඇමතිකම් දරමින් කාලයක් ආණ්ඩු කළා නේද? ඇයි ඒ කාලේ ඔය සර්ව සම්පුර්ණ වැඩ පිළිවෙල ඉදිරිපත් නොකළේ. ඔබ තුමා කියන මමයි අගමැති, මමයි ආණ්ඩුව, කියන එකට වඩා වෙනසකට තියෙන්නේ එදා මමයි රජා, අපේ පවුල තමයි ආණ්ඩුව කියපු එකනේ? (බ)
කවුද ඔය ඒකාබද්ද විපක්ෂය කියන්නේ..? ඒ අය කොච්චර ඉන්නවද...? ඒ අය නේද පසුගිය චන්දෙන් පැරදුනේ..? වැටිලා පස්ස බිම ඇනගත්ත ඔබ කොහොමද ඔය කියන ඒවා කරන්නේ..(කෞ)
එයාලට ඉතින් කවදද ප්‍රශ්න නොතිබුණේ? (නි)