නඩුවකට සම්බන්ධ ඔප්පුවක කූට ලේඛනයක් සැකසීමට ව්‍යාපාරික ශාන්ත බණ්ඩාරගෙන් රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා පසුගියදා කොහුවලදී රුපියල් ලක්ෂ 25 ක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ධම්මික ගුණතිලක ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.
ගුණතිලක නාරාහේන්පිට සිට අම්පාරට මාරු කරනු ලැබ සිටියේය. ඔහු මෙම සිද්ධියට හවුල් යැයි මීට කලින් අත්අඩංගුවට ගත් අපරාධ අංශයේ ස්ථානාධිපති කියා තිබූ බව අල්ලස් කොමිසම කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd