අගෝස්තු නිවාඩුවත් සමඟ ගාලු මුවදොරෙ පිටිය ද පාට පාට සරුංගල් අතින් ගත් දරුවන්ගෙන් පිරී ඇත.
සරුංගල් වෙළඳුන් සැම තැන සැරිසරයි.
බොහෝ දෙනෙක් සරුංගල් මිළදී ගනිති. නිවසේ සෑදූ සරුංගල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.සාමාන්‍ය සරුංගලයක මිල රු. 250 කි.
නාගයන් , වවුලන් , මොනරුන් , මාළුවන් හා කොම්බුවන් ආදි විවිධාකාරයේ සරුංගල් ගාලු මුවදොරෙ නිල් අහසේ සැරිසරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝ හඬදී දිය පෙරලා ඈතින් නැගි මුහුදු රැලේ.. සැන්දැවේ ගෝල් ෆේස් විඩා නිවන මහඟු බලේ.. කුඩා ළමුන් වැඩිහිටියන් මුළු පවුලම සතුටු කළේ.. අහස් නැගී කොම්බු ගසන මගේ කුඩා සරුංගලේ (නි)
බදු මිලත් හරියට සරුගලයක් වගේ නේද! (නි)
මටත් මගේ සුන්දර ළමා කලේ මතක් වෙනවා. ඇත්තටම සරුංගලේ පුංචි ළමා සිතට බද්ධ වුණ අපූරුතම නිර්මාණයක්, මින් ලබන ආශ්වාදය අසීමිතයි. (ස)
දැන් කාලෙ ළමය් ටියුෂන් අරක මේක කියා කාර්ය බහුල ජීවිතයක්නේ ගත කරන්නේ.සෙල්ලම් කරන්නෙත් පරිඝනක සමග. ඒ හින්දා ඔහොම හරි කිරීම අනිවාර්යයි. ඉස්සර අපට අගෝස්තුම එන්ඩ ඕනෑ නැහැ සරුන්ගල් යවන්න. ඕනෑ වෙලාවක අපට නිදහස තිබුණා ඒවා කරන්න. ඒවගේ කව්රුත් පොඩි කාලෙ කන්නාඩි බාවිතා කළෙත් නැහැ. දැන් බලන්නකෝ පොඩි එවුන්ගෙන් බහුතරයක්ම කන්නාඩි දානවා. අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ අනේ. (නි)
කන්දේ ගිහිල්ලා, හොඳ මෝරපු කිතුල් පිත්තක් කපලා, හරහට පොල් පට්ටයක් බැඳලා, සව්කොල අලවලා, වෙලේ තරගෙට සරුංගල් ඇරපු කාලෙ මතක් වෙනවා අම්මපා... නිවාඩු කාලෙට දවල්ට කන්න එන්නෙ සරුංගලේ වෙලේ ඕවිටේ ගැට ගහලා. සමහර දාට නූල කඩාගෙන ගියාම දුවනවා පණ කඩාගෙන පස්සෙන්.. කොච්චර සුන්දර අතීතයක්ද. අද ළමයින්ට ඕවා නැහැනෙ. (නි)
කාලෙකට පස්සේ මේ තීරුවේ සාමාන්‍ය දෙයක් පළවෙලා. නැත්නම් ඉතින් තියෙන්නේ, අනතුරු, උසාවි, බන්ධනාගාර රථ , වරදකාරයෝ, වර්ජන, උද්ගෝෂණ වගේ දේවල්නේ. (නි)
මමත් මේ අවුරුද්දෙ ලංකාවට ආවහම වැන් එකේ පොල් මලක් ගහගෙන දරුවන් සමඟ රට වවේ යන්න හිතන් එන්නේ.මොකද ලබන අවුරුද්ද වෙනකොට ගෝල්ෆේස් පිට්ටනිය,විහාර මහා දේවී. සින්නක්කරයටම විකිණිලා තියෙන්නත් බැරි නැහැ.ලංකාවේ වටිනා කියන එකී මේකී නොකී සියලුම තැන දැන්මම අපේ දරුවට පෙන්වල තියන එක හොඳයි කියල හිතුණා.(ස)
මමත් මේ ඉරිදා සරුන්ගලයක් ගෙනිච්ච උඩ යවන්න. ඒක අඩි 80ක් දිගයී. ලොකු නාගයෙක්.... සාරි 50ක් එකට බැදලා වල්ගේ දැම්මේ. නයිලෝන් කඹ මීටර් 8000ක් ගෙනිච්චා උඩ යවන්න.ඉරිදා හවස උඩ යවලා රෑ කඹේ දිගේ වෙසක් කූඩු 60ක් යැව්වා. (අ)
මෙහි අදහස් පලකරන බොහෝ අය දැනට දශක දෙක තුනකට පෙර සුන්දර ළමා කාලයක් ගෙවූ බව පෙනෙනවා නේද ලියනගේ, ඇත්තටම ඒ කාලෙට අයෙත් යන්න පුළුවන් නම්. (ස)
නයා ඇදිල්ල නම් මරේ මරු. (නදී)
