නඩුවකට සම්බන්ධ ඔප්පුවක කූට ලේඛනයක් සැකසීමට ව්‍යාපාරික ශාන්ත බණ්ඩාරගෙන් රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා පසුගියදා කොහුවලදී රුපියල් ලක්ෂ 25 ක් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාරාහෙන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ධම්මික ගුණතිලක අද (7) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
පසුගියදා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා නියෝග කළ අතර බන්ධනාගාර පොලිසියේ සිට ඔහු අධිකරණයට රැගෙන ආ අතර ගුණතිලක නාරාහේන්පිට සිට අම්පාරට මාරු කරනු ලැබ සිටියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd