ලබන වසරේ සිට පාසැල් නිල ඇඳුම් වලට රෙදි ලබාදීම වෙනුවට මුදල් වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පළකරයි.
එම සංගමයේ සභාපති ප්‍රියත්න ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙසේ වවුචර බෙදීමට යාමෙන් ගුරුවන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ රාජකාරි වලට බාධා ඇති වන බවයි.
දුෂ්කර පෙදෙස් වල වෙසෙන දරුවන්ගේ දෙමව්පියන් මෙම මුදල් වවුචර නිවසේ අගහිඟකම් පියවා ගැනීමට යොදාගතහොත් එයින් අවාසියක් වන්නේ එම දරුවන්ටම බව ඔහු කියයි.
නිල ඇඳුම් ලබාදීමේදී පැනනගින ගැටලු වලට විසඳුමක් ලෙස මෙම වවුචර ක්‍රමය හඳුන්වාදීමට අමාත්‍යංශය තීරණය කර ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් පැන නගින බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කරන එක හොඳයි (නි)
ලංකා ගුරු සංගමය හරි (නි)
දුර පළාත් වල ළමයි ඒ සල්ලි වලින් ගෙදර වියදම් පියවා ගනීවි. ගුරු සංගමය කියන්නේ ඇත්ත (නි)
එන පොට නම් හොඳ නැත (බ)
වවුචරයට නිල ඇඳුම් පමණක් ගන්න පුළුවන් විදිහට දුන්නහම වැඩේ ඉවරනේ. (නි)
දෙනවයි කියන වවුචරේට නිල ඇදුමක් තියා අමුඩයක් වත් ගන්න පුළුවන් වුණොත් හොදයි. (අ)
වවුචරය දෙන එක හොඳයි. සියලුම රජයේ පාසල්වල කොට කලිසම සඳහා දෙන නීල් වර්ණය එක සමාන නැහැ. එම නිසා සමහර පාසල් වල සිසුන්ට මුදලට කලිසම් රෙදි මිලදී ගැනීමට සිදු වෙනවා. (අ)
ඇසල , කියන හැමදේම ඇදේට. හැමෙකකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න.අනික වවුචර් එකට නිල ඇඳුම විතරක් දෙන ( හිමාල් කියන විදියට) එකක් වුණාම ප්‍රශ්නේ ඉවරනේ. (අ)
එක ඇත්ත මේක නිදහස් අධ්‍යාපනයේ කප්පාදුවයි (අ)
මෙම කාරණයේදී දෙපැත්තක් බලන්න තිබෙනවා. රෙදි පැකට් කරන්නයි, ඒවා ප්‍රවාහනය කරන්නයි සහ එම පැකට් පාසල්වලට ගෙනාවට පස්සේ ඒවා ආරක්ෂා කරන්නයි යන වියදම සහ කාලය ගැන බැලුවහම මෙලෙස වවුචරයක් දෙන එක හොඳයි. පවුලේ සිසුන් කිහිප දෙනෙක් සිටිනවිට රෙදි සියල්ලම අරගෙන අවශ්‍ය ප්‍රමාණයට නිල ඇඳුම් මස්සවා ගන්න දෙමාපියන්ට පුළුවන්. ගුරු සංගම් කියන විදිහට මේ හදන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රමයෙන් නවතා දාන්න නම් ඒක බරපතල වරදක්. (නි)
ගුරු සංගමයට දුප්පත් ජනතාවගේ ප්‍රණාමය! නිල ඇඳුම සමඟ සපත්තුත් ලබාදෙනවා නම් හොඳයි. බොරුවට රැස්වීම් වලදී පමණක් දරුවන්ට ආදරය පෙන්නුවාට වැඩක් නැහැ. (නි)
නිල ඇදුම් මුලින්ම දෙන්න පටන් ගත්තෙත් යු එන් පී ආණ්ඩුවෙන් තමා...(බ)
ඕනෑම දෙයකට විරුද්ධවෙන්නන් ගැන අපගේ කණගාටුව! (නි)
සාමාන්යෙන් වෙළඳ පොළේ ඇඳුම් මිල ස්ථාවර නොවන නිසා මෙය අවුරුද්දෙන් අවුරුද්දට මිල වැඩි කළයුතුවෙයි නේද? (නි)
මුදල් දෙන එක හොඳයි. ඒකෙන් රජයට ගොඩක් සල්ලි ඉතුරුකරගන්න පුළුවන්. (නි)
කාලයකට ඉහතදී පාසල් දරුවන්ට දිවා අහාරය වෙනුවෙන් මුද්දර කාඩ්පතක් නිකුත් කරනු ලැබුවා. එය අසාර්ථක වුණේ, සමුපකාරයෙන් ධාන්‍ය ආහාර වෙනුවට සබන් පවුඩර් ගන්න වුණ නිසයි. මෙම වවුචර් ක්‍රමය ක්‍රියාත්මක වුණොත් එයින් නිල ඇඳුම් වෙනුවට වෙන ඇඳුම් ගන්න වීම හෝ ගැනීම සිදුවේවි. ඒක නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම නුසුදුසුයි. (නි)