නිල්ගල ඔසු උයනේ වටිනා ගස් රැක ගැනීම සඳහා එම ගස්වලට සිවුරු පොරවා තොරාගත් භික්ෂූන් වහන්සේලාට බාර දුන්නේය. ඉන්දියාවේ ද මෙම ක්‍රමය අනුගමනය කරයි. මෙවැනි වැඩ පිළිවෙළක් යටතේ නොයෙක් සංවිධාන වලට බාර දෙයි. බිබිල නාගල රජමහා විහාරාධිපති බදුල්ලගම්මන සුමනසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් වල නිදන හාරණ කලේ මේ හොරුන්ට සිවුරු පොරවාපු ගහක් කපන එක කජ්ජක්ද ? (නදී)
මම හිතන්නේ නැහැ ඔය වැඩේ සාර්ථක වෙයි කියලා.(නදී)
ඉතා හොද වැඩක්. අගය කරමි.(නදී).
හොද වැඩක් නිසා මම නම් කියන්නේ අපිත් සහයෝගය දෙමු (දී)
හොද පරමාර්ථයකින් කල නිසා වරදක් පෙන්නේ නැහැ (දී)
ඉතා හොද වැඩක්. අගෙයි හාමුදුරුවනේ. (නදී)
මෙය ඉතා හොද වැඩපිළිවෙලකි. නමුත් අපේ වන හොරුන් මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වයිද? මෙය මුලින්ම මම දැක්කේ තායිලන්තයේදී 2000 වසරේදීය. ගම්වල තායි භික්ෂුන් වහන්සේලා තම දායකයා කැටුව මෙවැනි වැඩ පිළිවෙලක් කරති. එහි 'බෆලෝ බෑන්ක්' යනුවෙන් මී ගවයන්ද මිනිසුන් ලවා ඇතිකොට ගොවියන්ට බෙදා දෙයි. (නදී)
ඔය සිවුරු එතුවට වැඩක් නැහැ අපේ දේශපාලුවෝ ගානට වැඩේ දෙනවා.(නදී)
උතුම් ක්‍රියාවක්! (නදී)
හොරෙන් ගස් කපන අයව ඔය ගස්ටිකටම තියල ගස් බැන්ද නම් ඔය වැඩේ සාර්ථක වේවි. (දී)
ලංකාවේ යක්කු, පෙරේතයෝ කුම්භාන්ඩයෝ වැහි වහලා. ඔය ගස් ටික චීවර බැඳලවත් බේර ගන්න ලැබෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ.(නදී)
රටකට වෙලා තිබෙන විනාශයේ තරම මොනවට පැහැදිලි කරනවද? (නදී)
"යකාගෙ විදිහටලු විමානේ" කියල කතාවක් මට මතක් වුනා අපේ හාමුදුරුවනේ...! (නදී)
සුන්දරත්වයෙන් පිරුණු රටකට ගියකළ.(නදී)
ගරුතර ස්වාමීන් වහන්ස, ආසියාවේ ආශ්චර්යය කරා දේශපාලකයින් යන ගමනට බාධා නොකරනු මැනවි (දී)
හාමුදුරුවන් මරණ දේශපාලුවෝ ඉන්න රටේ, සිවුරු පෙරවපු ගස් ගැන තව මොන කතාද ? (නදී)
කොහොම උනත් ලෝකෙටම පෙන්නන්න ඕනේ අපේ රටේ ජාති ආගම බේද නැති සමගි බව විශේෂයෙන් රට බෙදන්න හදන මාන බලන ද්‍රෝහීන්ට (දී)
හොද වැඩක්.(නදී)
මෙසේ හෝ වනසම්පත රැක ගැනීමට ප්‍රයත්නයක් දැරීම හොද දෙයක්. නමුත් පරිසර විද්‍යාත්මකව කොළ දුඹුරු වැනි ස්වභාවික වර්ණයන්ට හුරු උණු සතුන් මෙම වර්ණයට කොහොම ප්‍රතිචාර දක්වයිද ? ටිකක් පොඩි පටියක් උනානම්.(නදී)
හොද වැඩක්,ආගම් ජාති බේද නැතිව රටේ යහපතට වැඩකරන්න.(නදී)
බුද්ධ සාසන ඇමති දැනුවත් කර කරන වැඩපිළිවලක්ද? (නදී)
හොද වැඩක්.(නදී)
මේ රට රැක ගත හැක්කේ ඔබ වහන්සේලාට පමණයි.(නදී)
සරත්, ඔය පරිසර විද්‍යාව බුදුදහමෙත් තියෙනවා. හොදට හිතට ගන්න ඔයා කියන නවීන පරිසර විද්‍යාවට වඩා බොදු දහම ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඔයා දන්නවද සිවුරු වලට පඩු පොවන්නෙ කොහොමද කියලා. කැලේ ගස් වල කොල හැලෙද්දිත් ඔය පාටම තමයි. සත්තු ඉතාමත් හොද ප්‍රතිචාර දක්වයි.(නදී)
රටේ තත්වය මේකෙන් පේනවා.
