නිර්වින්දන වෛද්‍යවරුන්ගේ වාර්ෂික සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දී අද (05) පෙරවරුවේ පැවැත්විණි. Critical Care.lk වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබීය.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා , විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය ශිරානී හපුආරච්චි, වෛද්‍ය අජන්තා පෙරේරා, වෛද්‍ය විනෝදනී වනිගසේකර, වෛද්‍ය බිමල් කුඩාවිදානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු විශාල පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෛද්‍යවරයෙකුගේ වටිනාකම තේරෙන්න මැදපෙරදිගට එන්නම ඕනෑ.මට නම් ලංකාවේ වෛද්‍යවරු පේන්නේ මිහිපිට ජීවත්වන දෙවිවරු හැටියටයි. (නි)
මෙවන් කටයුතු දිගින් දිගටම සිදුකරන්නට ශක්තිය ලැබේවා! (නි)
ජනාධිපතිතුමා ගෙන්වපු එක හොඳයි. (නි)
අපේ රටේ වෙවද්‍යවරුන් හැරෙන්නට මටත් වෙන රටක වෛද්‍යවරුන් ගැන කිසිදු විශ්වාසයක් නැහැ (නි)
ඉතා හොඳයි (නි)
නිර්වින්දන වෛද්‍යවරුන් සඳහා ලොව විශාල ඉල්ලුමක් තිබේ .විශාල වැටුපක් ගෙවයි .එවන් වරප්‍රසාද අමතක කර තම රටට සේවය කරන මොවුන් අපි අගය කළ යුතුයි (ම)
ලොක්ක හිතන් ඉන්නේ සන්ධානෙට ඡන්දෙ දීපු ලක්ෂ 47 ක් නිර්වින්දනය කළා කියල..ලොක්කට වැරදිලා..අපි හොද සිහියෙන්..(බ)
අපිත් දැන් ඉන්නේ නිකන් නිර්වින්දනය වෙලා වගෙයි (නි)
ජයවේවා ජනපතිතුමනි! (නි)
ඔබ යන තැන කිරි ඉතිරේවා! (නි)
නිරෝගී ජනතාවගෙන් පිරුණ රටක් මතු අනාගතයේදී ඇති වේවා! (නි) (නි)
ජනපතිතුමාට ජය ශ්‍රී! (නි)
ඔබට සුබ ගමනකට ආසිරි! (නි)
සියළු කටයුතු සාර්ථක වේවා කියා මමත් පතනවා (නි)