අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිගටම රාජකාරී කරගෙන යන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා(6) පස්වරුවේ තමන්ට දැනුම් දුන් බව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම මණ්ඩලය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම තම අනුදැනුමකින් වූවක් නොවන බවත්, සිදුවූ අපහසුතාව පිළිබඳ තමන් කනගාටු වන බවත් අගමැතිවරයා පැවසුවේ යැයි ද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළේය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අගමැතිවරයා පැවසුවේ යැයි ද සභාපතිවරයා කීවේය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිධූරයේ වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කටයුතු කටයුතු කරමින් සිටියදී නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන සිරිසේන හේරත් මහතා පත්කර තිබූ අතර ඔහු ඉතුක් සිකුරාදා පෙරවරුවේ සිය ධුරයේ රාජකා රී ද භාර ගත්තේය.
ඒ වන විට වෛද්‍ය නිලංග සමරසිංහ මහතාද තනතුරේ සිටි නිසා නව සභාපතිවරයා ලෙස පැමි‚ සිරිසේන හේරත් මහතාට සභාපතිවරයාගේ නිල කාමරයේ නොව වෙනත් කාමරයක සිටින්නට සිදුවිය.
මේ සිද්ධිය පිළිබද දැඩි කතා බහක් ද ඇති වූ අතර වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ තමන්ට ඉවත් වන ලෙස නිල දැනුම්දීමක් ලැඛෙන තුරු සිය ධුරයෙන් සමුනොගන්නා බවයි.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩල පනතට අනුව එහි සභාපතිවරයා පත් කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයා ලෙස නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා වුවත් නව ලේකම්වරයා ලෙස පැමි‚ සිරිසේන හේරත් මහතාට ඇමතිවරයා විසින් පත්වීමේ ලිපියක් නිකුත් කර නොතිබූ බව ද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සදහන් කළේය.
සිරිසේන හේරත් මහතාට පත්වීම් ලිපිය යවා ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා බව ද කී සභාපතිවරයා එම පත්වීම මණ්ඩලයේ ව්‍යවස්ථාවට විරුද්ධ බව ද ප්‍රකාශ කළේය.
තිලක් මාරපන අමාත්‍යවරයාද මේ පිළිබඳ නොදැන සිට ඇති බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තමන්ට පැවසූ බව ද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නටන්න බැරි වුනාට , කස්තිරම් අල්ලන්න පුළුවන්. ඒ මදැයි. (බ)
පාර්ලිමන්ට් එකේදී නම් හොඳටම නටන්නේ අගමැතිතුමා. (බ)
සරත් දැන් ඇමතිවරු වැඩියි ඒ නිසා ඒ ගොල්ලෝ වෙනම නටනවා. ඊට පස්සේ අගමැතිතුමා සහ ජනාධිපති තුමා නටනවා.අපි බලාගෙන ඉන්නවා. දන්නේ නැද්ද දැන් අපිට යහපලානේ තියෙන්නේ මර පාලනේ ඉවරයි. (බ)
හොඳ මිනිසුන්ට මේ රටේ තැනක් නැහැ. නිලංග මහතාට සුබ පැතුම්! (නි)
නිලංග මහතා විශිෂ්ට පුද්ගලයෙක් (නි)
නියමයි. ජයවේවා! (නි)
අගමැතිතුමාගේ එඩිතර පියවර ගැන සතුටුයි. (නි)
මොකක්ද මේ වෙන්නේ? (නි)
අපේ සහයත් ඔබට! (නි)
නිලංග මහතාට අගමැතිතුමාගේ ශක්තිය ඉදිරියටත් ලැබේවා! එසේ වුවහොත් රටේ වාසනාව තමයි. (නි)
මාරපන ලොක්කා යහපාලනේට මාර පුත‍්‍රයෙක් වෙන්න හදනව වගේ පේන්නේ (ම)
තිලක් මාරපන කියන්නෙ කවුද කියලා දැන් අපි දන්නවා (නි)
අලුත්ම ක්‍රමය අපි මුකුත්ම දන්නේ නැහැ. (ර)
අගමැතිතුමා සමග ඇමතිවරුන්ට නටන්න ලැබෙන එකක් නැහැ. (ර)
මිනිස්සුන්ගේ අනෙක් ප්‍රශ්න අමතකය .මේ නාටක බලන කොට. යහපාලන නාටක (ම)
මොනාද මේ වෙන්නේ.? (ර)
හැමෝගෙම කතා විතරයිනේ බලනකොට. (නි)