ඇමෙරිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න මියාමි නගරයේ පැවැති ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ අන්තර්ජාතික බැඞ්මිටන්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. තරගාවලියට සහභාගි වු සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා හා කී‍්‍රඩිකාව වු චන්ද්‍රිකා ද සිල්වා සහ ලසිත මේනක මිශ‍්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුහ.
ශී‍්‍ර ලංකාවේ ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක, මෙවර ඇමරිකානු සංචාරයේදී පිට පිට රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වී තිබේ.
දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පසුගිය ඉකුත් දා නිමා වු ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදීද පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිලූක සමත් විය. ‘පුවර්ටෝ රිකෝ’ තරගාවලිය ජය ගැනීමත් සමග ලෝක බැඞ්මින්ටන් කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීමේ 165 වැනි ස්ථානයේ සිට 112 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමටද හෙතෙම සමත්විය.
ඉන් අනතුරුව ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලිය ජය ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ පළමු 100 දෙනා අතරට ඒමේ අවස්ථාව නිලූකට හිමිවන බවද වාර්තාවේ.
‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය පෙරේදා (12 වැනිදා) පැවැති අතර එහිදී පේරු රාජ්‍යයේ පචේකෝ රොද්‍රිගෝ (21/12, 21/14) පරදවා නිලූක ජය ලැබීය. තරගාවලියේ කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටි පචේකෝ ලෝක ශ්‍රේණිගත කිරීමේ (පිරිමි කේවල) කී‍්‍රඩකයන් 64 වැනි ස්ථානයේ සිටින කී‍්‍රඩකයෙකි.
නිලූක අවසන් පුර්ව තරගයේදී කැනඩා කී‍්‍රඩක ස්ටෙපාන් වොජෙක්ස්වික් පරදවා (21/16, 21/13) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. වොජෙක්ස්වික් ලෝක ශ්‍රේණිගත කිරීම් (පිරිමි) අනුව 70 වැනි ස්ථානයේ පසුවෙයි.
‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියේ මිශ‍්‍ර යුගළ ඉසව්වේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාවේ ලසිත මේනක සහ චන්ද්‍රිකා ද සිල්වා පරදවා ඇමරිකාවේ පාවුල් ඔබානන් සහ පිලිප් චාව් (21/18, 17/21, 21/10) ජය ලැබුහ. චන්ද්‍රිකා ද සිල්වා කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටය තෙක් ඒමට සමත්වුවාය.
‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියට පුවර්ටෝ රිකෝ, ඇමරිකාව, ස්ලෝවැකියාව, ඊශ‍්‍රයලය, ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, බ‍්‍රසීලය, පේරු රාජ්‍යය, මෙක්සිකෝව, ඉන්දියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ග‍්‍රීසිය යන රටවල් රැසකින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සහභාගිවුහ.
මේ මස 23 වැනිදා ආරම්භවන ස්කොට්ලන්ත අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම සඳහා නිලූක, ඇමරිකාවේ සිට ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය. මැක්ෆොයිල් සහ මොබිල්’හි වෙළෙඳ තානාපතිවරයා වන නිලූකට මෙම තරග සංචාරය සඳහා මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ අනුග‍්‍රහය හිමිව තිබේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd