සංගීත පරපුරකින් පැවතෙන එන නෙලු අධිකාරිට බොහෝ දෙනා ආදරය කරනු ලබන්නේ ඇයගේ හඬ සහ ඇගේ ගීත ශෛල්‍යය නිසාවෙනි. වර්තමානයේ තිබෙන ගීතමය රැල්ලත් සමග වෙනස් ආකාරයක ගීතයක නිර්මාණය කරමින් සුපුරුදු රැල්ලෙන් මිදුනු අලුත් ආරයේ විරහ ගීයක් රසිකයන්ට තිළිණ කිරීමට නෙලු අධිකාරි සූදානම් වෙනවා. "කඳුළු මෙතරම්" නම් මෙම ගීතයේ පටිගත කිරීම් කටයුතු පසුගියදා සිදු කෙරුණා. මෙම ගීතය රූප රචනයක් සමගම ළඟදීම රසික හදවත් සමීප කරගනු නොඅනුමානයි. මෙහි සංගීතය දමිත අයොධ්‍ය විසින් නිර්මාණය කර ඇති අතර, පද රචනය හිරන්ත සුබසිංහ විසින් නිර්මාණය කර තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd