නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ජී යූ ඩී ගුණතිලක වහා ක්‍රියාත්මක වන පරිදි අම්පාර පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කරනු ලැබීය.
එම විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා පෙරදින (01) රාත්‍රී නිකුත් කළේය.
ව්‍යාජ ලියැවිල්ලක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගත්තැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සිරි සුගතපාල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව කොමිසම පසුගිය දා අධිකරණයට දැන්වීය.
නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලෙස බලංගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් පී ජී ප්‍රසන්න මහතා පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියලුම ඕඅයිසීලා යමලොකෙට මාරුකරන්න වෙනවා. (ස)
ආම්පාරෙ මිනිස්සු නෙවෙයිද ඉන්න ඔය මිනිස්සු අම්පාරට ගිහිනුත් ඕකමනේ කරන්නේ (බ)
හරිනම් වැඩ තහනමකට ලක් කරන්න ඕනේ මේවල සුලමුල ස්ථිර කරගන්නකම්. (ස)
අම්පාරට නෙමෙයි යමලෝකෙට යැව්වත් ඕඅයිසී ඕඅයිසී තමයි (බ)
ඉසුරන්දි, ඔබ හරි (නි)