(ගයාන් සූරියආරච්චි)
රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන වීඩීයෝවක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහත පැවැසීය.
එම වීඩියෝ පටයට අනුව පොලිස් ජීප් රථයකින් පැමිණෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බීමතින් නිලඇදුමින් ඇදක් උඩ නිදා සිටින එක් පොලිස් නිලධාරියකු වඩාගෙන යන ආකාරය දැකිය හැකි අතර ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ නිලධාරියකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිලධාරීන් මුළුතැන්ගෙයක් තුළ පොලිස් නිල ඇදුමට අගෞරව වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර එම නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවී ඇති පොලිස් නිලධාරියාගේ වැඩතහනම් කර ඇති අතර අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා නම් සේවයෙන් ඉවත් කළ යුතුයි.
ලංකාවේ තියෙන හොඳම පුනරුත්තාපන ආයතනය තමයි රත්නපුරේ මිතුරෝ. ඒ වගේ ආයතන බර ගානක් ඕනෑ වෙයි මේ රටේ මතට ඇබ්බැහි වුණු නිලධාරීන් පුනරුත්ථාපනය කරන්න. පොලිස්, ආමි, නේවි , STF , ගුවන් හමුදා නිලධාරින්, සෙසු නිලයන්, අධිකරණ නිලධාරින් මතට ඇබ්බැහි වී තිබෙන එකට කඩිනම් විසඳුමක් ගතයුතුයි. සැම නිලධාරියෙක්ම මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට ඉක්මනින් යොමුකර ඇබ්බැහි වුවන් හැකි ඉක්මණින් පුනරුත්ථාපනය කිරීම සහ සේවයෙන් ඉවත් කිරීම සිදුකළ යුතුමයි. මතට ඇබ්බැහි වූ කෙනෙකුගේ ප්‍රශ්නේ, ඒ කෙනා කොතරම් හොඳ කෙනෙක් වුණත් ඔහුව පාලනය කරන්නේ මත්ද්‍රව්‍ය විසින්... මත් කුඩු ලබා ගන්නා ඕනෙම දෙයක් කරන්න පුළුවන් තත්වෙකට ඔවුන් පත්වෙනවා. රටේ නීතියේ විධානය භාර පිරසක් මේ මතට ඇබ්බැහි වෙලා ඉන්න තත්වය රටේ ආරක්ෂාවට, මත්ද්‍රව්‍ය පාලනයට ලොකු අභියෝගයක් වෙයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ..., පොරවෙන් කපන්න තියාගෙන හිටියොත් රටම මෙක්සිකෝවක් වෙයි.
කුක්කු පැටව් දෙන්නෙක් වගේ යන හැටි. පව් අප්පා...!
මම දන්නා විදියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් තම පිරිස යහමගට ගැනීමක් සිදු කරන්නේ ශ්‍රීලංකා නාවික හමුදාවේ පමණයි, හැබැයි අනිත් ආරක්ෂක අංශ වලත් මත්ද්‍රව්‍යය හා නොයෙකුත් ඇත්බැහිවීම් වලට ලක්වූ පුද්ගලයන් සිටිනවා. ඔවුන්ටත් යහපත් පුරවැසියන් කිරීම සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි.
රාජකාරි වේලාවේ මත් ද්‍රව්‍ය පානය කළොත් සියළු දෙනාම සේවයෙන් ඉවත් කළ යුතුයි. පොලිස් නිලධාරීන් ගැන කියලා වෙනසක් නැහැ.