නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ජී යූ ඩී ගුණතිලක වහා ක්‍රියාත්මක වන පරිදි අම්පාර පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කරනු ලැබීය.
එම විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා පෙරදින (01) රාත්‍රී නිකුත් කළේය.
ව්‍යාජ ලියැවිල්ලක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගත්තැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සිරි සුගතපාල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව කොමිසම පසුගිය දා අධිකරණයට දැන්වීය.
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලෙස බලංගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් පී ජී ප්‍රසන්න මහතා පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
262
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාරාහේන්පිට ඕඅයිසී අම්පාරට මාරු
නිමල් Wednesday, 02 December 2015 06:09 AM
ලංකාවේ සියලුම ඕඅයිසීලා යමලොකෙට මාරුකරන්න වෙනවා. (ස)
ප්‍රදීප් Wednesday, 02 December 2015 06:29 AM
ආම්පාරෙ මිනිස්සු නෙවෙයිද ඉන්න ඔය මිනිස්සු අම්පාරට ගිහිනුත් ඕකමනේ කරන්නේ (බ)
ඉසුරන්දි Wednesday, 02 December 2015 07:17 AM
හරිනම් වැඩ තහනමකට ලක් කරන්න ඕනේ මේවල සුලමුල ස්ථිර කරගන්නකම්. (ස)
ජේ.පී. සුනිල් Wednesday, 02 December 2015 03:26 AM
අම්පාරට නෙමෙයි යමලෝකෙට යැව්වත් ඕඅයිසී ඕඅයිසී තමයි (බ)
වසන්ජය Wednesday, 02 December 2015 10:31 PM
ඉසුරන්දි, ඔබ හරි (නි)