මම පුංචි කාලේ සරුංගල් හදල යවනවා වෙසක් කාලේට. නායක හාමුදුරුවොත් බලාගෙන ඉන්නවා. එක දවසක් දානේ වළඳන වෙලාවෙත් සරුංගල් උඩයවමින් ඉන්න කොට අපේ තවත් පන්සලක හාමුදුරු නමක් ආවා ඒ හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ට කිවුවා දානය වළඳන වෙලාවට පොඩ් උන්නාසෙලාට සෙලල්ම් කරන්න දෙන්න එපා කියල. පන්සලේ බෙලිගහක් තිබුණා. වෙසක් කාලේට සරුංගල් පහ හයක් එකේ පටලැවෙනවා. බෙලි ගහෙන් බේරිලා සරුංගලය උඩගියත් පොල්ගස්වලින් ගිනිකූරු ගස්වලින් බේරෙන්න බැහැ කොහොම හරි සරුගංලේ පටලැවෙනවා. ඊලග දවසට තව එකක් හදනවා. දැන් පංන්සලේ බෙලි ගහත් නැහැ ඉන්න පුංචි හාමුදුරුවරු සරුංගල් හදන්න දන්නෙත් නැහැ. ඒ දවස්වල ගමේ ළමයිත් සරුංගල් යවනවා දැන් ඒකත් නැහැ (අ)
චීන සරුංගල් වලින් මේ තාත්තාවයි පුතාවයි බේරගන්න කවුරු හරි බලධාරියෙක් නැද්ද. බලධාරීන් වෙනුවට බඩජාරින් ඉන්න නිසා ඊලග සරුංගල් වාරයට මේ පියපුතු දෙදෙනාගේ රස්සාව නැතිවෙනවා. ඒ සල්ලි ඔක්කම චීනයට යනවා. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)
ඔන්න මම නම් ඇරියේ නම් නයෙක් නෙමෙයි. මහා විශාල රොකට් සරුංගල් හදපු කළු සිරිසේන මේසන් බාස් තවමත් මෙහෙ හොඳින් ජීවත් වෙනවා. ඒ කාලේ ගෙදරට හොරෙන් මමත් වහලේ නැති ලොරියේ පිටිපස්සේ තට්ටුවේ එල්ලිලා ගියා තරගේ බලන්න. (නි)
පසුගිය මාසේ ලයිට් බිල බැලුවම මට මතක් වුණේ සරුංගල්. (නි)
සරුංගලයක් හදලා උඩ අරින විට ළමා මනසට පුදුම ප්‍රබෝධයක් එන්නේ. කරුමෙට ලෝකය උඩු යටිකුරු වෙලා අපේ ළමයින්ට එම ආස්වාදය අද විඳගන්න නොහැකි වෙලා.කුඩා කල සිටම මුදල් ඉපයීමට මනස හුරු කරලා. (නි)
ලස්සනයි නේද? (නි)
ලස්සනම ලස්සනයි. මට මගේ ළමා කාලේ මතක් වුණා. කොයිතරම් සුන්දරද ඒ කාලේ. (නි)
පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ.... (නි)
ඉස්සර ගාලුමුවදොර පවත්වපු සරුංගල් තරඟ වලට හැම වසරකම වගේ දිග රොකට් එකක් මගේ ගෙවල් පැත්තෙනුත් අරගෙන ගියා. ඒක කොච්චර දිගද කිව්වොත් යකඩ අදින වහලයක් නැති ලොරියකයි පටවාගෙන ගියේ. (නි)
අපේ රටේ උණ බටෙන් සරුංගල් හදන කාර්මිකයින් සිටිය දී පසු ගිය කාල වකවානු වලදී චීන සරුංගල් කන්ටේනර් පිටින් ලංකාවට ආවා.කොයි රටේ සරුන්ගල් ඇරියත් කමක් නැහැ. බැරිවෙලාවත්,මුහුදට නම් බහින්න එපා දරුවනේ... (දී)
සරුංගල් යවන පුංචි පුතා සතුටින් හිටියත් සරුංගල් හදන පුංචි පුතාට ඒ සතුට නැහැ වගෙයි. (නි)
අනිත් අයගේ බෙල්ලේ,බයිසිකල් හැඩල් වල නුල් එතී අනතුරු සිදුනොවන්න වග බලා ගන්න.(දී)
ඇතැම්විට සතුට පවා මුදල් දී ගත හැක..!! (නි)
දේශපාලනීකරණය නැත්නම් අපේ රට කොච්චර ලස්සන රටක්ද? (නි)
සුන්දර ළමා විය, නැවත මතක් වෙනවා. ස්තුතී පුවත සහ රුප වලට (අ)
ඉස්සර සරුංගලයක්, වෙසක් කුඩුවක් හදාගත්තේ අපිම තමයි. දැන් සල්ලිවලට ගන්නවා. ළමයින්ගේ ඒ නිර්මාණ දක්ෂතා අද නැතිව ගිහින්. ටිෂු කොළවලට ඉස්සර අපි කියන්නේ සිංහලෙන් සව් කොළ කියල. ඒ වචනෙම ලස්සනක් තියෙනවා,,,,(දී)
යවපු නයා කොහොමද? (දී)
ලස්සනයි....!! (නි)
මොන සරුන්ගල්ද අනේ? අරහේ පාසල් දරුවෝ අමු අමුවේ වෙඩි තියලා මරා දානවා , තරහකට එහෙම නෙමෙයි හිතේ දුකට මේ ලිවුවේ (නි)
ලස්සනයි දකින්නට . මටත් මගේ කුඩාකාලය මතක් වුණා. අපි සරුංගල් හදලා යවන්නේ වෙසක් වලටයි ,පොසොන් වලටයි. ඒ මොකද? ඒ කාලයට හොඳට සුළඟ තිබෙනවා. අනුරාධපුරයේ හොඳම සරුංගලය හැදුවේ දර්මේ මාමා. (නි)
ගාලු මුවදොරෙ නිල් අහස් කුස සරුංගල් යවන්න පාවිච්චි කරනවට ලබන වසරේ සිට බද්දක් අය කරගනීවි සමහරවිට. දැනට නොමිලේ යවන්න පුළුවන් සරුංගල් විතරනේ! (නි)