
මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5 කදී වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් පමණක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනයද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්‍රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සූදානම් කරගත යුතු බව භාණ්ඩාගාරයේ නිර්දේශය යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යෑම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත් වාහන ආනයනය පිළිබඳ අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස 5 ට වාහන 18000ක් ගේන්න LC open කරන්න ඩොලර් මිලියන 742ක් ගිහින් තියෙනවා. වාහන ආනයන බද්ධ අවම 200-300% වගේ තියෙනවා. ඒත් බදු ආදායම ඇවිත් තියෙන්නේ රුපියල් බිලියන 220 ($ මිලියන 745 ආසන්නව). විතරයි. ගණන් වැරැදිද, වංචාවක්ද?
හිතවත් උන්ට, සල්ලිකාරයන්ට, ලීසිං කාරයන්ට ඕනි දේ කරලා පොඩි මිනිහෙක් වාහනයක් ගන්න තියෙන අවස්ථා නැති කරන්න එපා... අපිට ආසයි මැරෙන්න කලින් ජීවත් වෙන්න...
මොකද්ද බන් දැන් කියන්නේ? ගෙන්නන එක හොඳයි කියලාද නැහැ කියලාද ?
පුනරැදාව දෝරේ ගලයි......
අලුතෙන් කිසිම ආයෝජන හෝ ආදායම් මාර්ග නැතිව වියදම වැඩි උනාම ඔහොම තමයි. ඒ මදිවට පුනර්ජනනීය බලශක්තිය අඩපණ කරලා ඩීසල් මාෆියාවට උදව් කරනවා. පත්වෙලා මාස 8යි දැනටම අනාගෙන.
රනිල් අමාරුවෙන් ගොඩ දාපු ආර්ථිකය මෙයාල අනනවා ඇනිල්ලක් ආයේ ගොඩ දාන්න බැරි වෙන්නම.
ආණ්ඩුව ඔය ඩොලර් බිලියනයට රුපියල් ට්‍රිලියන 2කට වැඩිබදු ආදායමක් උපයනවා. ඒක නිසා ආණ්ඩුවට වියදම් කරන්න මුදල් මුද්‍රණය කරන්න හෙවත් සල්ලි මවන්න ඕනෑ නැහැ. ඔය රිනාත්මක බලපෑමක් කියලා හිඟයක් මවාපාලා සේල් පොලේ එකතුවෙලා තියෙන අධිමිල වාහන ලොට් එක විකුණාගන්න කරන උපක්‍රමයක් වෙන්න ඕනෑ..
දිනකට රජයේ වියදම රුපියල් බිලියන 7 ආදායම 5.5 කි..., මේකෙන් වැඩිම වියදමක් යන්නේ, අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ ඉන්න රජයේ සේවකයන් නඩත්තු කරන්න. රාජ්‍ය සේවකයින් සඳහා යන වියදමෙන් 25% වත් අඩු කරගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි පාඩු ලබන රජයේ ව්‍යාපාර වලට යම්කිසි පිලියමක් නොකර, දිගින් දිගට මේ විදිහට කාලය ගත කළොත්, ණය වලට පොලිය හැදිලා, 2028 සිට පරණ ණයවලට වාරිකත් ගෙවන්න වුණොත් මුළු රටම නැවත ලොකු ප්‍රපාතෙකට වැටෙන්නේ පුළුවන්...!
@SARA මේ තත්වයට රට ඇදලා දැම්මෙත් ඔය රනිලුයි, මහින්දයි තමයි
අපි හිතුවේ නම් හොරා කෑවා කියපු සල්ලියි, බොල් වුණු ණයයි අරගෙන මේ රට සුඛිත මුදිත කරයි කියලා...
මේ වසරේ මාර්තු මාසය වෙනවිට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.51 එකක් බව මහ බැංකුව සඳහන් කරන අතර එම මාසය තුළ තවත් මිලියන 401.9ක ඩොලර් දේශීය හා විදේශීය වෙළඳ පලෙන් මිලදී ගැනීමට සැලසුම් කරමින් පවතින බවට වාර්තා කරන ලදී. එහෙම තිබියදීත් මෙවැනි වාර්තා ජනගත කරන්නේ කාගේ වුවමනාවට දැයි සොයා බැලිය යුතුයි.
මේකේ කොටන බයියන්ට (සාරා වගේ) ඔවුන්ට ආර්තිකය ගැන මෙලෝ හසරක් නොදැන පොර ටෝක් දෙන්නේ... පව්... රෑට උයන්න ගෙදර හාල් තියේද?
චානික මෝඩ කතා කියන්න එපා. රනිල් කරලා ගියේ නැතිනම් ජෙප්පන්ට ඇපත් නෑ. මෙච්චර ණය ගත්තා ඇරුණාම මොනවද කළේ..?