ශ්‍රි ලංකා හමුදාවේ මොළ සෝදා බටහිර රටවල් වලට අවශ්‍ය ආකාරයට අවනත කර ගැනිමට ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කිරිමේ වැඩ පිළිවෙළක් ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති මණ්ඩලයේ සාමාජික බෙංගමුවේ නාලක හිමියෝ කොළඹ දී අද (08) ප්‍රකාශ කළහ.
ජනාධීපතිවරයාගේ අනුදැනුමෙන් රටේ සිදුවන ක්‍රියාකාරකම් ජනතා අප්‍රසාදයට ලක්වු පසු තමා ඒවා පිළිබඳ කිසිවක් නොදන්නා බව පැවසිමට ජනාධිපති කටයුතු කරමින් සිටින බව ද නාලක හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොනිදා රට වෙනුවෙන් හෙටට (ම)
අංගොඩ ලාල් ගැළපෙන ගමේමයි ඉපදිලා තියෙන්නේ. නාලක හිමි අවුස්සන ජාතිවාදයක් නැහැ. මා පෞද්ගලිකව මේ යහපාලනය කියන උදවිය නිසා දුක්විඳින අයෙක්. (නි)
මේ ජාතිවාදී හා ආගම්වාදී කල්ලිය කිසිම දෙයක හොඳක් දකින්නේම නැහැ .මොවුන්ට ඕනේ මේ රටේ හැමදාම යුද්ධ තියෙන්න විතරයි . සංහිදියාව කියන වචනයටවත් මේ කල්ලිය කැමති නැහැ (බ)
අසමගිය වපුරන මේ වගේ අය බුද්ධ ශාසනයට අවනම්බුවක්. (බ)
මුන් වහන්සේ කොහෙද දොස් නොදැක්කේ? දැන් බොහොම කාලයක් වතුර වීදුරුවෙත් කිඹුල්ලු දැක දැක හීනෙනුත් බය වෙනවනේ. බුදු හාමුදුරුවෝ දේශනා කළ දේ අනුව ගිහියන්ට දේශපාලනය කරන්න ඉඩ දෙන්න. ලිච්චවී ක්‍රමය අනුගමනය කරන්න. (බ)
මෙයාගේ අර දේශපාලනයෙන් ඡන්දය ඉල්ලන්නේ නැතුව විකාර සිහින දකින කෙනෙක් නේද ? (බ)
මේවා බොහොම පටු විදියට ජාතිවාදය ඇවිලිමක් ලෙස හුවා දැක්වීමට ඉක්මන් නොවිය යුතුයි .මෙතුමා කියන කතාව සත්‍යයයි .කොදු නාරටිය ඇති හාමුදුරුනමක්. (බ)
නාලක හිමියන් ඇතුළු පිරිස මහින්ද පාලනයේ කිසිම වරදක් දුටුවේ නැහැ. දුටුවත් නොදුටු ලෙසින් සිටියා. ඒ මදිවට එම පාලනයේ නැති ගුණ වර්ණනා කළා. එහි පල විපාක තමයි අද මහින්ද මහත්තයා විඳින්නේ. (බ)
බොරුවට කලබල වෙන්න එපා හාමුදුරුවනේ. ඉන්දියාවෙන් තවත් ගෙවල් 50000 උතුරේ හදල දෙනවා. දුම්රිය පාරත් හදල දුන්න, උතුරු මුහුදේ මාළු අල්ලන්නත් ඉල්ලනවා. ඉන්දියාවෙන් ලංකාවට පාරකුත් හදන්න සැලසුම් සකස් වෙනවා.එයාල අපිට ගොඩක් ආදරෙයි.එයාල අපේ රට සලකන්නේ එයාලගෙම කොටසක් වගේ ආදරෙන්. එහෙවු එකේ අපේ රටට වෙනත් රටවලට ඇගිලි ගහන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නෑ. වැඩිම වුනොත් වෙන්නේ අපි ඉන්දියාවේ කොටසක් වෙන එක . එකට ගොඩක් අය කැමැත්ත දීල ඉවරනේ .නේද අංගොඩ ලාල්, සමන් ? (බ)
