IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිලධාරියාගේ බලපෑමට කි‍්‍රකට් විනිසුරු ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය කමිටුවේ හිටපු නිලධාරියෙකුගේ බලපෑම් හේතුවෙන් තමන් පළමු පෙළ කි‍්‍රකට් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා අස්වූ බව කි‍්‍රකට් විනිසුරු සාගර ගාල්ලගේ මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට පැමිණිලි කර තිබේ.

සාගර ගාල්ලගේ මහතාද ඇතුළුව තරග පාවාදීමේ චෝදනා ලැබ සිටින කි‍්‍රකට් විනිසුරුවන් තිදෙනකු සම්බන්ධයෙන් මේ වනවිට කි‍්‍රකට් ආයතනය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

ඉන්දියාවේදී සංවිධානය කෙරුණු කි‍්‍රකට් තරගාවලියක් විනිශ්චය කිරීම සම්බන්ධයෙන් තැරැුව්කරුවෙකු යයි කියන පුද්ගලයෙකු සමග ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡුා කළ බව කියන සිද්ධියකින් පසු මෙම කි‍්‍රකට් විනිසුරුවන්ට තරග පාවාදීමේ චෝදනා එල්ලවී තිබේ. කි‍්‍රකට් ආයතනය ඔවුන්ට තරග පාවාදීමේ චෝදනා නිල වශයෙන් බාර දුන්නේ පසුගිය ඔක්තෝබර් 8 වැනිදාය.

මේ අතර පසුගිය ජනවාරි 23 වැනිදා කි‍්‍රකට් ආයතනයේ එවකට සිටි විනය කමිටුව තමන් පරීක්‍ෂණ සඳහා කැඳවූ අවස්ථාවේදී ප‍්‍රශ්නය සමනයකට පත්කර ගැනීම සඳහා තමන් පළමු පෙළ කි‍්‍රකට් විනිසුරු මඩුල්ලෙන් ඉත්වන බව පවසමින් එම කමිටුවට ලිපියක් බාරදුන් බව විනිසුරු ගාල්ලගේ මහතා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබේ.

පළමු පෙළ විනිසුරු මඬුල්ලෙන් තමන් ඉවත්වීමට කැමැත්ත පළකරමින් ලිපියක් බාර දුන්නේ එවකට විනය කමිටුවේ කටයුතු කළ නිලධාරියෙකුගේ  බලපෑම  මත යයි ඉකුත්දා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස, ලේකම්  නිශාන්ත රණතුංග හා ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා  යන මහත්වරුන්ට  සාගර ගාල්ලගේ මහතා ලිපියක් මගින් දැනුම් දී  ඇතැයි ද කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගාල්ලගේ මහතා මෙම ලිපිය බාරදී ඇත්තේ ඉකුත් අපේ‍්‍රල් 29 වැනිදා අදාළ චෝදනා සම්බන්ධයෙන් යළිත් කි‍්‍රකට් ආයතනය කැඳවූ පරීක්‍ෂණයෙන් පසුවය.

මේ අතර තමන්ට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් කටයුතු අවසන් කිරීම සඳහා පළමු පෙළ විනිසුරු මඬුල්ලෙන් ඉවත්වන බවට ලිපියක් බාරදී  තිබියදීත්, එය බාරගත් හෝ නොගත් බවට දැනුම්දීමක් නොකර යළිත් පරීක්‍ෂණ සඳහා තමන් කැඳවීමට ගත් තීරණය පිළිබඳව ද ගාල්ලගේ මහතා කි‍්‍රකට් ආයතනයට කණස්සල්ල පළකර තිබේ.

 



අදහස් (0)

නිලධාරියාගේ බලපෑමට කි‍්‍රකට් විනිසුරු ඉල්ලා අස්වෙයි !

ගුණපාල Friday, 03 May 2013 12:13 PM

එයාගේ වත්කම් පරික්ෂා කරලා බැලුවා නම් තමා හොඳ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 3 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site