"මම දැන් පෙම්වතියක්." ඒ නිසා ටිකක් විතර මගේ පෞද්ගලික ජීවිතේ පැත්තත් ටිකක් කාර්ය බහුලයි. මගේ පෙම්වතා විදේශයක රැකියාවක් කරන කෙනෙක්. අපි දෙන්නා මුණගැහිලා නම් දැන් වැඩි කාලයක් නැහැ. "ෆේස්බුක්" කතා බහකින් තමයි අපේ ප්‍රේම සම්බන්ධය ඇති වුණේ. මීට මාසේකට කලින් එයා ලංකාවට ආපු වෙලාවේ අපේ ගෙදර ආවා. දෙමවුපියෝ එක්ක කතා බහ කරලා අපේ ප්‍රේම සම්බන්ධයට කැමැත්ත ගත්තා. ඉතින් දැන් අපි දෙන්නාගේම තීරණය වෙලා තියෙන්නේ අපේ විවාහ ගිවිසුම් ගැනීම සිදුකරන්න.
ඉතින් තවත් ටික කාලයකින් අපේ විවාහ ගිවිසුම සිදුකරන්න සැලසුම් කර තියෙනවා. මේ දවස්වල "ආදර අසපුව", "හංස පිහාටු" හා "කළු කුරුල්ලෝ" ටෙලි නාට්‍යවල රූපගත කිරීම් කටයුතු සඳහා දායකවෙලා ඉන්නවා. ඒ කාර්යබහුලත්වයත් එක්ක මගේ විවාහ ගිවිසුම් වැඩකටයුතු තරමක් දුරට අතපසු වෙලා තියෙනවා. ඉතින් කලා කටයුතුවල වැඩ ඉවර වුණ ගමන් මගේ පෞද්ගලික ජීවිතේ වෙනස ගැන හිතන්න ඕනා.
බුද්ධික සේනාධීර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd