නොවැම්බර් 1 වැනි දා සිට අගය එකතු කළ වැට් බද්ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි.
පාර්ලිමේන්තුවේ දී එම පනත සම්මත වීමෙන් පසු මෙතෙක් 11 % වු වැට් බද්ද 15% දක්වා ඉහළ යයි.
වසරකට රුපියල් කෝටි පහක පිරිවැටුපක් ඇති සිල්ලර හෝ තොග වෙළෙන්දන් මෙම වැට් බද්ද ගෙවිය යුතු වේ.
දුම්කොළ නිෂ්පාදන, විදුලි සංදේශ සේවා , විදුලි උපකරණ, ස්වර්ණාභරණ හා කිරිපිටි වලින් වැට් බදු අය කරයි
පෞද්ගලික සෞඛ්‍ය සේවා වලින් ද වැට් බදු අය කරන බව අමාත්‍යාංශය කියයි.
එහෙත් භාණ්ඩ 82 ක් වැට් බද්දෙන් නිදහස් කරන බවද ජාතිය ගොඩනැගීමේ 2% බද්ද නොවෙනස්ව පවතින බවද අමාත්‍යාංශය කියයි.
විශේෂඥ වෛද්‍යවරු චැනල් කිරිම් හා රෝහල් ගාස්තු වලට වැට් බදු අය කැරෙනු ඇත.
වැට් බද්ද අය නොකරන භාණ්ඩ ලැයිස්තුව මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට සතුටුයිනේ දැන් (නි)
මේවා කරනකොට බලාගන්න පුලුවන් (නි)
මේ භාණ්ඩ 82ම ඉස්සර ඉඳන්ම වැට් වලින් නිදහස් (නි)
දැන් මේකේ අදහස් දාන සමහරු ගිය ආණ්ඩු කාලේ බදු නැතුව හැමදේම දුන්නා වගේ අදහස් දාලා තියෙන්නේ. (නි)
භාණ්ඩ 82ක් කියන්නේ පොඩි ගණනක්ද . හැබැයි මේ ගණන තව වැඩිකරගන්න තිබුනා ක්‍රීඩා උපකරණ නොකියා ක්‍රිකට් බෝල, බැට්, විකට්, වොලිබෝල,නෙට් වගේ දිගට ලියාගෙන ගියා නම්. එතකොට අපට තවත් සතුටුයි. (ම)
සනීපද දැන් යහ පාලනේ. (ම)
අනේ ඔහොම වෙලා මදි ..(හේ)
රත්‍රන් ප්ලැටිනම් අයත්වන්නේ ස්වර්ණාභරණ වලට නේද? (නි)
අයවැය එන්නටත් පෙර ජනතාව හොල්මන් වෙලා හමාරයි. රවී ඇමතිතුමාගේ අයවැය ගැන හිතාගන්න පුළුවන් (නි)
විශේෂඥ වෛද්‍යවරු චැනල් කිරිම් වලට වැට් කියන්නේ වෛද්‍යවරුන්ට ගෙවපු ගණන හොයාගෙන රජයට පුළුවන් අදායම් බදු ගහන්න. එතොකොට දොස්තරලට හොර කරලා බදු වලින් බේරෙන්න්න බැරිවෙනවා (බ)
සාමාන්‍ය ජන ජීවිතයට මේ වැට් බද්ද වැඩි කිරීම එතරම් බලපෑමක් වෙලා නැති බව දැන්වත් තේරෙනවා නේද? ජනතාවට දැනෙන වියදමකට තියෙන්නේ, විශේෂඥ වෛද්‍යවරු චැනල් කිරිම් හා රෝහල් ගාස්තු තමයි. එක අතකට ඒක එහෙම වෙන එක හොඳයි. ඔය වෛද්‍ය මාෆියාව වෙනුවෙන් හඬ නඟන මෝඩ මන්ද මානසික ලෙඩ්ඩු පිරිසක් අපේ රටේ ඉන්නවා. සමහරවිට වැඩිපුර මුදල් ගෙවලා බෙහෙත් ගත්තාම ඒ ලෙඩේ ටිකක් දුරට සනීප වෙයි. (නි)
ප්‍රශ්නය බදු වැඩි කිරීම නොවේ. හරියට බදු එකතු කරගැනීමට බැරිවීමයි. (නි)
සාදු සාදු සාදු! යහපාලනේට ඡන්දෙ දීපු අයටත් මේ බද්ද වදිනවනේ. (නි)
මොකක්ද බලමු මේ අළුත් වැට් පනත (නි)
දැන් වැට් ගහන දෙයක් නැහැනේ එතකොට (නි)
බදු නැතුව රටේ දේවල් කළ නොහැකියි. ඇමරිකාව වගේ රටවල් සියලුම භාණ්ඩ සහ සේවාවල් වලින් බදු අය කරගෙන තමා ලෝකයේ බැබළිලා ඉන්නේ. (නි)
මේ රාජපක්ෂ බද්දද? අර්ජුන් බද්දද? (නි)
සෞඛ්‍ය වැනි සේවා 45 කට අලුතින්ම 15% ක් එකතුවන අතර පාරිභෝගික භාණ්ඩ 15975 කට අලුතින්ම 15% ක් එකතුවෙනවාලු නේද. (නි)
කොටි ගහල මදි තොපිට . ඊළග ඇල්ලිල්ල 2017 අය වැයෙන්.....(බ)
