මැණික් ගරමින් සිටියදී රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණික් ගලක් පතලේ අයිතිකාර ව්‍යාපාරිකයාගෙන් සඟවා රත්නපුර ප්‍රදේශයේ වෙනත් ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට ගිය බව කියන ලග්ගල ප්‍රදේශයේ පතල් සේවකයකු මාතලේ විශේෂ විමර්ශන ඒකකය හා ලග්ගල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ලග්ගල මැණික් ව්‍යාපාරික වන කේ. එම් පියදාස මහතාගේ (පොඩි මුදලාලි) පතල් සේවකයා මැණික්ගල රත්නපුරයට රැගෙන ගොස් විකිණිමට සැරසෙද්දී ගැනුම්කාර ව්‍යාපාරිකයා ඒ පිළිබඳව දුරකතනයෙන් ලග්ගල ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත.
ඒ අනුව ව්‍යාපාරිකයා මාතලේ පොලිසියට කළ පැමිණිල්ල අනුව නිල් මැණිකද පොලීසිය භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරලා තියෙන්නේ ලොකු මෝඩකමක්, හොරකම් කරලා මැණික් මුදලාලිලාගෙන් නම් බේරිලා ඉන්නවා බොරු (නි)
පතලේ සේවකයාට මැණික හිමිවිය යුතුය. ඔහු මැණික සොයාගත් පුද්ගලයා වේ (නි)
ඔහු එතරම් දුරදිග කල්පනා කරලා නැහැ වගෙයි (නි)
අපිට හමුවුණොත් මැණිකක්,ඒක විකුණන්නත් තහනම්ද? (නි)
මැණික් මුදලාලි සම්පුර්ණයෙන්ම හරි. අනික් හොරුන්ටත් පාඩමක්. අනික මේ ව්‍යාපාරය හරියන්නේ අවංකකම මත. (නි)
දෝන, එහෙනම් මැණික් මුදලාලිත් කරන්නේ හොරකම්නේ. එයා මොකටද අපි කාටත් අයිති පොළවේ තිබෙන ගල් අරගන්නේ? (නි)
සිසිර, එතකොට පතල කණින්නට අවශ්‍ය මුදල්, යන්ත්‍ර හා උපකරණ , ඉඩම, සේවක පඩිනඩි, වතුර මෝටර් , ඉන්ධන, අවදානම ආදියට ආයෝජනය කළේ කවුද ? (නි)
අන්සතු දෙයක් අයිතිකරුගේ අකමැත්තෙන් වංචා සහගත සිතින් තිබු තැනින් වෙන් කිරීම සොරකමක් වේ (නි)
ලංකාවේම පොලිසී මේ කියන මුදලාලිගේ ගෙදර වගේ කියල නම් මම හොදට දන්නවා. කොහොම උනත් හොරකම කල මනුස්සයාගේ කොදු ඇට 2 ක 3 දැනටමත් කඩල ඇති කියල හොද විශ්වාසයක් තියනවා.(නදී)
හොරකම් කලාට වැඩක් හරියට කරන්න නොදන්නා මිනිහෙක්. (නදී)
පවු මිනිහට ඒක ආපහු දෙන්න (නදී)
මැණිකක ලාභයෙන් කොටසක් පතල් සේවකයන්ටත් බෙදිලා ගියොත් නරකද? මැණික් මුදලාලිලා බෙන්ස් වල යද්දී අසරණ සේවකයන්ට වෙන්නේ ජීවිත අවදානමත් දරාගෙන මඩ වලට වෙලා ජීවිතේම කඹුරන්න. ඔවුන්ටත් සාධාරණ පංගුවක් ලැබෙනවා නම් මේ වගේ හොරකම් වලට පෙළඹෙන එකක් නෑ. (නදී)
අඩුවට ගන්න කේවල් කරන්න ඇති. එහෙම නොවුනු නිසා වැඩේ දෙන්න ඇති. මොන කම් කළත් හොරකම් නම් ඵලදෙනවා.(නදී)
ගලෙන් මිනිහට හවුලක් තියෙනව්.ගලේ හැටියට මනුස්සයට කොහොමත් අඩුම තරමේ 100000 ක් වත් තියෙනවා . සමහරවිට 500000 ට වැඩි වෙන්නත් පුළුවන්. බැකෝ ගහනවා නම් 100000 ට 2500 ක් ගෙවනවා. (නදී)
කොහොමද මේක ඔප්පු කරන්නේ. පතල් වලින් විතරක් නෙමෙයි නේ මැණික් ලැබෙන්නේ. කොහොම හරි පන්නා ගත්ත නම් මැණික ඒ මනුස්සයාගේ..ම්නිහ කෙලින් හිටියොත් කාටත් අකුලා ගන්න වෙන්නේ..ඔය ලෝකේ කාපු ලෝයර් කෙනෙක්ට මැණිකේ වටිනා කමින් කොටසක් දෙනවා කිව්වනම් නඩුව එක නඩු වාරෙන්ම ඉවරයි. (නදී).
අයියෝ ඕක තව ටිකකලක් තියාගන්න තිබුනනේ ඇයි විකුනන්න හදිසි වුනේ.(නදී)