අරලියගහ මන්දිරයේ පැවැත්වෙන සාකච්ඡා සහ රැස්වීම් සඳහා සහභාගී වීමට රාජ්‍ය නිලධාරීන් පැමිණෙද්දී තනි තනි වාහන පාවිච්චි නොකර අවම වශයෙන් නිලධාරීන් හතර දෙනකුවත් එක වාහනයකින් පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
එකම ආයතනයක නිලධාරීන් වෙන වෙනම තනි වාහන වලින් පැමිණෙද්දී රාජ්‍ය සම්පත් නාස්ති වීම වැලැක්වීමට සහ අරලියගහ මැදුර අවට වාහන නවතා තැබීම නිසා ආයතන මුහුණදෙන අපහසුතා වැලැක්වීමේ අරමුණින් අගමැති එලෙස උපදෙස් දී තිබේ.
නිලධරයන් 15 දෙනකු වාහන 16කින් පැමිණ ඇතැයි ද, එක් නිලධරයකු ඔහු පැමිණි වාහනය බිරියගේ ගමනක් සඳහා යවා වෙනත් වාහනයක් ගෙන්වාගෙන ඇතැයි ද, අරපිරිමැස්ම ගැන පාඩම නිලධාරීන්ට කියා දී ඇත්තේ එම සිද්ධියෙන් පසුව යැයි ද දැනගැනීමට ඇත.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිලධරයන් 15 දෙනාට වාහන 16ක් ඇවිත්
ක්‍රිෂාන්ත Tuesday, 17 November 2015 04:10 PM
අපි බලමු මේ කියන විදිහට වෙයිද කියලා (නි)
දුමින්ද Tuesday, 17 November 2015 08:10 AM
පොදු බස් රථයක් යොදවමු (ම)
ලංකාශ්‍රී Tuesday, 17 November 2015 08:30 AM
ඒ උනාට ඒ නිළධාරියාට අනුකම්පා කරන සේක්වා. වාහනය බිරිදගේ ගමනට ඇරියේ නැත්නම් ඔලුවත් කයි. (ස)
පිටිගල මිලානෝ Tuesday, 17 November 2015 08:36 AM
ලංකාවේ නිලධාරීන්ට තම වෘත්තීය අවශ්‍යතාවන්ට භාවිතා කිරීමට දෙන වාහනය ආඩම්බරයෙන් වැඩියම යොදාගන්නේ තම පෞද්ගලික කටයුතු සඳහායි. මෙය ඉතාමත්ම පහත ක්‍රියාවක් ලෙස ඔවුන්ට නෙපෙනෙන අතර අසල්වැසියාට තමාගේ තරම මෙන්න යයි පෙන්වීමට ඔවුන්ට දැනෙන්නම මෙය පුද්ගලික වැඩ වලටම යොදාගනී. (ස)
පුෂ්පා Tuesday, 17 November 2015 08:37 AM
දේශපාලකයන්ටත් කිව්වනම් තමයි වටින්නේ. මොකද ඒගොල්ලෝ පහළොවක් එනකොට වාහන එකසිය පනහක් එනවා. (ස)
ෆර්හාන් Tuesday, 17 November 2015 08:49 AM
සියලුම දෙනා එක වෑන් එකකින් ආවානම් ඉවරයි නේ. (ස)
දුමිඳු Tuesday, 17 November 2015 08:48 AM
අනේද කියන්නේ. (ස)
රතන Tuesday, 17 November 2015 09:15 AM
දීපවාලි උත්සවයට වාහන කීයක් ඔබතුමා සමග ගියාද ඇයි මේවා නොසොයන්නේ? කකුළු අම්මා කෙළින් න්න එතකොට දරුවනුත් කෙළින් යාවි (බ)
උදේනි Tuesday, 17 November 2015 09:23 AM
සියලු දෙනාම අගමැතිතුමාගේ අදහස ක්‍රියාත්මක කරනවා නම් වියදම අඩු වී සෑහෙන මුදලක් ඉතිරි වී පොදු ජනතාවට යහපතක් වනවා නොඅනුමානයි (බ)
සමන් පෙරේරා Tuesday, 17 November 2015 10:09 AM
උදේනි.බලාගෙන ඉන්න සෑහෙන මුදලක් ඉතිරි කර එයාලගේ පොකට් එකට දාගනි...(බ)
ලහිරු ජයකොඩි Tuesday, 17 November 2015 10:16 AM
එතකොට අර මහ රජතුමාට තිබූ වාහන කන්දරාව. අනේ අපොයි! අපේ සල්ලි ගැහුවනේද පිල්ලි! (බ)
ජේමිස් බන්ඩා Tuesday, 17 November 2015 10:30 AM
රජයේ වාහන පාවිච්චිය පිලිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛ තිබේ. (ර)