අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡා සහ රැස්වීම් සඳහා සහභාගී වීමට රාජ්‍ය නිලධාරීන් පැමිණෙද්දී තනි තනි වාහන පාවිච්චි නොකර අවම වශයෙන් නිලධාරීන් හතර දෙනකුවත් එක වාහනයකින් පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
එකම ආයතනයක නිලධාරීන් වෙන වෙනම තනි වාහන වලින් පැමිණෙද්දී රාජ්‍ය සම්පත් නාස්ති වීම වැලැක්වීමට සහ අරලියගහ මැදුර අවට වාහන නවතා තැබීම නිසා ආයතන මුහුණදෙන අපහසුතා වැලැක්වීමේ අරමුණින් අගමැති එලෙස උපදෙස් දී තිබේ.
නිලධරයන් 15 දෙනකු වාහන 16කින් පැමිණ ඇතැයි ද, එක් නිලධරයකු ඔහු පැමිණි වාහනය බිරියගේ ගමනක් සඳහා යවා වෙනත් වාහනයක් ගෙන්වාගෙන ඇතැයි ද, අරපිරිමැස්ම ගැන පාඩම නිලධාරීන්ට කියා දී ඇත්තේ එම සිද්ධියෙන් පසුව යැයි ද දැනගැනීමට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මේ කියන විදිහට වෙයිද කියලා (නි)
පොදු බස් රථයක් යොදවමු (ම)
ඒ උනාට ඒ නිළධාරියාට අනුකම්පා කරන සේක්වා. වාහනය බිරිදගේ ගමනට ඇරියේ නැත්නම් ඔලුවත් කයි. (ස)
ලංකාවේ නිලධාරීන්ට තම වෘත්තීය අවශ්‍යතාවන්ට භාවිතා කිරීමට දෙන වාහනය ආඩම්බරයෙන් වැඩියම යොදාගන්නේ තම පෞද්ගලික කටයුතු සඳහායි. මෙය ඉතාමත්ම පහත ක්‍රියාවක් ලෙස ඔවුන්ට නෙපෙනෙන අතර අසල්වැසියාට තමාගේ තරම මෙන්න යයි පෙන්වීමට ඔවුන්ට දැනෙන්නම මෙය පුද්ගලික වැඩ වලටම යොදාගනී. (ස)
දේශපාලකයන්ටත් කිව්වනම් තමයි වටින්නේ. මොකද ඒගොල්ලෝ පහළොවක් එනකොට වාහන එකසිය පනහක් එනවා. (ස)
සියලුම දෙනා එක වෑන් එකකින් ආවානම් ඉවරයි නේ. (ස)
අනේද කියන්නේ. (ස)
දීපවාලි උත්සවයට වාහන කීයක් ඔබතුමා සමග ගියාද ඇයි මේවා නොසොයන්නේ? කකුළු අම්මා කෙළින් න්න එතකොට දරුවනුත් කෙළින් යාවි (බ)
සියලු දෙනාම අගමැතිතුමාගේ අදහස ක්‍රියාත්මක කරනවා නම් වියදම අඩු වී සෑහෙන මුදලක් ඉතිරි වී පොදු ජනතාවට යහපතක් වනවා නොඅනුමානයි (බ)
උදේනි.බලාගෙන ඉන්න සෑහෙන මුදලක් ඉතිරි කර එයාලගේ පොකට් එකට දාගනි...(බ)
එතකොට අර මහ රජතුමාට තිබූ වාහන කන්දරාව. අනේ අපොයි! අපේ සල්ලි ගැහුවනේද පිල්ලි! (බ)
රජයේ වාහන පාවිච්චිය පිලිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛ තිබේ. (ර)