ජාතියේ මුර දේවතාවන් වන අපේ මහා සංඝ රත්නය පටන් ගත් මේ උතුම් සත් කාර්යයට අප විසින් කළයුතුව ඇත්තේ ආශීර්වාද කිරීම විනා ඒ වෙනුවෙන් දුර්මත පළ කිරීම නොවේ. මන්ද? උන්වහන්සේලාගේ මේ අගනා මෙහෙයුම ගිහියන් වන අපගේ අනාගත දරු පරපුර වෙනුවෙන් කරනු ලබන පලදායී ආයෝජනයක් වන බැවිනි.(නදී)
හොරුන්ගෙන් වනාන්තර බේරාගැනීමට නම් මෙවන් දේ උතුම්.(නදී)
හොද දෙයක්.(නදී)
මංගල කියනවිදිහට සිවුරු වලට ගස්වල පොතු කොළ තම්බල පාට කරේ බුදුහාමුදුරුවන්ගේ කාලේ. දැන් එහෙම නෙවේ කෘතිමව පාටකරලා හදන්නේ. දැන් තියන පාට සම්පුර්ණ වෙනස්. ඔය කියන විදිහට බුදු දහමයි විද්‍යාවයි ගැන කතා කරන්න මම කැමති නැහැ. ආගම් වාදය අවුස්සනවා කියයි. මේ වගේ ක්‍රම ක්‍රියාත්මක කරන්නේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි රටවල් වල ,මම ඉන්නෙත් පිට රටක මෙහෙ කැලේ ගහක මිනිස්සු අත්තක් වත් කඩන්නේ නැහැ.(නදී)
මේ වෙලාවේ මට මතක් උනා සබරගමුවේ අපේ අත්තා කෙනෙක් පරම්පරා ගත නොබෙදූ ඉඩම් වල ඇති වටිනා ගස් අයිතිකර ගත් හැටි. අපි හැමෝම කීවේ සුට්ටන් අත්තා කියලා උස නැති නිසා. සපු,කොස්,මහෝ,මිල්ල,කැටකාලා,ලුනුමිදෙල්ල , ගස් යන්තම් ලොකුවෙනකොට ඇනයකින් සුට්ටා කියා නම කොටා තැබීම සිදු කළා. මෙය දුටු ලොකු අප්පච්චි ඇම්.එස් කියා එයාට උවමනා ගස්වල කෙටුවා. අපේ අප්පච්චිත් එස්.ආර්.එස්. කියලා ගස්වල කෙටුවා. නමුත් සණ්ඩු සරුවල් නොකර නම් කෙටු ගස් ඒ ඒ අය එදා නිවෙස් ඉදි කර ගැනීමට කපා ගත්තා. නුතනයේ ,ඉතින් මේ සිව්රු පෙර වූ ගස් කපා ගන්නේ කව්රුද යන්නයි මගේ .. ප්‍රශ්නය.(නදී)
මේකෙන් නිවරදි ගහ තෝරාගෙන කපන්න හොරුන්ටත් උඩගෙඩි දීමක් වෙනවා.(නදී)
සිවුරු ටික ගහ මුල තියේවී ගස් ටික ලී මෝලේ තියේවි.(නදී)
ගාමිණී, ඔයා විකාර කියවනවා. සංඝරත්නය මේ ක්‍රියාව කලේ ගස් කපන එක නවත්වන්න. අනික ඔයාලගේ පවුලේ කතාව වෙනස් ගස් තිබුනේ පරම්පරාගත ඉඩමක. ඉතිං ඉඩම නොබෙදූ එකක් නම් මොන නෑයා කැපුවත් ප්‍රශ්නයක්ද? සර්ව අශුබවාදී නොවී හොඳ දෙයක් අගය කරන්න පුරුදුවෙන්න.(නදී)