නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදි කිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ.
ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ආ පරිසර අධිකාරියේ නිලධාරීන් එලෙස උපදෙස් දුන් බව වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරින් ඇති වතු යායේ තිබූ නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබිණි.
නල්ලතන්නියේ වනජීවී කාර්යාලයයේ නිලධාරීන් පැවසුවේ එම වතු යාය වනජීවි කලාපයට හෝ වන රක්ෂණ කලාපයට අයත් නොවන බවයි.
මෙය ඩුබායි සමාගමකට අයත් බව කියන නිසා නිවාඩු නිකේතනය ඉදි කිරීමට පිරිසක් විරුද්ධ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද එ් ගමන සිද්ධවෙන්නේ?
දැන් ඉතින් මේකත් ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නෑ (බ)
මෙය හදන්න ඉඩ නොදියයුතුම ව්‍යාපෘතියකි. විල්පත්තුවේ දෙවෙනි කොටස වෙන්නත් බැරි නැහැ. (නි)
මුහුණු පොතේ ගියේ නම් වෙන කතාවක්. දැන් තමා අපට ඇත්ත වැටහුනේ. (නි)
නිවාඩු නිකේතනය කියන්නේ නිවාඩු නිකේතනයක්. එය ලංකාවේ නීතියට අයත් තැනක් වියයුතුයි. (නි)
ඩුබායි වලට කොහෙන්ද අපේ රටේ නිවාඩු නිකේතන තියෙන්නේ? ශ්‍රීපාද අඩවියත් බදු දෙන්නද යන්නේ? (නි)
ශ්‍රී පදය විනාශ කරන්න තමා මේ හදන්නේ ඩුබායි වල වෙනතැන්වල හොටෙල් හදාගන්න බෙරිද (අ)
ඔහොමම ඕක නවත්තල දැම්මනම් ඉවරයි. ලබ්බට අත තිබ්බට පස්සේ පුහුල ගැන මොන කතාද, අනික නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපන්ඩ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. (අ)
සර්පයා හැව වෙනස්කොට ඵයි. අදහස නවතා නැහැ...!!! (නි)
ඔය කියන ආකාරයට පරිසර විනාශය නිසා කිසිම නව ව්‍යපෘති ආරම්භ කල නොහැකි. එහෙනම් නම් හැමදාම ගල් යුගයේ ඉන්නට වෙයි. (අ)
තව ටික දවසකින් ශ්‍රී පාදස්ථානය බෞද්ධ උරුමයක් නොවෙයි කියයි ද දන්නේ නෑ (අ)
ඕක වික්කෙ ගියා ආණ්ඩුවේ ප්‍රභල ඇමති කෙනෙක් නේද ?(අ)
මේක මට නං අන්ඩර දෙමල ආන්ඩුවේ නිවාඩු නිකේතන? එටිසලාට්,අරාබි කාර යන් ? හෝටලය?මොනවද මේ කතා? (අ)
වැඩ නැවැත්තුව එක හොදයි.(හේ්)