අපේ මහනායක හාමුදුරුවෝ ආදර්ශයට ගන්න රට නැවත විනාශ කරන පාප කරුමයට සම්මාදම් වෙන්න එපා (බ)
ඹය අර මහින්ද පැරදුනත් එයාට තව අවරුදු දෙකක් තියනවා කීව කෙනානේ. එයාලට තියෙන්නේ මහින්ද උන. (ස)
රටට වන විනාශය සමහර අයට තවම පෙනෙන්නේ නැත. රට විනාශ වූ පසු පෙනුනත් වැඩක් නැත. විදෙස් ඇඟිලි ගැසීම්ද වැඩිය. ඇමෙරිකාවට සහ බටහිරට අවශ්‍ය පරගැතිබවින් අපි මිදිය යුතුය. (නි)
අංගොඩ ලාල්, කොටි පැටවූ ලෝකය පුරා විසිරී ඉන්නවා. අපි එක්ක එළිපිට කොටි නැටුම් දානවා. (නි)
මේ අය වැරදිකරුවන්ට නඩු පැවරීමටත් විරුද්ධයි. රට බේරාගත්තා කියා වංචා දූෂණ කරන්න ලයිසන් ලැබෙන්නේ නැහැ. වරදක් කර නැත්නම් ඒ බව අධිකරණයෙන් ඔප්පු වේවි. (නි)
අද නැත පුන්සඳ - කෑලි කැපෙන ඝණඳුර මැද - එන්න සොඳුරු පාළුව බිඳ -ජනයාට දෙසමු බණ.... (නි)
ලොව බිහිසුණුම ත්‍රස්තවාදය සහ ඔහුගේ සගයන් විනාශ කළ වීරෝධාර යුධ හමුදාවක් විදේශිකයන්ට ඇවැසි විදිහට නටවන්නේ කුමකටද? තම නායකයාගේ අසුචි වුවද සුවඳ යැයි කීමට සුදානම් දේශපාලන ගැත්තන් යුධ සමයේ අහුමුලුවල ගතකරද්දී , මේ බෙන්ගමුවේ නාලක හිමියන් ප්‍රමුඛ කණ්ඩායම යුධ බිම් වල සැරිසරමින් කළ මෙහෙය එදා උතුරේ සහ නැගෙනහිර අසරණ වූ සිංහලයෝ දනිති. කීමට ඇත්තේ එකම දෙයකි. එදාට වැඩිය අද සිංහල ද්‍රෝහීන් වැඩි වී ඇත. (නි)
රටේ දේශප්‍රේමී ජනතාවගේ දේපල සොරකෑ, මොළ සූරාකෑ අය ගැන කවුරුවත් මොකුත්ම කතාකරන්නේ නැහැනේ? (නි)
ඔබවහන්සේලා මෙහෙම අවදිවන එක හොඳයි (නි)
සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ දේශය බේරාගැනීම යනු වර්ග කිමී.65,610 තුළ තිබෙන භූමියේ අයිතිය බේරාගැනීම විතරක් කියායි. (නි)
අංගොඩ ලාල් යුද සමයේදී හිඟුරක්ක්ගොඩට ආසන්න ගමකට කොටි පහරදී සිංහලයන් මරා දැමුණු අවස්ථාවක ,සමහරවිට ඔබලා ගෙදර සුවසේ නිදියද්දී එම ගමට ගොස් සිංහලයන්ට සහන සැපයු මේ බෙංගමුවේ හිමි ආපසු එමින් සිටියදී තනි අලියාගේ පහරකට ලක්වන්නට ගොස් තනියගේ උගුරේ රත් පැහැය පවා දුටු බව නොදන්නා නිසා විය හැක නාලක හිමිට ජාතිවාදිය වශයෙන් චෝදනා කරන්නේ, (බ)