බලාගෙන යනකොට පුදුම සහනයක් ඇතුවයි වැට් ඉහළ දමලා තියෙන්නේ. ඒත් මේකටත් මොනවාහරි කියලා, පිකටින් කරන්න පාරට බහින කට්ටියත් ඉන්න බව බලාගන්න පුලුවන් වේවි. (නි)
අපි බලමුකෝ ඉස්සරහට! (නි)
වැට් එක සුදු පාටට පෙන්නුවට ක්‍රියාත්මක වෙනකොට රීරි යකාගේ හැටි පෙනේවි (නි)
"විශේෂඥ වෛද්‍යවරු චැනල් කිරීම් හා රෝහල් ගාස්තු වලට වැට් බදු අයකැරෙනු ඇත." මේ තීරණය ගත් අය ගැන නම් හිතට එන්නේ පුදුම තරහක් (නි)
පුද්ගලික රෝහල් ගාස්තු වලට වැට් ගහපු එකයි මට තියෙන තරහ (නි)
අනේ අපට ඔහොම වෙලා මදි. ඊළඟ ඡන්දය එනතෙක් ඉවසමු. එතෙක් රජයට 100% අපේ විරෝධය! (නි)
අනේ මන්දා දුරකථන ගාස්තු ඉහළයයිද කියලා (නි)
දැන් මොකද්ද මේකේ ඇති වැරැද්ද? (නි)
වැට් වැඩි නොකළොත් පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224 දෙනෙකුට පළාත් සභා මන්ත්‍රීලා විශාල පිරිසකට මන්ත්‍රී වාහන පර්මිට් ලබාදෙන්න බැරිවෙනවා. ලක්ෂ 200 පනින මේ පර්මිට් වලින් දෙන බදු සහනය කොච්චර මුදලක්ද කියලා ජනතාව තේරුම් ගන්න ඕනෑ. ජනතාව ඉවසීමෙන් මේ කැපකිරීම කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. (නි)
මෙච්චර භාණ්ඩ ප්‍රමාණයකට බදු නිදහස් කරන එකටද කට්ටියක් රණ්ඩුවුණේ? (නි)
අතුල, ගිය ආණ්ඩුව බදු ගහනවා කියලා ජනතාව පීඩාවට පතකරනවා කියලනේ අපි මේ ආණ්ඩුව පත්කරගත්තේ නේද? ඉතින් එයාලත් කරන්නේ එ්කම නම් මොනවද කරන්නේ? (නි)
භද්‍රානි, වැඩිවෙලා නැත්තේ කවදාවත් වැට් නොතිබුණු භාණ්ඩ විතරයි. එ්ත් පුද්ගලික දොස්තර ගාස්තු, දුරකථන, අන්තර්ජාල වගේ දේවල් වලට බදු ගැහුවම එක සාමාන්‍ය ජනතාවට බලපාන්නේ නැද්ද? පොඩි දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුල් වලට දෙයියන්ගේම පිහිට තම. මොකද රස්සාව කරන්නත් ඕනෑ, රජයේ රෝහල් වලට ගිහින් රස්තියාදු වෙන්නත් බැහැ. ඊළඟට බදු ගෙවන්නත් ඕනෑ (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
බලාගෙන යනකොට මොකටවත් බද්ද ගහන්නේ නැහැනේ. (නි)
බදු වැඩිකිරීම හුඟක් සාධාරන බවයි මගේ අදහස. ඉල්ලන තරම් පඩි දෙන්නයි සහන දෙන්නයි සංවර්ධනය කරන්නයි බදු මුදල් අවශ්‍යයි. නමුත් රාජ්‍ය කළමනාකරණය තුලින් පාඩු ලබන ආයතන ටික ලාබ කළොත් මේ බදු අඩු කරන්නත් පුළුවන් (නි)
අධික බදු ලිච්ඡවී පාලනය හෝ යහපාලනය නොවේ. මලින් රොන් ගන්නා බඹරුන් මෙන් ජනතාවගෙන් බදු අය කළයුතුය. මේ පාලකයන්ටද ජනතාවගේ බදු මුදලින් රජසැප ලැබූ පාලකයන්ටද වන්නේ සතර අපාදුක් විඳීමටය (නි)
මේ රටට අායෙත් කොටි ගහලා නැතිවෙනතුරු බලා ඉන්න කට්ටියකුත් ඉන්නවා (නි)
සුදුසැරයටි තමා ගන්න වන්නේ. ලැජ්ජාවක් නැහැ. සිල්ලර සහ තොග වෙළදාමට වැට් වදිනකොට හැමදෙයක්ම ගණන් ඉහළ යනවා. බදු ඉවත් කරන්න තිබ්බේ වාහන වල, යන්ත්‍ර සූත්‍ර වල. ලෙඩක් හැදුනොත් තමා වැඩේ. (නි)
දැන් ඡන්දයක් එන්න තියෙන්නේ කට්ටියට තරු පෙනෙන්න (නි)
ශ්‍රී ලංකාවේ පමණක් සෞඛ්‍ය වියදම් සුඛෝපෙභා්ගී වියදම් නේද "වැට් මහත්තයෝ"? (නි)
වෑසිකිළි බද්ද කීයද "වැට් මහත්තයෝ"? (නි)
ලෙඩවී බෙහෙත් ගැනීමත් "සුඛෝපභෝගී බද්දට" යටත්. හා හා, කොහොමද බලමු වයසක/රෝගී මිනිසුන්ගේ ප්‍රතිචාරය ලබන සැරේ! (නි)