IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිල් මැණික විකුණන්න ගිහින් පතල් සේවකයා නිල් වෙයි

මැණික් ගරමින් සිටියදී රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණික් ගලක් පතලේ  අයිතිකාර ව්‍යාපාරිකයාගෙන් සඟවා රත්නපුර ප්‍රදේශයේ වෙනත් ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට ගිය බව කියන ලග්ගල ප්‍රදේශයේ පතල් සේවකයකු  මාතලේ  විශේෂ විමර්ශන ඒකකය හා ලග්ගල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ලග්ගල මැණික් ව්‍යාපාරික වන  කේ. එම් පියදාස මහතාගේ (පොඩි මුදලාලි) පතල් සේවකයා  මැණික්ගල රත්නපුරයට රැගෙන ගොස් විකිණිමට සැරසෙද්දී ගැනුම්කාර ව්‍යාපාරිකයා  ඒ පිළිබඳව දුරකතනයෙන්  ලග්ගල ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත. 

ඒ අනුව  ව්‍යාපාරිකයා මාතලේ පොලිසියට කළ පැමිණිල්ල අනුව නිල් මැණිකද පොලීසිය භාරයට ගෙන ඇත.

 

 



අදහස් (0)

නිල් මැණික විකුණන්න ගිහින් පතල් සේවකයා නිල් වෙයි

විරාජ් කාලිංග Wednesday, 27 November 2013 03:21 PM

මේ කරලා තියෙන්නේ ලොකු මෝඩකමක්, හොරකම් කරලා මැණික් මුදලාලිලාගෙන් නම් බේරිලා ඉන්නවා බොරු (නි)

:       0       0

සිසිර Wednesday, 27 November 2013 03:28 PM

පතලේ සේවකයාට මැණික හිමිවිය යුතුය. ඔහු මැණික සොයාගත් පුද්ගලය‍ා වේ (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 27 November 2013 03:29 PM

ඔහු එතරම් දුරදිග කල්පනා කරලා නැහැ වගෙයි (නි)

:       0       0

වින් Wednesday, 27 November 2013 11:36 PM

අපිට හමුවුණොත් මැණිකක්,ඒක විකුණන්නත් තහනම්ද? (නි)

:       0       0

ශාන් Thursday, 28 November 2013 01:54 AM

මැණික් මුදලාලි සම්පුර්ණයෙන්ම හරි. අනික් හොරුන්ටත් පාඩමක්. අනික මේ ව්‍යාපාරය හරියන්නේ අවංකකම මත. (නි)

:       0       0

රුබට් Thursday, 28 November 2013 04:29 AM

දෝන, එහෙනම් මැණික් මුදලාලිත් කරන්නේ හොරකම්නේ. එයා මොකටද අපි කාටත් අයිති පොළවේ තිබෙන ගල් අරගන්නේ? (නි)

:       0       0

ච්න්තක Wednesday, 27 November 2013 05:59 PM

සිසිර, එතකොට පතල කණින්නට අවශ්‍ය මුදල්, යන්ත්‍ර හා උපකරණ , ඉඩම, සේවක පඩිනඩි, වතුර මෝටර් , ඉන්ධන, අවදානම ආදියට ආයෝජනය කළේ කවුද ? (නි)

:       0       0

දෝන Wednesday, 27 November 2013 06:33 PM

අන්සතු දෙයක් අයිතිකරුගේ අකමැත්තෙන් වංචා සහගත සිතින් තිබු තැනින් වෙන් කිරීම සොරකමක් වේ (නි)

:       0       0

බොතේජු -රත්නපුර Thursday, 28 November 2013 10:27 AM

ලංකාවේම පොලිසී මේ කියන මුදලාලිගේ ගෙදර වගේ කියල නම් මම හොදට දන්නවා. කොහොම උනත් හොරකම කල මනුස්සයාගේ කොදු ඇට 2 ක 3 දැනටමත් කඩල ඇති කියල හොද විශ්වාසයක් තියනවා.(නදී)

:       0       0

මොහාන් Wednesday, 27 November 2013 01:27 PM

හොරකම් කලාට වැඩක් හරියට කරන්න නොදන්නා මිනිහෙක්. (නදී)

:       0       0

කිචී Wednesday, 27 November 2013 01:40 PM

පවු මිනිහට ඒක ආපහු දෙන්න (නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 27 November 2013 01:49 PM

මැණිකක ලාභයෙන් කොටසක් පතල් සේවකයන්ටත් බෙදිලා ගියොත් නරකද? මැණික් මුදලාලිලා බෙන්ස් වල යද්දී අසරණ සේවකයන්ට වෙන්නේ ජීවිත අවදානමත් දරාගෙන මඩ වලට වෙලා ජීවිතේම කඹුරන්න. ඔවුන්ටත් සාධාරණ පංගුවක් ලැබෙනවා නම් මේ වගේ හොරකම් වලට පෙළඹෙන එකක් නෑ. (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 27 November 2013 01:56 PM

අඩුවට ගන්න කේවල් කරන්න ඇති. එහෙම නොවුනු නිසා වැඩේ දෙන්න ඇති. මොන කම් කළත් හොරකම් නම් ඵලදෙනවා.(නදී)

:       0       0

බදුවලගේ Wednesday, 27 November 2013 02:14 PM

ගලෙන් මිනිහට හවුලක් තියෙනව්.ගලේ හැටියට මනුස්සයට කොහොමත් අඩුම තරමේ 100000 ක් වත් තියෙනවා . සමහරවිට 500000 ට වැඩි වෙන්නත් පුළුවන්. බැකෝ ගහනවා නම් 100000 ට 2500 ක් ගෙවනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 27 November 2013 02:18 PM

කොහොමද මේක ඔප්පු කරන්නේ. පතල් වලින් විතරක් නෙමෙයි නේ මැණික් ලැබෙන්නේ. කොහොම හරි පන්නා ගත්ත නම් මැණික ඒ මනුස්සයාගේ..ම්නිහ කෙලින් හිටියොත් කාටත් අකුලා ගන්න වෙන්නේ..ඔය ලෝකේ කාපු ලෝයර් කෙනෙක්ට මැණිකේ වටිනා කමින් කොටසක් දෙනවා කිව්වනම් නඩුව එක නඩු වාරෙන්ම ඉවරයි. (නදී).

:       0       0

ශ්‍රියාලතා Wednesday, 27 November 2013 02:27 PM

අයියෝ ඕක තව ටිකකලක් තියාගන්න තිබුනනේ ඇයි විකුනන්න හදිසි වුනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site